මහා බැංකු අධිපතිවරයාගේ අදහස්:-
ශ්‍රී ලංකා මා බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ නොබෝදා මෙසේ ප්‍රකාශ කළේය.
‘ශ්‍රී ලංකා මහ බැංකුව ආර්ථිකය තුළ ආර්ථික වර්ධනය හෝ ඵලදායීතාව හෝ සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කරන්නේ නැත.’
ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ, බැංකුවේ 2025 වාර්ෂික ආර්ථික විශ්ලේෂණය එළි දක්වන අවස්ථාවේ, විමසනු ලැබූ මාධ්‍ය ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය. අධිපතිවරයා ප්‍රකාශ කළ ආකාරයට නෛතික වශයෙන් නිර්වචනය කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු, දේශීය මිල ස්ථාවරත්වය පවත්වා ගැනීම, මූල්‍ය පද්ධතියේ ස්ථාවර භාවය ආරක්ෂා කිරීම කරන අතරතුර, රජයට වර්ධනය පෝෂණය කිරීම පිණිස අවශ්‍ය වන්නා වූ ස්ථාවර සාර්ව ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීමට සීමා වී තිබේ.
ඵලදායිතා වර්ධනය, කාර්මිකරණය ඉහළ නැංවීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ, වැනි සෘජු ආර්ථික වර්ධනයට අවශ්‍ය වන්නා වූ ප්‍රතිපත්තිමය උපාංග සෘජුව මහ බැංකුවට පිටතින් පවතින බවත්, ඒවා රජයේ වගකීම් බවත්, මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය. ඵලදායීතාව නැංවීම සඳහා බලය පැවරුණු එහි වගකීම දරන වෙනත් විවිධ ආයතන රටෙහි පවතින බවද අධිපතිවරයා සඳහන් කළේය.
එම අදහස් දැක්වීම්, 2023 අංක 16 දරණ මහා බැංකු පනතෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය දෙනු ලබන ශ්‍රී ලංකාව ස්ථාවරභාවයට පත් කිරීමේ වැඩසටහන යටතේ බලය පවරන ලද එහි ආයතනික සීමා පැහැදිලිව නිර්වචනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිතාමතාම දරන ලද උත්සාහයක් ලෙස පෙනී යයි.
2026 සහ ඉන් ඔබ්බට ප්‍රතිපත්ති:-
කෙසේ වුවද මෙම වසරේ මුලදී මහ බැංකු අධිපතිවරයා පැවසූ ස්ථාවරය සමග ඔහු මෑතක දී පළ කළ අදහස් තරමක් දුරටත් පරස්පර වන බව පෙනී යයි.
2026 ජනවාරි අට වැනිදා, ආර්ථික විග්‍රහය එළි දැක්වීමට සති හතරකට ආසන්න කාලයකට පෙර මහ බැංකු අධිපතිවරයා, 2026 වර්ෂය සහ ඉන් ඔබ්බට මහා බැංකුවේ ප්‍රතිපත්තිමය න්‍යාය පත්‍රය ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු මෙසේ ප්‍රකාශ කළේය.
‘මහ බැංකුව, දේශීය මිල ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ මූල්‍ය ක්‍රමයේ ස්ථාවර භාවය ආරක්ෂා කිරීම යන පැවරුම් සාක්ෂාත් කිරීමට කැපවී සිටිනු ඇත. මේ මගින් ආර්ථිකයට අනාගත අභියෝගවලට, දැඩි විශ්වාසයකින් මුහුණ දීමට අවශ්‍ය පදනමක් සකසන අතර එමගින් තිරසාර වර්ධනය හා සමෘද්ධිමත් භාවය වෙත ළඟා විය හැකිවනු ඇත.’
ඔහු තවදුරටත් මෙසේ කියා සිටියේය. ‘ආර්ථිකයේ අඛණ්ඩ ප්‍රගතියට සහයෝගය දක්වන අතරතුර මිල ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ මූල්‍ය ක්‍රමයේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම යන අපගේ පැවරුම් සාක්ෂාත් කර ගැනීමට හැකි වනසේ, පරිණාමනය වන අපගේ සාර්ව ආර්ථික තත්වයට නම්‍යශීලීව, ප්‍රතිචාර දක්වන අයුරින් එය නිර්මාණය කර තිබේ.’
එසේම ‘මෙම ණය ව්‍යාපෘතිය 2025 දී, වර්ධන ගම්‍යතාව පවත්වා ගැනීමට සහාය දෙනු ලැබීය’ යන්නද හෙතෙම සඳහන් කළේය.
