IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ආර්ථික වර්ධනයට ශක්තිමත් බැංකු ක්‍රමයක්


 

රෙඩ් හැට් සමාගමේ, ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ උප සභාපති සහ සාමාන්‍යාධිකාරී මාර්ෂල් කොරෙයා, අලෙවිය වර්ධනය කරනු ලබන ලාබදායි ව්‍යාපාරයන් සහ පාරිභෝගික පදනම ව්‍යාප්ත කිරීමට උපකාරී වන, ගතික අදහස් සම්පාදනය කිරීම අරමුණ කරගත් ජවසම්පන්න ක්‍රියාකාරී කණ්ඩායමකට නායකත්වය දෙයි.
ඉංජිනේරු ඉදිකිරීම්, අලෙවි මෙන්ම විශේෂිත අරමුණ කරා ළඟා වීම, අරමුණු කරගත් දක්ෂ කණ්ඩායම් උත්තේජනය යන කාර්යයන්හි ඔහුට තිස් අවුරුද්දකට වඩා සඵල අත්දැකීම් ඇත. ව්‍යාපාර සංවර්ධනය, ආදායම් වර්ධනය කරා යොමුවීම සහ දැඩි තරගකාරීත්වය සහිත වාතාවරණ තුළ වෙෙළඳපොළ තුළ රැඳීම තහවුරු කරගැනීම ආදී කර්තව්‍ය සාර්ථකව ඔහු ඉටුකරවා තිබේ.
 ඔහු විශේෂඥ දැනුම උසුලන ක්ෂේත්‍ර අතර, නායකත්වය හා උපදේශකත්වයෙන් නිපුණ සංවර්ධනය, ව්‍යාපාර පැවැත්ම හා ආපදාවලින් යථා තත්වයට පැමිණීම සැලසුම් කිරීම, ව්‍යාපාර දක්ෂතාව සහ පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය ආදිය ඇතුළත් වේ. වඩා ශක්තිමත් හා  උද් යෝගිමත් ප්‍රවේශයක් ඔස්සේ ඔහු ව්‍යාපාර ගතික ලෙස ප්‍රගමනයට ලක්වන පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම්වලට යොමුවීම දැඩි ලෙස තාක්ෂණය ඉවහල් කරගන්නා කර්මාන්ත කෙරේ යොමුවීම අවධාරණය කරයි.
ඉහළ මට්ටමේ කාර්ය සාධනය ඇතිකරන සේවා හා කණ්ඩායම් ගොඩනැගීම මෙන්ම පාරිභෝගික තෘප්තිය ප්‍රමුඛතාවයේලා ගැනීම යන අරමුණු තුළිතව පවත්වා ගැනීම යන අභිප්‍රාය හෙතෙම අඛණ්ඩව පවත්වා ගනී. Daly FT පුවත්පත් සමග පැවැත්වූ මෙම සම්මුඛ සාකච්ඡාවේදී තාක්ෂණික නවීකරණය හා ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයට රෙඩ් හැට් ආයතනය ඇතිකරනු ලබන බලපෑම සම්බන්ධයෙන් කොරයා සිය අදහස් පළ කරයි.


