IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ආර්ථිකයේ දිනාගත යුතු ඉලක්ක සනිටුහන් වේ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසරේ සියයට පහක වර්ධනයක් සනිටුහන් කරගෙන තිබේ. එය ගැන දක්වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුගිය වසර ගණන තුළ සිදු වූ පරිහානියෙන් හරි අඩක් ආවරණය කරගෙන ඇති බව දක්වයි. කෙසේ වෙතත් තවදුරටත් දිනාගත යුතු ඉලක්ක ගණනාවක් පවතින බව අරමුදලේ විශේෂඥයෝ දක්වති. මේ අතර රථ වාහන ආනයනයට අවසර නිකුත් කිරීමෙන් පසු ගතවූ දින කිහිපය අවසානයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 207 ක ණයවර ලිපි නිකුත් කර ඇති බව දැක්වේ. මුල්‍ය අරමුදලේ අදහස පරිදි රටට අවශ්‍ය බදු ආදායම සාක්ෂාත් කරගැනීම සඳහා වාහන ආනයනයට ඉඩ දිය යුතු බව අවධාරණය කර තිබුණි. කෙසේ වෙතත් වාහන ආනයනයේ දී අයකරන අධික බදු ප්‍රතිශත හේතුකොටගෙන සැලසුම් කරන ලද පරිදි වාහන ගෙන්වන උනන්දුවක් නිර්මාණය නොවූ අතර එය බදු ආදායම සීමා කරන්නට ද බලපා ඇත. විනිමය නිදහස් කිරීම ඉදිරියේ රුපියලේ අගය ඉතාම සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබේ. ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 296.45 ක සීමාවේ විය. 

පසුගිය සිකුරාදා (මාර්තු 21) ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,897.33 තෙක් ඉහළ ගිය අතර එය දර්ශක 216.40 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,766.57 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 66.43 ක දියුණුවීමක් සේ දැක්විය හැකිය.

රීල් රු. මිලියන 108 ක් වශයෙන් සිකුරාදා දිනයේ පිරිවැටුමකට වාර්තාගත දායකත්වයක් දැක්වීය. සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් රු. මිලියන 163 ක්, සම්පත් රු. මිලියන 97 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 71 ක්, හේමාස් හෝල්ඩිං රු. මිලියන 62 ක්, එල්.ඕ.එල්.සී. රු. මිලියන 62 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 49 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 47 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 43 ක්, පෑන් ඒෂියා රු. මිලියන 34 ක්, සහ හේලීස් රු. මිලියන 30 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සෙසු සමාගම් අතර තිබුණි. 

නිරීක්ෂක



අදහස් (0)

ආර්ථිකයේ දිනාගත යුතු ඉලක්ක සනිටුහන් වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 206 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site