IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ආර්ථිකය පිළිබඳ ව්‍යාපාරික විශ්වාසයේ පහළයමක්


ව්‍යාපාරික ප්‍රජාව තුළ පසුගිය මැයි මාසයේදී මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් තිබූ සුබවාදී අදහස් බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් පහව ගොස් ඇති බවත් නැවතත් ජූනි මාසයේදී මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාව දරන අදහස් වෙනස් වී ඇති බවත් මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපරික සඟරාවක් වන එල්.එම්.ඩී ජූලි සංස්කරණය පවසයි.

එල්.එම්.ඩී සඟරාව පෙන්වා දෙන්නේ ජූනි මාසයේ පළමු වැනි සතියේදී සිදුකළ ව්‍යාපාර විශ්වාසනීය දර්ශක සමීක්ෂණයේදී මෙරට ආර්ථිකය ඉදිරි මාස 12 ක කාලයේදී ආර්ථිකයේ ප්‍රගතියක් පෙන්නුම් කරනු ඇති බව සුබවාදී අදහස් පළකළ ප්‍රතිශතය සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙන බවයි.

පසුගිය මැයි මාසයේදී ඉදිරි මාස 12 දී මෙරට ආර්ථිකයේ ප්‍රගතියක් පෙන්නුම් කරනු ඇති බවට සුබවාදී අදහස් පළකළ ප්‍රතිශතය සියයට 76 ක් වී ඇති බවත් එය ජූනි මාසයේදී සියයට 56 දක්වා සියයට 20 ක සැලකිය යුතු ප්‍රතිශතයකින් පහළ වැටී තිබෙන බවත් එල්.එම්.ඩී සඟරාව පෙන්වා දුන්නේය.

මෙරට ආර්ථිකය වර්තමානයේ පවතින මට්ටමේම ඉදිරි මාස 12දී නොවෙනස්ව පවතිනු ඇතැයි විශ්වාස කරන පිරිස ජූනි සමීක්ෂණයේදී සියයට 37 දක්වා වර්ධනය වී තිබෙන බවත් මැයි මසට සාපේක්ෂව එය සියයට 20 ක පමණ වර්ධනයක් බවත් එල්.එම්.ඩී සඟරාව ප්‍රකාශ කළේය. එසේම සියයට 7 ක ප්‍රතිශතයක් ඉදිරි මාස 12 ක කාලයේදී ආර්ථිකය නරක අතට හැරෙනු ඇතැයි විශ්වාස කරන බවද එම සඟරාව පැවැසුවේය.

කෙසේ නමුත් ඉදිරි මාස 12දී සිය විකුණුම් පරිමාව ඉහළ යනු ඇති බවට සුබවාදී අදහස් පළකරන අලෙවි නිලධාරීන් පිරිස සියයට 83 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එය පසුගිය මැයි මාසයට සාපේක්ෂව සියයට 9 ක වර්ධනයක් බවත් එම සඟරාව පෙන්වා දුන්නේය. මාර්තු මාසයේ සිට මාස තුනක අඛණ්ඩ පහළ යෑමකට පසුව පසුගිය ජුනි මාසයේදී සිය විකුණුම් පරිමාව පිළිබඳව අලෙවි නිලධාරීන් දරන සුබවාදී අදහස් මෙලෙස ඉහළ ගොස් තිබෙන බවද එල්.එම්.ඩී සඟරාව ප්‍රකාශ කළේය.

එසේම සියයට 16 ක් සිය විකුණුම් පරිමාව නොවෙනස්ව පවතිනු ඇතැයි විශ්වාස කරන බවත් එය පසුගිය මැයි මාසයට සාපේක්ෂව සියයට 8 ක පහළ 

යාමක් බවත් එම සඟරාව පෙන්වා දුන්නේය. එසේම සහභාගීවූ අයගෙන් සියයට 69 ක ප්‍රතිශතයක් පසුගිය මාසවලදී සිය විකුණුම් පරිමාව ඉහළ ගිය බවට ප්‍රකාශ කළ බවත් එය මැයි මාසයට සාපේක්ෂව සියයට 3 ක ඉහළ යාමක් බවත් එල්.එම්.ඩී සඟරාව ප්‍රකාශ කළේය.



අදහස් (0)

ආර්ථිකය පිළිබඳ ව්‍යාපාරික විශ්වාසයේ පහළයමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1528 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site