Q: රෙඩ් හැට් සංවිධානයේ මෙහෙයුම් 2025 දී ශ්‍රී ලාංකීය වෙ​ෙළඳපොළ කරා ව්‍යාප්ත කිරීමට කුමක් නිසා අභිප්‍රේරණය වූයේද? මෙරට තුළ කඩිනමින් ප්‍රමුඛතාව දීමට සූදානම් වන කටයුතු මොනවාද?
දකුණු ආසියාව අවධාරණයට ගනිමින් ශ්‍රී ලංකාව තුළට බාධාවකින් තොරව කරන පෙළ ගැසීම් ව්‍යාප්ත කිරීමේදී, විශේෂයෙන්ම 2030 දී ආර්ථිකය මුළුමනින් ඩිජිටල්කරණයට භාජනය කිරීමේ අභිප්‍රායෙන් යුතු දැක්ම අවධාරණය කරගනු ලබනවා. 2030 ඉලක්ක කරගෙන කරනු ලබන මෙම වැඩපිළිවෙළ ඔස්සේ ඉන්දියාවෙන් සහ සමස්ත ලෝකයෙන් අප ලබාගත් තීව්‍ර අත්දැකීම්, රාජ්‍ය ආයතනවල විභවතාව ඇති අවස්ථා, සම්බන්ධයෙනුත් ඒවා ශක්තිමත් කිරීමේ හා අනාගත තර්ජන සම්බන්ධයෙනුත් වටිනා අදහස් සපයා දී ඒවා  නැංවීමට අපට අවස්ථාවක් සපයා දී තිබෙනවා. තාක්ෂණික ක්ෂේත්‍රය වර්ධනය කිරීමට පමණක් නොව දේශීය මූල්‍ය ආයතනවල එදිනෙදා මෙහෙයුම්වලටද උපකාරී වන සැමට ප්‍රවේශ විය හැකි විවෘත මොඩලයක් පෝෂණය කිරීමට අප ඇපකැප වී සිටිනවා.
කඩිනම්ව ප්‍රමුඛත්වය දිය යුතු අනෙක් කාරණා යටිතල පහසුකම් පිරිවැය අඩුකිරීම මගින් කෘතිම බුද්ධිය (AI) ප්‍රජාතන්ත්‍රියකරණයට ලක් කිරීම ආශ්‍රිතව පවතිනවා. ඒ ඔස්සේ සෑම ප්‍රමාණයකම ව්‍යාපාරවලට ප්‍රවේශ වීමේ හැකියාව ලබාදෙනවා. රට පුරා ඩිජිටල් පරිවර්තනයට සහයෝගය දීම සඳහා බැංකුකරණයේ සහ විද්‍යුත් සන්නිවේදන කටයුතු  නංවාලීමට අප උත්සාහ දරනවා. මා කලින් විස්තර කළ පරිදි, විවෘත ප්‍රවේශයක් සහිත මොඩලයකින් ශක්තිමත්, ඵලදායි පිරිවැය සහිත තොරතුරු තාක්ෂණ පිළියම් ගොඩනැගීමට සංවිධාන බලගැන්වීමට, නවීකරණය පෝෂණය කිරීම අපගේ අරමුණයි.
අවසාන වශයෙන් අපගේ අරමුණ වන්නේ දේශීය කර්මාන්ත උසස් තාක්ෂණයෙන් සන්නද්ධ කොට පෞද්ගලික ඩිජිටල් විසඳුම් හරහා පාරිභෝගික සේවා නැංවීම තුළින් සැමට විවෘත  ප්‍රවේශය සහිත ගෝලීය ක්‍රියාකාරකයකු ලෙස ශ්‍රී ලංකාව ඔසවා තැබීමයි.


Q: අත්දැකීම් සම්භාරයක් සහිත නවීකරණ කේන්ද්‍රස්ථානයක් ලෙස රෙඩ් හැට් සංවිධානය, එහි තාක්ෂණයත්, ශ්‍රී ලංකාවේ අනෙකුත් සම්පාදකයන්ගෙන් වෙනස්ව සැපයුම් කිරීමට කෙසේ සැලසුම් කර තිබේද?
පළමුව සැමට ප්‍රවේශ විය හැකි විවෘත මූලාශ්‍රයකින් සමන්විත වීම උදෙසා කැපවීම අපගේ ප්‍රධාන වෙනස්කමක්. විවෘත මූලාශ්‍ර තාක්ෂණය යනුවෙන් හැඳින්වන්නේ මූලාශ්‍ර කේතයක් හෝ නිර්මාණ සැලසුම් ප්‍රසිද්ධියේ ඕනෑම අයකුගේ භාවිතය සඳහා විවෘතව තිබෙන මෘදුකාංග හෝ දෘඩාංග සහිතවීමයි. ප්‍රසිද්ධියේ භාවිතයකට කැප කර තිබෙන ඒවා භාවිතා කිරීම නවීකරණය කිරීම හෝ බෙදාගැනීම ඕනෑම අයකුට කළ හැකියි. මෙම ප්‍රවේශයෙන් සහයෝගිතාව, විනිවිද පෙනෙන සුළු භාවය ප්‍රවර්ධනය කෙරෙන අතර ඒවා භාවිත කරන්නාට එම තාක්ෂණය වැඩිදියුණු කිරීම සඳහා දායක විය හැකිය. ගෝලීය ව්‍යවසායකයන් ගෙන් පැමිණෙන විවිධ  දැනුම් පෙළ ගැසීම් රාශියක් වැඩිදියුණු වීමට එයින් අපට හැකියාව ලැබෙනවා. ඒ අතරතුර ප්‍රජා සහයෝගිතාවයෙන් නවෝත්පාදන පෝෂණය වීම ද සිදුවෙනවා.
 දෙවනුව, අප ප්ලැට්ෆෝර්ම් සමාගමක් වීමය. එබැවින් අපගේ ශක්තිමත් වේදිකාව මත විවිධ යෙදවුම්, ආයෝජන ආරක්ෂණ සම්පාදනය සහ හැඩගැසීම සහතික කිරීමට ඉඩ සැලසෙනවා. අප පොහොසත් පරිසර  පද්ධතියක්, දෘඪාංග සමග සහයෝගිතාව පවත්වා ගැනීම, ක්ලවුඩ් යෙදවුම් සම්පාදකයන් මෙන්ම විශේෂයෙන් මූලික බැංකු කටයුතු වැනි තීරණාත්මක ක්ෂේත්‍ර, ප්‍රති අලෙවිකරුවන්, ස්වාධීන මෘදුකාංග අලෙවිකරුවන් සමග සහයෝගිතාව අප පවත්වාගෙන යනු ලබනවා.
 සහයෝගිතාව කෙරේ සහ උසස් තාක්ෂණය හා නවීකරණය කෙරේ වූ මූලික පිය ගැට වන කුසලතාව කෙරෙහි අප විශ්වාසය තබන නිසා අප අනෙකුත් සංවිධානවලින් වෙනස් වෙනවා. බැංකු, ගුවන් සේවා හා රජය වැනි අංශ සමග ඇතිකරගනු ලබන සහයෝගිතා උත්සාහය සමග ලබන පුළුල් පරාසයක වූ අත්දැකීම්වලින් සහ කාර්මික අත්දැකීම් ඒක රාශිකරණයෙන් අප, නවීකරණය කරා යොමුවූ, නිශ්චිත විසඳුම් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ විශේෂ අවශ්‍යතා සඳහා සොයනු ලබනවා.