මහ බැංකු අධිපතිවරයා පහත සඳහන් දෑ අවධාරණය කරමින් සිය ප්‍රකාශය සමාප්ත කළේය.
‘වඩා උසස්,වඩා පරිපූර්ණ සහ කල් පවත්නා වර්ධනයක් වෙත මුදා හරිමින් ස්ථාවරත්වය නොබිඳ, ආර්ථික වර්ධනය වඩාත් ඉහළ මට්ටමකට ගෙන යාමේ හැකියාව ලැබීමටත් මෙම උත්සාහය වැදගත් වනු ඇත. මේ යන ගමනේදී, මහ බැංකුව තමන් වෙත පැවරුණු මිල ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ මූල්‍ය ක්‍රමයේ ස්ථාවර භාවය ආරක්ෂා කර ගැනීම යන කාර්යයන්හි ස්ථිර ලෙස නිරත වන අතරතුර තිරසාර සහ පරිපූර්ණ ආර්ථික වර්ධනය උදෙසා පදනමද සකස් කරනු ද ඇත.’
2025 වාර්ෂික ආර්ථික විශ්ලේෂණය:-
මහ බැංකුව අධිපතිවරයාගේ අදහස් විසින් 2025: ආර්ථික විශ්ලේෂණය වඩාත් සවිස්තරාත්මකව පරීක්ෂා කර බැලීමට මා පොළඹවන ලදී. එම වාර්තාව පිටු 120 ක් පුරා විහිදී පවතින අතර, ශ්‍රී ලංකා මහ බැංකුව එම වසර ඇතුළත, ආර්ථික වර්ධනය සහ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට සහය දෙමින් ඉටුකළ කාර්යභාරය පිළිබඳව විවිධ කාරණා අඩංගුවේ. එම වාර්තාවෙන් ගත් උපුටා ගැනීම් කිහිපයක් පහත දැක්වේ.
‘බැංකු අංශ ශක්තිමත් කිරීම උදෙසා, මූල්‍යමය වශයෙන් සහ ක්‍රියාකාරීව ශක්තිමත් බැංකු සඳහා පහසුකම් සපයනු ඇතැයි ද එමගින් බැංකු අංශයේ, ඔරොත්තු දෙන සවිමත් බව සහ ස්ථාවරත්වය ශක්තිමත් කරමින් ආර්ථිකයේ පරිපූර්ණ සහ තිරසර වර්ධනයට සහාය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.’
‘ශ්‍රී ලංකා බැංකු සංගමය සමග සහයෝගයෙන් කටයුතු කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ, ක්‍රියාකාරී වන ණය උපදේශක මධ්‍යස්ථානය, මූලික වශයෙන් නිසි පරිදි කාර්ය සාධනය සිදු නොවන, ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායනයන්ට සහායවීම අඛන්ඩව සිදු කෙරිණි.’
‘2025 දී, පරිපූර්ණ, නියාමන, අධීක්ෂණ, සහ මූල්‍ය පද්ධති සංවර්ධන වැඩසටහන්, සමූහයක්, මූල්‍ය ක්‍රමය පරිණාමනය වන ආර්ථික හා තාක්ෂණික ගතිකයන් සමග විධිමත්ව එකේලි වීම සඳහා මහ බැංකුව අනුගමනය කරන ලදී.’
‘2025 දී තිරසාර මූල්‍ය සැලසුම 2.0, දියත් කිරීමත් සමග, මහ බැංකුවේ තිරසාර මූල්‍ය වැඩසටහන ශක්තිමත් වූයේය. ’
‘මිල සහ මූල්‍ය ක්‍රම ස්ථාවරත්වය පවත්වා ගැනීමෙන් 2025 මහා බැංකු ප්‍රතිපත්ති ඉහළ තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා උපකාරී වන පරිසරයකට, සහයෝගය දැක්වූයේය.’
’ආර්ථිකය යථා තත්වයට නැවත පත්වීමට, අඛණ්ඩව සහනශීලී මූල්‍ය තත්වය පවත්වා ගැනීම සහාය වූ අතර එය පෞද්ගලික අංශයේ ප්‍රබල ණය ව්‍යාප්තියකට තුඩු දුන්නේය.’
