IMG-LOGO

2025 ජුනි මස 07 වන සෙනසුරාදා


ආර්ථික සහයෝගීතාවට චීන ව්‍යාපාර ප්‍රජාව කැමැත්තෙන්

පසුගිය වසරේ චීන - ශ්‍රී ලංකා ද්වී පාර්ශ්වික වෙ​ෙළඳාමේ වටිනාකම ඩො. බි.1.26 ක්
මෙරටට ආනයනය කළ චීන ඇඟලු‍ම් හා රෙදිපිළි නිෂ්පාදන වටිනාකම ඩො. බි.1.13 ක්
දෙරට අතර කෘෂි කර්මාන්ත අංශයෙන් ද්විපාර්ශ්වික වෙළෙඳාම ඩො. මි. 250ක්
පසුගිය වසරේදී චීනය ඩො.මි. 57.59 ක කළු තේ ලංකාවෙන් ආනයනය කරලා


විමුක්ති එස් රුද්‍රිගු


එක් මාවතක් එක් තීරයක් මුලපිරීම යටතේ යන්ත්‍රෝපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ, කෘෂිකර්මාන්තය, ආහාර ද්‍රව්‍ය, රෙදිපිළි සහ ඇඟලු‍ම්, පෞද්ගලික අංශයේ ආයෝජන වැනි විවිධ අංශ ඔස්සේ ශ්‍රී ලංකාව සමග ආර්ථික සහයෝගීතාවක් ගොඩනගා ගැනීමට චීන ව්‍යාපාර ප්‍රජාව කැමැත්තෙන් සිටින බව එරට ප්‍රධාන වාණිජ මණ්ඩල හතරක් පසුගියදා සඳහන් කළේය.
එහිදී අදහස් දක්වමින් පෞද්ගලික අංශය සඳහා වන චීන ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ උප සභාපති යෑන් ගඔමින්ග් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති සහයෝගීතාව නව මට්ටමකට ගෙන ඒම සඳහා පියවර තුනක් යෝජනා කරන බවත් ඉන් එක් පියවරක් ශ්‍රී ලංකා සහ චීනය අතර වෙළෙඳ ගිවිසුම ඉතා ඉක්මනින් අවසන් කිරීම බවත්ය.
චීන - ශ්‍රී ලංකා ගිවිසුම කඩිනමින් අවසන් කිරීමෙන් දෙරට අතර වෙළෙඳාම ඉහළ නංවා ගැනීම සඳහා තිබෙන තීරු බදු බාධක ඉවත්කර ගැනීමටත්, වෙළෙඳ සේවා අංශය සඳහා වෙළෙඳපොළ ප්‍රවේශය ඉහළ නංවා ගැනීමටත් අවස්ථාව ලැබෙන බව ගඕමින්ග් මහතා පැවැසුවේය. එසේම දෙරටේ ව්‍යාපාර සඳහා විවෘත වේදිකාවක් ස්ථාපනය කිරීමටත් ඉන් හැකියාව ලැබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
දෙවැනි පියවර ලෙස ශ්‍රී ලංකාව කොළඹ සහ හම්බන්තොට ඇතුළු අනෙකුත් උපාය මාර්ගික ප්‍රදේශවල කර්මාන්ත පුරවර ඉදිකළ යුතු බවත් එලෙස පිහිටුවන කර්මාන්ත පුරවර, නිෂ්පාදන කටයුතු සඳහා විශාල වශයෙන් මිනිස් ශ්‍රමය මත යැපෙන මෝටර් රථ අමතර කොටස්, රෙදිපිළි හා ඇඟලු‍ම්, කෘෂි කාර්මාන්තය වැනි මෙරට කාර්මීකරණයට සහාය වන කර්මාන්ත පිළිබඳව අවධානය යොමුකළ යුතු බවත් ඔහු පැවැසුවේය.
තෙවැනි පියවර ලෙස යටිතල පහසුකම් සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම සඳහා චීනය සහ ශ්‍රී ලංකාව “ණය + ආයෝජන + ඉදිකිරීම්” යන අංශ තුනම ඇතුළත් ඒකාබද්ධ ආකෘතියක් ගවේෂණය කළ යුතු බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ගඕමින්ග් මහතා ප්‍රකාශ කළේය.  
එහිදී අදහස් දක්වමින් චීන රෙදිපිළි ආනයන හා අපනයන වාණිජ මණ්ඩලයේ උප සභාපති ෂැන්ග් ෂි මහතා ප්‍රකාශ කර සිටියේ පසුගිය වසරේ චීන - ශ්‍රී ලංකා ද්වී පාර්ශ්වික වෙළඳාමේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.26 ක් බවත් එය 2023 වසරට සාපේක්ෂව සියයට 16.6 ක ඉහළ යාමක් බවත්ය. ඉන් පසුගිය වසරේදී මෙරටට ආනයනය කළ චීන ඇඟලු‍ම් හා රෙදිපිළි නිෂ්පාදන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.13 ක් බවත් එය 2023 වසරට සාපේක්ෂව සියයට 16.8 ක ඉහළ යාමක් බවත් ඔහු පැවැසුවේය.