Q: ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථීකයේ විශේෂ අවශ්‍යතා පිළිබඳව කතා කිරීමේදී ක්ලවුඩ් ප්‍රභවය සහ විවෘත මූලාශ්‍ර තාක්ෂණයන් ඒකාබද්ධ කිරීමේදී ශ්‍රී ලාංකීය ව්‍යවසාය මුහුණපාන අභියෝග මොනවාද?
නිතරම තාක්ෂණය යන්න මූලික අභියෝග වන්නේ නෑ. ඊට වඩා මූලික ගැටලුව මතු වන්නේ ඊට හැඩගැසීමේදී. ව්‍යාපාර සාම්ප්‍රදායික ක්‍රමවේදවලින් ක්ලවුඩ් (Cloud native)  ජනනය සහ සැමට විවෘත පිවිසුම් සහිත (Open Source) විසඳුම්වලට මාරු විය යුතුයි. එම සංක්‍රාන්තිය කරා යොමුවීමේදී නිපුණතා සංවර්ධනය වැඩිකළ යුතුවා සේම ශ්‍රී ලාංකීය සමාගම්වල මානසිකත්වය ද වෙනසකට ලක් කළ යුතුයි.
එතෙරට පැනගත යුතු එක් අසීරු කඩුල්ලක් වන්නේ නිපුණතා පරතරයයි. ළාබාල පරම්පරා අළුත් තාක්ෂණයට ඉක්මනින් හුරුවන අතර,
 ව්‍යවසාය මට්ටමේ හැඩගැසීම ඉතා සංකීර්ණ වෙනවා. සංවිධානයන්ට ක්ලවුඩ් නිර්මාණ ශිල්පය (Architectures) කන්ටේනර්කරණය (Containerization) සහ විවෘත මූලාශ්‍ර (Open Source)  සැලසුම් කටයුතු, වටහාගත හැකි ප්‍රවීණ වෘත්තිකයන් අවශ්‍යයි. කෙසේ වුව ශ්‍රී ලංකාවේ තාක්ෂණික දක්ෂතා සංචිතවල මෙම ක්ෂේත්‍රවල විශේෂඥ දැනුම සහිත අය අඩුයි. එම නිසා එම තත්වය හේතුවෙන් ක්‍රියාත්මක කිරීම් මන්දගාමී වීමත් බාහිර උපදේශකයන් වෙත විශ්වාසය තැබීමත් සිදුවෙනවා. තවත් අභියෝගයක් වන්නේ අභියෝගවලට ඔරොත්තු දීමේ ගුණය ඇතිකර ගැනීමයි.
බොහෝ ව්‍යවසායකයන්ට ඇත්තේ දීර්ඝ කාලයක පටන් උරුම වූ ක්‍රමවේදයක්, ක්ලවුඩ් ජනන මොඩලයන්ට මාරුවීම සඳහා තාක්ෂණික යාවත්කාලීන බව පමණක් නොව සංස්කෘතික වශයෙන් වෙනස්වීමක් ද අවශ්‍යයි. ව්‍යාපාරයක් විසින් ඒවායේ වැඩ ප්‍රවාහ නැවත සකස් කරගත යුතුයි. ආරක්ෂක පරිපාටි සහ මෙහෙයුම් ක්‍රමෝපාය, විවෘත මූලාශ්‍ර තාක්ෂණයේ (Open Source technologies) උපකාරය තකා නැවත සකස් කළ යුතුයි. කෙසේ වුවද මහා ජාල රටා අවස්ථා සහ Cio Confluence වැනි පොදු වේදිකාවත් සමග ජනතාවගේ දැනුමේ ක්ෂිතිජය තවත් පුළුල් වේයයි මා සිතනවා.