මූල්‍ය සහ බදු ආදායම් ප්‍රතිපත්තිය අතර සම්බන්ධතාවේ වැදගත්කම ද වාර්තාවෙන් හුවා දැක්වයි. ‘සාර්ව ආර්ථික ස්ථාවර භාවය පවත්වා ගැනීමට සහ තිරසාර ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීමට, මූල්‍ය සහ බදු ආදායම් ප්‍රතිපත්තිය අතර ප්‍රබල සම්බන්ධතාවක් පැවතීමෙන් වැදගත් කාර්යභාරයක් ඉටුවේ.’
ශ්‍රී ලංකා මහ බැංකු පනතෙන්, මූල්‍ය, බදු ආදායම් සහ මූල්‍ය පද්ධති ස්ථාවරත්ව ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම හරහා එවැනි සම්බන්ධතාවක් සංස්ථාපනය කළ බව එහි තවදුරටත් සඳහන්වේ. මුදල් අමාත්‍යාංශය, සැලසුම්කරණය හා ආර්ථික සංවර්ධනය, සහ මහ බැංකුව අතර සාර්ව ආර්ථික සංවර්ධනය, අනාගතයේ බලා පොරොත්තු විය හැකි දෑ සහ අවදානම් සහගත භාවය සම්බන්ධයෙන් සම්බන්ධීකරණයට අදාළ තොරතුරු හුවමාරුව සහ සංවාද පැවැත්වීමේ විධිමත් වේදිකාවක් ලෙස සම්බන්ධීකරණ මණ්ඩලය ක්‍රියාකරයි.
රේඛීය අමාත්‍යාංශ සහ ගෝලීය තීරු බදු වෙනස්වීම්, සහ අහිතකර දේශගුණ තත්වය වැනි බාහිර කම්පනවලට සහ භූ දේශපාලනික ආතතීන්ට ප්‍රතිචාර දැක්වීමට අනෙකුත් රාජ්‍ය ආයතන සමග මහ බැංකුව පවත්වා ගන්නා සහයෝගීතාව ගැන මීට අමතරව වාර්තාවෙන් කරුණු අවධාරණය කර ඇත.
තවත් වැදගත් නිරීක්ෂණයක් මෙසේ සටහන් වේ. ‘මෙකී සම්බන්ධීකරණ ප්‍රතිපත්ති ප්‍රවේශය, දරුණු ආර්ථික අව පීඩන කාල පරිච්ඡේදයක වැදගත් කාර්යභාරයක් ඉටු කරමින්, ආර්ථිකය නැවතත් ස්ථාවර මං පෙතක් මත ස්ථාපිත කරනු ලබයි.’
‘මහ බැංකුව සම්බන්ධීකරණය අවශ්‍ය කාරණා සම්බන්ධයෙන්, අනෙකුත් රේඛීය අමාත්‍යාංශ සහ රාජ්‍ය අංශයේ ආයතන සමඟ ඵලදායී ලෙස නියැලෙන්නේ ආර්ථික ප්‍රතිපත්තිය වෙත සාකල්‍යයවාදී ප්‍රවේශයක් පිළිබිඹු කරමිනි.’
මෙම වාර්තාවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ විනිමය වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ සහ ආයෝජන, පරිභෝජන, වාණිජ තරගකාරීත්වය සහ පුළුල් සාර්ව ආර්ථික කාර්ය සාධන ආදියට සහාය දෙමින් පහසු කරන්නා වූ මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙන්වා දෙයි.
මේ සියල්ල එක්ව ගෙන ආර්ථික විශ්ලේෂණය වඩාත් ප්‍රබල ලෙස සඳහන් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව, ආර්ථිකය යථා තත්වයට පත්වීම ප්‍රවර්ධනය, වර්ධනය, ඵදායීතාව සහ 2025 කාලය තුළ ආයෝජක විශ්වාසය තහවුරු කිරීමට සෑහෙන තරම් වූ ඵලදායී කාර්යභාරයක් ඉටු කළ බවයි.
මෙයින් වැදගත් ප්‍රශ්නයක් මතුවේ. මහ බැංකු අධිපතිවරයා බැංකුවේ කාර්යභාරය පැහැදිලි කිරීම සම්බන්ධයෙන් පමණට වඩා පරෙස්සම් සහගත වන්නේද ? නැතහොත්, මහ බැංකුවේ පුළුල් වර්ධන අභිලාෂ හා බැඳුණු ප්‍රතිපත්ති, මාධ්‍යයට අදහස් දැක්වීමේදී නිසි පරිදි ප්‍රකාශ නොකර සිටියේද?
