IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ඇඟලුම් කර්මාන්තයෙන් ඩොලර් බිලියන 8 ක් ඉපයීමේ සුදානමක්

ගිය වසරේ ඇඟලුම් කර්මාන්තයෙන් ඩොලර් බිලියන 5.05ක් උපයලා
මේ වසරේ ඉලක්කය සපුරාගැනීමට රාජ්‍ය, පෞද්ගලික ශ්‍රමබළකාය සාමුහිකව කටයුතු කළ යුතුයි
ස්ථාවර ප්‍රතිපත්ති, යටිතල පහසුකම් ඇතිකිරීමට රජය සූදානම්
දැනට සිටින ශ්‍රමබළකාය 3,50,000ක්


විමුක්ති එස් රුද්‍රිගු


පසුගිය වසරේ මෙරට ඇමෙරිකානු ඩොලර් බිලියන 16.17 ක් වූ අපනයන ආදායමෙන් සියයට 31කට වැඩි ප්‍රතිශතයක් එනම් ඩොලර් බිලියන 5.05 ක් උපයා දෙමින් ඇඟලු‍ම් කර්මාන්තය ඉතා වැදගත් කාර්ය භාර්යයක් ඉටුකර ඇතැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පෙරේදා (27) ප්‍රකාශ කළාය.

ඇඟලු‍ම් කර්මාන්තය මෙම වසරේ අපනයන ආදායමට ඇමෙරිකානු ඩොලර් බිලියන 8 කින් දායක වීමට අභිලාශකාමී ඉලක්කයක් ඇතිකර ගෙන තිබෙන බවත් ඩොලර් බිලියන 8ක ඉලක්කය අභිලාශකාමී යැයි හැඟු‍නත් එය යථාර්ථයක් කර ගැනීමට හැකියාව පවතින බවත් ඇය පැවැසුවාය. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා රජය, පෞද්ගලික අංශය සහ ශ්‍රම බළකාය සාමූහිකව කටයුතු කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

ස්ථාවර ප්‍රතිපත්ති, යටිතල පහසුකම් සහ ඇඟලු‍ම් කර්මාන්තයට සුදුසු ව්‍යාපාර වටපිටාවක් ඇති කරමින් ඇඟලු‍ම් කර්මාන්තයේ ඩොලර් බිලියන 8ක ඉලක්කය සපුරා ගැනීම සඳහා සහාය වීමට රජය කැපවී සිටින බවත් අග්‍රාමාත්‍යවරිය පැවැසුවාය. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා අභියෝග ජයගැනීමට මෙන්ම නව අවස්ථා ග්‍රහණය කර ගැනීමට හැකිවන පරිද්දෙන් ශ්‍රම බළකාය ශක්තිමත් කිරීම, තිරසරභාවය සහ නවෝත්පාදනය ඉතා වැදගත් බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

රී ලංකා ඇඟලු‍ම් අපනයන සංගමයේ 42 වැනි මහා සභා රැස්වීමට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙම අදහස් පළ කළාය.

මෙරට ඇඟලු‍ම් අපනයන අංශයෙන් සියයට 70 නියෝජනය කරන ශ්‍රී ලංකා ඇඟලු‍ම් අපනයන සංගමයට රජයේ සහාය හිමිවන බවත් කාන්තා බහුතර නියෝජනයක් සහිත 350,000 ශ්‍රම බළකාය මෙරට ඇඟලු‍ම් අපනයන අංශයේ කොඳු නාරටිය බවත් ඇය පැවැසුවාය. ඇඟලු‍ම් සේවිකාවන් වචනයට සීමා වූ සේවිකාවන් නොවන බවත් ඔවුන් පවුල්වල වෙනස්කම් ඇති කරන්නන් බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය. 



අදහස් (1)

ඇඟලුම් කර්මාන්තයෙන් ඩොලර් බිලියන 8 ක් ඉපයීමේ සුදානමක්

Harimanis Thursday, 30 January 2025 02:08 PM

ප්‍රේමදාස මහත්තයාට ජයවේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

දිගුකාලීන ආර්ථික වර්ධනයකට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අවශ්‍යයි
2025 මැයි මස 06 62 0

කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට


ලංකාවේ ආයෝජනයට වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරියුම්
2025 මැයි මස 06 119 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී


අප්‍රේල් මාසයේදී මහ බැංකුව ඩො.මි. 160 ක් මිලට අරන්
2025 මැයි මස 06 187 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ


කොටස් ගනුදෙනු අද පැය තුනකට පමණයි
2025 මැයි මස 06 26 0

අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන


එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග හවුල්කාරීත්වය දීර්ඝ කරයි
2025 මැයි මස 06 33 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව


හේලීස් රු.බි. 7ක ණයකර නිකුතුවට අධිදායකත්වයක්
2025 මැයි මස 06 28 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1210 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 301 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1335 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site