IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ආර්ථිකය පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ඉහළට

ව්‍යාපාරික ක්‍රියාකාරකම් ඉහළ යාම මධ්‍යයේ මෙරට ආර්ථිකය පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව තුළ තිබෙන ශුහවාදී බව, මාස හයකින් වාර්තා වූ ඉහළම අගය පසුගිය මාර්තු මාසයේදී වාර්තා කර ඇතැයි එල්.එම්.ඩී ව්‍යාපාරික සඟරාව පවසයි.

මෙරට ව්‍යාපාරිකයන් රටේ ආර්ථික දැක්ම පිළිබඳව දරණ මතයේ සැලකිය යුතු වෙනසක් දක්නට ඇති බවත් එය පෙපර් කියුබ් ව්‍යාපාර විශ්වාසනීය දර්ශකය මාස හයකින් වාර්තා කළ ඉහළම අගය මාර්තු මාසයේදී වාර්තා කිරීමට හේතුවක් වී ඇති බවත් පෙපර්කියුබ් උපදේශකයන් පැවැසුවේය. සිය විකුණුම් පරිමාව සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇති බව මෙන්ම ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ යනු ඇති බවට මෙරට ව්‍යාපරික ප්‍රජාව කර ඇති පුරෝකථන ඉන් පිළිබිඹු වන බව පෙපර්කියුබ් උපදේශකයන් ප්‍රකාශ කළේය.

එල්.එම්.ඩී යනු මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන අතර එහි ප්‍රකාශකයකු අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙරට සමාගම් විශාල ප්‍රමාණයක් ව්‍යාපාර සඳහා ධනාත්මක, වර්ධනයට නැඹුරු ප්‍රවේශයක් පවත්වා ගෙනයන බවයි. එසේම පෙපර්කියුබ් උපදේශකයන් ප්‍රකාශ කර සිටියේ රටේ ආර්ථිකය පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව දරණ ශුභවාදී මතය මෙරට ආර්ථිකයට තිබෙන ඔරොත්තු දීමේ හැකියාව තවත් ශක්තිමත් කරන බවයි. පසුගිය මාර්තු මුල් සතියේදී පෙපර් කියුබ් ව්‍යාපාර විශ්වාසනීය දර්ශක සමීක්ෂණයට සහභාගී වූ පුද්ගලයන්ගෙන් සියයට 73 ක් ඉදිරි මාස 12 තුළ මෙරට ආර්ථිකය තවත් යහපත් අතට හැරෙනු ඇතැයි විශ්වාසය පළකළ බව එල්.එම්.ඩී ව්‍යාපාරික සඟරාව ප්‍රකාශ කළේය. පසුගිය පෙබරවාරි මාසය සමග සංසන්දනය කරන විට එය සියයට 9 ක සතුටුදායක ඉහළ යාමක් බවද එල්.එම්.ඩී සඟරාව පැවැසුවේය.

සමීක්ෂණයට සහභාගී වූ අලෙවිකරණ විධායක නිලධාරීන්ගෙන් සියයට 84 ක් මීළඟ මාස 12 තුළදී ඔවුන්ගේ විකුණුම් පරිමාවේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේ යැයි එල්.එම්.ඩී සඟරාව සඳහන් කළේය. මෙය පෙබරවාරි මාසය සමග සංසන්දනය කර විට සියයට 6 ක පහළ යාමකි. 

 



අදහස් (0)

ආර්ථිකය පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 90 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site