IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ආර්පිකෝ රක්ෂණ සමාගමට රු.මි.235 ක බදු පසු ලාබයක්

ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම සමාගම් සමූහයක් වන රිචඩ් පීරිස් සහ සමාගමේ අනුබද්ධිත රක්ෂණ ආයතනය වන ආර්පිකෝ රක්ෂණ සමාගම, 2024 වසර සඳහා රුපියල් මිලියන 235 ක බදු පසු ලාබයක් (PAT) වාර්තා කරමින් පෙර වසරට සාපේක්ෂව කැපී පෙනෙන ප්‍රගතියක් වාර්තා කර ඇත.

මෙම ලාබදායිත්වයේ වර්ධනයට ඍජුවම හේතු වී ඇත්තේ, ආර්පිකෝ රක්ෂණ සමාගමේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී, ආචාර්ය කැලු‍ම් සේනානායක මහතාගේ නායකත්වය යටතේ, දක්ෂ විකුණුම් බලකාය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේම සාමූහික කැපවීමයි. මෙම සාමූහික ප්‍රයත්නය, පුළුල් අත්දැකීම් සහ නිපුණත්වයකින් යුත් ප්‍රමුඛ වෘත්තිකයන් වන රමල් ජාසිංහ (සභාපති), ශිරෝන් ගුණරත්න, ආචාර්ය කැලු‍ම් සේනානායක, යූඩි කනගසබෙයි සහ රොහාන් මුත්තයියා යන මහත්වරුන්ගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයේ දූරදර්ශී මගපෙන්වීම සහ විශේෂඥ දැනුම මගින් තවදුරටත් ශක්තිමත් විය.

මෙම ජයග්‍රහණය සමාගමේ ස්ථාවරත්වය, සලසුම්සහගත බව සහ ඕනෑම අභියෝගයක් හමුවේ සිය ඉලක්ක සපුරා ගැනීමට ඇති නොසැලෙන කැපවීම අවධාරණය කරයි. ජයග්‍රහණය කරා වූ ගමන දුෂ්කර වූ අතර, රක්ෂණ ව්‍යාපාරයක සාර්ථකත්වයට අත්‍යවශ්‍ය වන තීරණාත්මක නිර්ණායක කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට සමාගම විසින් ගත් තීරණයෙහි ප්‍රතිඵලයක් ලෙස අඛණ්ඩව වෙනස් වන වෙළෙඳපාළේ විශිෂ්ට කාර්ය සාධනයක් ළඟා කර ගැනීමට සමාගමට හැකි විය. මෙවැනි විශාල ප්‍රගතියක් ලබා ගැනීමට සමාගමට ඇති හැකියාව, එහි ශක්තිමත් නායකත්වය, කැපවූ කාර්ය මණ්ඩලය සහ සමාගම කෙරෙහි පාරිභෝගිකයන්ගේ ඇති විශ්වාසය පිළිබිඹු කරන සාක්ෂියකි.

“අපි මෙම ජයග්‍රහණය පිළිබඳව අතිශයින් සතුටු වන අතර, සාර්ථකත්වය කරා වූ ගමන අඛණ්ඩ එකක් බව අවබෝධ කරගන්නෙමු,”‍ යනුවෙන් ආර්පිකෝ රක්ෂණ සමාගමේ සභාපති, රමල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය. “අභියෝගාත්මක පරිසරයක් තුළ මෙවැනි ධනාත්මක ප්‍රතිඵල ලබා දීමට, විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු අපගේ සමාගමේ සාමාජිකයන්ගේ හැකියාව, අපගේ උපායමාර්ගික ක්‍රමවේදවල ශක්තිය සහ සමස්ත කණ්ඩායමේ කැපවීම් හේතු සාධක විය. මෙම ජයග්‍රහණය, අපගේ පාරිභෝගිකයන්ගේ නොසැලෙන විශ්වාසය සහ අප කණ්ඩායමේ හැකියාවේ මනා පිළිබිඹුවකි,”‍ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

ආර්පිකෝ රක්ෂණ සමාගමේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී, ආචාර්ය කැලු‍ම් සේනානායක මහතා අවධාරණය කළේ, “මෙම ජයග්‍රහණය හොඳින් සැලසුම් කළ උපායමාර්ගික ක්‍රමවේදවල සහ කැපවීම මෙන්ම අපගේ පාරිභෝගිකයන් අප කෙරෙහි තැබූ විශ්වාසයේ ප්‍රතිඵලයක්”‍ බවයි. “තිරසාර වර්ධනය සහ කාර්යක්ෂමතාව කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරමින්, සැලසුම්සහගත පියවර සමගින් බොහෝ බාධක ජය ගනිමින් අපි ගමන් කර ඇත්තෙමු,”‍ ඔහු වැඩිදුරටත් පැවසීය. 

“මෙම කාර්ය සාධනය හුදෙක් සංඛ්‍යාවක් පමණක් නොවේ. එය අපගේ ආයෝජකයන්ට වටිනාකමක් ලබා දීමට සහ ඔවුන්ගේ ප්‍රතිලාභ උපරිම කිරීමට අපගේ කැපවීම පිළිබිඹු කරන අතර, අපගේ සියලු‍ම පාරිභෝගිකයන්ගේ මූල්‍ය සුරක්ෂිතභාවය තහවුරු කරයි. අපහසුතා මධ්‍යයේ වුවද රුපියල් මිලියන 235 ක බදු පසු ලාබයක් වාර්තා කිරීම කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරන අතර, එය ශ්‍රී ලංකා රක්ෂණ කර්මාන්තයේ ස්ථාවර සමාගමක් ලෙස ආර්පිකෝ රක්ෂණ සමාගමේ ස්ථානය තහවුරු කරයි,”‍ යනුවෙන් විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා තවදුරටත් පැවසීය.

ආර්පිකෝ රක්ෂණ සමාගම සිය ගනුදෙනුකරුවන්ට, සේවකයන්ට සහ සියලු‍ පාර්ශ්වකරුවන්ට, සමාගම මත තැබූ විශ්වාසය වෙනුවෙන් අවංක කෘතඥතාව පළ කරයි. සමාගම සියලු‍ මෙහෙයුම්වලදී ඉහළම මට්ටමේ අවංකභාවයක් සහ විනිවිදභාවයක් පවත්වා ගැනීමට කැපවී සිටින අතර, ලංකාවේ ආර්ථික වර්ධනයට හා ස්ථාවරත්වයට දායක වෙමින්, තිරසාර වර්ධනය සහ ව්‍යාපාර සාර්ථකත්වය කෙරෙහි ඉදිරියටත් අඛණ්ඩව අවධානය යොමු කරනු ඇත.

 



අදහස් (0)

ආර්පිකෝ රක්ෂණ සමාගමට රු.මි.235 ක බදු පසු ලාබයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17657 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site