IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනය තවමත් ඉහල අගයක

 

  • පළමු කාර්තුවේදී මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනතාව මිලියන 8.46 ක්
  • ආර්ථික වශයෙන් අක්‍රීය ජනතාව මිලියන 8.57 ක්
  • පසුගිය වසරේ මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනතාව මිලියන 9.23ක්
  • රැකියාවක නියුතු විය යුතු වයසේ සිටින කාන්තාවන්ගෙන් සියයට 72.4 ක ප්‍රතිශතයක්ආර්ථික වශයෙන් අක්‍රීයයි
  • මෙම වසරේ පළමු කාර්තුවේදී ආර්ථික වශයෙන් අක්‍රීය කාන්තාවන් පිරිස ලක්ෂ තුනකින් පමණ අඩුවෙලා
  • ගම්බද ප්‍රදේශවල ආර්ථික වශයෙන් අක්‍රීයව සිටින පිරිමි පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 18ට වැඩියි

විමුක්ති එස් රුද්‍රිගු


මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රම බළකායේ වර්ධනයක් පෙන්නුම් කළද තවමත් මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනයට වඩා ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනය ඉහළ බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ “2025 පළමු කාර්තු ශ්‍රම බළකා සමීක්ෂණ වාර්තාවේ”‍ දැක්වේ.

මේ වසරේ පළමු කාර්තුවේදී මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනතාව මිලියන 8.46 ක් බවත් ආර්ථික වශයෙන් අක්‍රීය ජනතාව මිලියන 8.57 ක් බවත් එම වාර්තාවේ පෙන්වා දුන්නේය. කෙසේ නමුත් මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනතාව මෙම වසරේ පළමු කාර්තුවේදී මිලියන 8.57 දක්වා පහළ ගොස් ඇති බවත් එය පසුගිය වසරට සාපේක්ෂව සැලකිය යුතු පහළ යෑමක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ “2025 පළමු කාර්තු ශ්‍රම බළකා සමීක්ෂණ වාර්තාවේ”‍ දැක්වේ.

පසුගිය වසරේ මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනතාව මිලියන 9.23ක් වූ අතර ඒ අනුව මෙම වසරේ පළමු කාර්තුවේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනතාව ලක්ෂ 7 කින් පමණ අඩුවී ඇත.

කෙසේ නමුත් තවමත් මෙරට රැකියාවක නියුතු විය යුතු වයසේ සිටින කාන්තාවන්ගෙන් සියයට 72.4 ක ප්‍රතිශතයක් ලක්ෂ 62 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. එහෙත් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුවේදී ආර්ථික වශයෙන් අක්‍රීය කාන්තාවන් පිරිස ලක්ෂ තුනකින් පමණ අඩුවී තිබෙන බවද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේය.

මෙරට වැඩිම කාන්තාවන් පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීයව සිටින්නේ ගම්බද ප්‍රදේශවල බවත් අඩුම කාන්තාවන් පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීයව සිටින්නේ වතුකරයේ බවත් සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. ගම්බද ප්‍රදේශවල ආර්ථික වශයෙන් අක්‍රීයව සිටින කාන්තාවන් පිරිස ලක්ෂ 48 කට වැඩි බවත් වතුකරයේ ආර්ථික වශයෙන් අක්‍රීය කාන්තාවන් පිරිස ලක්ෂ 2 කට වැඩි බවත් එම වාර්තාවේ සඳහන් වේ.

එසේම තවමත් මෙරට රැකියාවක නියුතු විය යුතු වයසේ සිටින පිරිමි පුද්ගලයන්ගෙන් ලක්ෂ 23 කට වැඩි පිරිසක් තවමත් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් නමුත් පසුගිය වසරට සාපේක්ෂව එයද ලක්ෂ 3ක පමණ පහළ යාමක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. පිරිමින්ද වැඩිම පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීයව සිටින්නේ ගම්බද ප්‍රදේශවල බවත් අඩුවෙන්ම ආර්ථික වශයෙන් අක්‍රීයව සිටින්නේ වතුකරයේ බවත් එම දෙපාර්තමේන්තුව පැවැසුවේය.
ගම්බද ප්‍රදේශවල ආර්ථික වශයෙන් අක්‍රීයව සිටින පිරිමි පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 18ට වැඩි බවත් වතුකරයේ ආර්ථික වශයෙන් අක්‍රීය සිටින්නේ පිරිමි පුද්ගලයන් ලක්ෂයක් පමණක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ සමීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.
මෙම වසරේ පළමු කාර්තුවේදී මෙරට ආර්ථිකමය වශයෙන් සක්‍රීය මිලියන 8.46 ක ජනගහනයෙන් ලක්ෂ 55 කට වැඩි පිරිසක් පුද්ගලයන් බවත් ලක්ෂ 29 කට වැඩි පිරිසක් කාන්තාවන් බවත් එම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහණය මෙරට ශ්‍රම බළකායට ලබාදී ඇති දායකත්වය සියයට 49.7 ක් බවද එහි සඳහන් වේ.

ශ්‍රම බළකායට දායකත්වයට ලබාදී ඇති සියයට 49.7 ක ප්‍රතිශතයෙන් සියයට 70.1 ප්‍රතිශතයක් පිරිමි පුද්ගලයන් බවත් සියයට 32 ක ප්‍රතිශතයක් කාන්තාවන් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.

පසුගිය වසරේ පළමු කාර්තුවේදී මෙරට ශ්‍රම බළකා සහභාගීත්වය සියයට 47.1 ක් ලෙස සටහන් වූ බවත් ඊට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුවේදී මෙරට ශ්‍රම බළකා සහභාගීත්වය සියයට 2.6 ක ප්‍රතිශතයකින් වර්ධනය වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

මෙරට ශ්‍රම බළකායට වැඩිම දායකත්වය ලබා දෙන්නේ වයස අවුරුදු 45 ත් 49 ත් අතර ජනගහණය බවත් අඩුම දායකත්වය ලබා දෙන්නේ වයස අවුරුදු 15 ත් 19ත් අතර ජනගහනය බවත් එහි සඳහන් වේ. මෙරට මිලියන 5.11 කට වැඩි ජනතාවක් රැකියාවක නිරත වන බවත් ඉන් මිලියන 3.8 ක් පුද්ගලික අංශයේත්, මිලියන 1.3 ක් රාජ්‍ය අංශයේත් සේවය කරන බව එම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.

එසේම මෙරට 235,856ක පිරිසක් සේවා යෝජකයන් බවත් තවත් මිලියන 2.45 ක් පිරිසක් ස්වයං රැකියාවල නිරත බවත් එම වාර්තාවේ සඳහන් වේ. තවත් 338,771 ක පිරිසක් පවුලේ ව්‍යාපාරවලට සහාය වන බවත් එම වාර්තාවේ සඳහන් වේ.



අදහස් (0)

ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනය තවමත් ඉහල අගයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17347 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 706 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site