එසේම ශ්‍රී ලංකාව චීනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 3.8 ක රෙදිපිළි නිෂ්පාදන අපනයනය කර තිබෙන බවත් එය 2023 වසර සාපේක්ෂව සියයට 113 ක වර්ධනයක් බවත් ඔහු ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් සඳහා ශක්තිමත් කාර්මික පදනමක් තිබෙන බවත් විශේෂයෙන් යුරෝපා සංගමයට සිදුකරන අපනයනයන්ගෙන් සියයට 85 කට තීරු බදු නිදහස් කිරීම් ලැබෙන බවත්ය.
එහිදී අදහස් දක්වමින් චීන ආහාර ද්‍රව්‍ය, දේශීය නිෂ්පාදන සහ සත්ව අතුරු නිෂ්පාදන ආනයන හා අපනයන වාණිජ මණ්ඩලයේ සභාපති කාඕ ඩෙරොන්ග් මහතා ප්‍රකාශ කර සිටියේ දෙරට අතර කෘෂි කර්මාන්ත අංශයෙන් පසුගිය වසරේ ද්වි පාර්ශ්වික වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් මිලියන 250 අගයක් ගෙන ඇති බවයි.
එය 2023 වසරට සාපේක්ෂව සියයට 16.6 ක වර්ධනයක් බවද ඔහු පැවැසුවේය. එහිදී ශ්‍රී ලංකාවට එවූ චීන අපනයනයන් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක් බවත් එය 2023 වසරට සාපේක්ෂව සියයට 29 ක ඉහළ යාමක් බවත් ඔහු ප්‍රකාශ කළේය. 
මෙරට කළු තේ ප්‍රභේදයට චීනය වැඩි කැමැත්තක් දක්වන බවත් පසුගිය වසරේදී චීනය වැඩිම කළු තේ ප්‍රමාණයක් ආනයනය කර ඇත්තේ ශ්‍රී ලංකාවෙන් බවත් ඩෙරොන්ග් මහතා පැවැසුවේය. පසුගිය වසරේදී චීනය ඇමෙරිකානු ඩොලර් මිලියන 120 ක් කළු තේ ආනයනය කර තිබූ බවත් ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 57.59 ක කළු තේ ආනයනය කර තිබුණේ ශ්‍රී ලංකාවෙන් පවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙම වසරේ චීනයේ පානයට සූදානම් තේ සඳහා ඇති වෙළෙඳපොළ චීන යුවාන් බිලියන 370 දක්වා වර්ධනය වනු ඇතැයි පුරෝකතනය කර තිබෙන බවත් ශ්‍රී ලංකාවේ කළු තේ පානයට සූදානම් තේ නිෂ්පාදනවල ඇති ප්‍රධාන අමුද්‍රව්‍යයක් බවත් ඩෙරොන්ග් මහතා පැවැසුවේය. එසේම චීනය පසුගිය වසරේදී ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 12.29 ක මුහුදු ආහාර ආනයනය කර තිබෙන බවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.53 ක් වටිනා පොල් කිරි ආනයනය කර තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දක්වමින් යන්ත්‍රෝපකරණ සහ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ආනයනය සහ අපනයනය සඳහා වන චීන වාණිජ මණ්ඩලයේ උප සභාපති ලියු චුන් මහත්මිය පෙන්වා දුන්නේ පසුගිය වසරේදී දෙරට අතර යන්ත්‍රෝපකරණ සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වෙළෙඳාම සියයට 74 ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි.



අදහස් (0)

ආර්ථික සහයෝගීතාවට චීන ව්‍යාපාර ප්‍රජාව කැමැත්තෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 446 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 471 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site