Q: මෙම නිපුණතා පරතරය ඉවත් කිරීම සඳහා Open source වෙත හැඩ ගැන්වීම හා ක්ලවුඩ් ජනන තාක්ෂණයට හැඩ ගැසීම උදෙසා ශ්‍රී ලංකාවේ ව්‍යවසාය දැනුවත් කොට ඒවා පුහුණු කිරීමේලා කුමන ක්‍රමෝපාය රෙඩ් හැට් විසින් යොදා ගන්නේද?
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය ව්‍යවසාය දැනුවත් කිරීමට සහ ප්‍රගුණ කිරීමට අප ශාස්ත්‍රීය වැඩ සටහන් ඇතුළු බොහෝ වැඩසටහන් අප යොදාගෙන තිබෙනවා. අපගේ රෙඩ් හැට් පුහුණු ඇකඩමිය අපගේ පුහුණු කිරීමේ හවුල්කාරී ආයතන සමග පරිපූර්ණ සහතික කිරීමේ වැඩසටහන් වෘත්තිකයන්ට දැනුමෙන් හා නිපුණතාවන්ගෙන් සන්නද්ධ වීම සඳහා නිර්මාණය කොට තිබෙනවා. ඊට අමතරව අපගේ හවුල්කරුවන් අතර අපගේ තාක්ෂණය ගැඹුරින් වටහා ගැනීමට හා ක්‍රියාත්මක කිරීමට අප උපදේශක සේවා සපයනවා.


Q: කෘතිම බුද්ධිය (AI) මතුවීමත් සමග ආරක්ෂාව ප්‍රධාන තර්ජනයක් බවට පත්වෙමින් තිබෙනවා. රෙඩ් හැට් වැනි සමාගම්, ඒවාට අනුකූලව කටයුතු කිරීම සඳහා විසඳුම් සොයා ගැනීමටත් බැංකු, මූල්‍ය හා රක්ෂණ සේවාවල සයිබර් ආරක්ෂාව සැලසීමේ අරමුණ සඳහාත් මෙතෙක් දුරට කිනම් පියවර ගෙන තිබේද?
ආරක්ෂාව එහි නිෂ්පාදනවලට කාවද්දා තිබෙනවා. එම නිසා තීරණාත්මක මෙහෙයුම් කටයුතු උදෙසා ආරක්ෂාව සහතික වෙනවා. සමාගම ආරක්ෂාකාරී සැපයුම් දාම, අවදානම අවම කිරීම උදෙසා මෘදුකාංග වල ප්‍රභවයේ නිරවද්‍යතාව පරික්ෂා කිරීම ආදිය කෙරෙහි ද අවධානය යොමු කරනවා. ආරක්ෂාව වනාහි නිරන්තර පසු විපරම්, අධීක්ෂණය සහ වැඩිදියුණු කිරීම අවශ්‍ය වන්නා වූ නිරන්තර පැවැත්ම සහිත ක්‍රියාදාමයක්. ආරක්ෂාකාරි ලොග් වීම් වල කාර්යක්ෂමතාව විශ්ලේෂණය කිරීම සඳහා රෙඩ් හැට් සමාගම සියල්ල වෙත යොමු වූ තාක්ෂණයද උපයෝගී  කරගන්නේ මිනිස් ශ්‍රමයෙන් කරන විශ්ලේෂණය වෙහෙසකර නිසයි.
සංවිධානයන්ට පෞද්ගලික යටිතල පහසුකම්වල සංවේදී දත්ත ගබඩා කරගන්නට හැකියාව ලබා දීමෙන් ව්‍යවසායන්ගේ ආරක්ෂාව පවත්වා ගන්නාට ඉඩ සලසන අධි තාක්ෂණික ක්ලවුඩ් (Cloud) පරිසරයටද අප සහයෝගය දෙනවා.
 ආරක්ෂාකාරී පියවරවලට ශක්තිමත් ලෙස විශ්වාසදායී බව ඇගයුම් කරන ක්‍රියා පරිපාටීන්ද අවශ්‍යයි. (AI …driven threat detection)    සමස්ත පද්ධතියට යොමුවූ තර්ජන පරික්ෂා කොට සොයා බලන) සහ බහුවිධ (authentication)  නිවැරදි බව සහතික කිරීම් යනු ඒවායින් කිහිපයක්. තාක්ෂණය දියුණු මෙන්ම, අනිවාර්යයෙන්ම ආරක්ෂාව පිළිබඳ තර්ජනත් මතුවන නිසා සයිබර් ආරක්ෂක පාලනය ඉහළ නැංවීම සඳහා ඒකාබද්ධ වූ සියල්ල බලගැන්වූ විසඳුම් අවශ්‍යයි.


