IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඇක්සස් ඉන්ජිනියරින් ඩො.මි. 19කට හාබර් විලේජ් තමන් සතු කර ගනී

 


භානුක අමරසිංහ


මෙරට ප්‍රමුඛතම ඉදිකිරීම් සමාගමක් වන ඇක්සස් ඉන්ජිනියරින් පීඑල්සී සමාගම කොළඹ පිහිටි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන  ‘’Marina Square – Uptown Colombo’ අයත් හාබර් විලේජ් (පෞද්) සමාගමේ කොටස් මිලියන 95.87ක් මිලදී ගැනීමට පියවර ගත් බව පවසයි. ඊයේ (04) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් සමාගම මේ පිළිබඳව අනාවරණය කර තිබේ. 

මෙම කොටස් ප්‍රමාණය හාබර් විලේජ් (පෞද්) සමාගම නිකුත් කර ඇති කොටස් අතරින් සියයට 33.33ක ප්‍රතිශතයකි. මෙම ගනුදෙනුවේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 19ක් ලෙසත් සටහන්ව තිබේ. 

මෙම හාබර් විලේජ් (පෞද්) සමාගම ඇක්සස් ඉන්ජිනියරින් පීඑල්සී, චයිනා හාබර් ඉන්ජිනියරින්ග් කම්පැනි ලංකා ලිමිටඩ් (කොළඹ වරාය නගරය ඉදිකළ චීනයේ චයිනා හාබර් ඉංජිනියරින්ග් කම්පැනි සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත සමාගමකි) සහ සිංගප්පූරු සමාගමක් වන Mustafa’s Pte Ltd.  යන සමාගම්වල සම කොටස් හිමිකාරීත්වයෙන් ස්ථාපිත කරවූවකි.

ඒ අනුව මෙම මිලදී ගැනීම සිදු කරන අවස්ථාව වනවිටත් හාබර් හාබර් විලේජ් (පෞද්) සමාගම තුළ ඇක්සස් ඉන්ජිනියරින්ග් පීඑල්සී සමාගම සතුව සියයට 66.67ක කොටස් හිමිකාරීත්වයක් පැවැති අතර, එය එම සමාගමේ පරිපාලිත සමාගමක් ලෙසද පැවැතියකි. ඒ අනුව මෙම අත්පත් කරගැනීමත් සමගින්ම එය ඇක්සස් ඉන්ජිනියරින් පීඑල්සී සමාගමේ සියයට 100ක පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් බවට පත්ව තිබේ.

අංක 567, ශ්‍රීමත් රාමනාදන් මාවත, කොළඹ යන ස්ථානයේ පිහිටි මෙම  ’Marina Square – Uptown Colombo’ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ඉහළ-මැද පන්තියට සහ වෘත්තිකයන් ඉලක්ක කරගනිමින් සැලසුම් කර ඇතැයි සඳහන් වෙයි. එහි පවතින නිවාස ඒකක ගණන 1088 කි. 



අදහස් (0)

ඇක්සස් ඉන්ජිනියරින් ඩො.මි. 19කට හාබර් විලේජ් තමන් සතු කර ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2004 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1557 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site