Q: මීළඟ අවුරුදු කිහිපය තුළ නවීකරණය සහ තාක්ෂණය නැංවීමේලා ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ දැක්ම සඳහා දායක වීමට රෙඩ් හැට්  කුමන සැළසුම් සකස් කර තිබේද?
ශක්තිමත් බැංකු ක්‍රමයක් සෘජුවම දළ ජාතික නිෂ්පාදනයේ වර්ධනයට සම්බන්ධ වන බව අප හඳුනාගෙන තිබෙනවා. එම නිසා රෙඩ් හැට් ශ්‍රී ලංකාවේ බැංකු අංශයේ තීරණාත්මක කාර්යභාරයට අවධානය යොමු කරමින් සැලකිය යුතු තරමින් ඊට දායක වීමට සැලසුම් කොට තිබෙනවා. විශේෂයෙන් මූල්‍ය අංශයේ ප්‍රගතියට එම දායකත්වය අදාළයි. ඩිජිටල් විසඳුම්වලට සැනෙකින් හුරුවීමේ අවශ්‍යතාවත්, නවීකරණය කෙරේ අවශ්‍යතාවත් වසංගත තත්වය විසින් වේගවත් කරනු ලැබුවා. ඩිජිටල්කරණය පිළිබඳ අපගේ විශේෂඥ දැනුමෙන් ශ්‍රී ලංකාවේ නිපුණතා සංවිධාන වැඩපිළිවෙළට, රජයට සම්බන්ධ පුරවැසි සේවා නැංවීම සහ AI සංක්‍රාන්තීය තාක්ෂණයට සහයෝගය දීම අපගේ අරමුණයි. ප්‍රධාන …සඛ්‍යතාවක් ලෙස AI තාක්ෂණය නවීකරණ උදෙසා මතු වෙද්දී, තාක්ෂණික විප්ලව පසුකර යන්නා සේ වගකීම් දැරීම උදෙසා දේශීය ව්‍යවසාය පෝෂණය කිරීමේත් ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය උදෙසාත්, සහයෝගය දීමේත්, අනුපමේය සහකාරකයක් අප දකිනවා.


සාකච්ඡා කළේ ජනනි කණ්ඩරාමගේ

 



අදහස් (0)

ආර්ථික වර්ධනයට ශක්තිමත් බැංකු ක්‍රමයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි නම් විකල්ප අවශ්‍යයි
2025 අප්‍රේල් මස 30 65 0

ශ්‍රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක


DFCC බැංකුව AFC හරිත බැඳුම්කරවල රුපියල් මිලියන 500ක් ආයෝජනය කරයි
2025 අප්‍රේල් මස 30 38 0

DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක


ලංකා බැංකුවෙන් රුපියල් බි. 666 ඉක්මවූ අවුරුදු ගනුදෙනු
2025 අප්‍රේල් මස 30 36 0

ලංකා බැංකුව 2025 අලු‍ත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම


2025 -26 වර්ෂවලදී ආර්ථික සංගණනයක්
2025 අප්‍රේල් මස 30 27 0

2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.


උසස් අධ්‍යාපනය නැංවීමට සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය සමග ගිවිසුමක්
2025 අප්‍රේල් මස 30 18 0

උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත


රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණ කෙටුම්පත වැඩිදියුණු කිරීමට කමිටුවක්
2025 අප්‍රේල් මස 30 14 0

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 375 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 98 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site