මෙය ප්‍රසිද්ධියේ පිළිගැනීමට අධිපතිවරයා පමණට වඩා නිරහංකාර වන්නේද, නැතහොත් ආර්ථික විශ්ලේෂණය කෙටුම්පත් කිරීමේ වගකීම දරන උදවියට ඔහු මහ බැංකුවේ කාර්යභාරය විස්තර කිරීමට පෙරාතුව එහි අන්තර්ගතය ඔහුට මුළුමනින් පැහැදිලි කිරීමට නොහැකි වූයේ ද?
වර්ධනය ප්‍රවර්ධනයට වගකීම දරන්නේ කවුද?:-
ආර්ථික වර්ධනය සහ සංවර්ධනය කරා මෙහෙයවීමේ මූලික වගකීම දරන්නේ ආණ්ඩුවයි. ඒ සම්බන්ධයෙන් විවාදයක් නැත. කෙසේ වුවද රජයට තනිවම වර්ධනය ළඟා කරගතත නොහැකිය.
ජාතික සංවර්ධන ක්‍රියාදාමයට, රාජ්‍ය අංශය, රාජ්‍ය සංස්ථා, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය, විශ්ව විද්‍යාල, බැංකු, මූල්‍යායතන, පෞද්ගලික ව්‍යවසාය, කුඩා පරිමාණ නිෂ්පාදකයන් යන සියලු දෙනා විවිධාකාරයෙන් දායක වන්නෝය.
ආර්ථික ප්‍රගතියට සාමූහිකව දායක වන විශේෂිත ක්‍රියාදාම ඉටු කිරීම සඳහා, ආණ්ඩුව පාර්ලිමේන්තු පනත් ඔස්සේ සංස්ථාපිතයන් ගොඩනගනු ලබන්නේය.
අයිතික වශයෙන් නිර්වචනය කරනු ලබන, පැවරුම් තුළ, ශ්‍රී ලංකා මහ බැංකුව, ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, රාජ්‍ය දෙපාර්තමේන්තු, සහ රාජ්‍ය හිමිකාරීත්වය ඇති ව්‍යවසායන්හි මෙහෙයුම් කටයුතු සිදුවේ. කිසිදු තනි ආයතනයකට ස්වාධීනව ආර්ථික වර්ධනය උත්පාදනය කළ නොහැකිය.
එක් එක් ආයතනවලට හිමි අවකාශය තුළ විවිධ ආයතනවල ක්‍රියාකාරීත්වය සිදුවී ඒවා ඵලදායි ලෙස ඒකරාශීව මිශ්‍ර වීමෙන් වර්ධනය හට ගනී.
මහ බැංකු අධිපතිවරයා නිවැරදිව පෙන්වා දුන් පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය වන්නේ සෘජුවම කාර්මික ප්‍රතිපත්තිය (සැකසීම) සූත්‍රගත කිරීම හෝ මුදල් අමාත්‍යාංශය හෝ ආයෝජන මණ්ඩලය කරන ආකාරයට සෘජුවම ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම නොවේ. ඒ ආකාරයට මිල ස්ථාවරත්වය පවත්වා ගැනීම ආයෝජන මණ්ඩලයට පවරා හෝ රටේ මහා මාර්ග සම්බන්ධීකරණයේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවට පවරා නැත. එය මාර්ග සංවර්ධන අධිකාරියේ වගකීමකි.
ශ්‍රී ලංකා මහා බැංකුව ඇතුළු සෑම එක් එක් ආයතනයක්ම එක් එක් පනත යටතේ විශේෂිතව පවරා ඇති කාර්යදාමයක් හරහා පුළුල් සංවර්ධන ක්‍රියාදාමයකට දායකවේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දායකත්වය රැඳී ඇත්තේ, සාර්ව ආර්ථික ස්ථාවරත්වය නිර්මාණය කිරීම, මූල්‍ය පද්ධතිය තුළින් විශ්වාසය පවත්වා ගැනීම, දෘවශීලතාව සහතික කිරීම, ණය ප්‍රවාහයන්ට සහයෝගය දීම, උද්ධමනය ස්ථාවරකරණය, ගෙවීම් ක්‍රමය ආරක්ෂා කිරීම, සහ මූල්‍ය වෙළෙඳපොළ ශක්තිමත් කිරීම ආදිය තුළය. මේවා ස්ථීරසාර වර්ධනයක මගහැරිය නොහැකි පෙර කොන්දේසි වන්නේය.
එම නිසා ශ්‍රී ලංකා මහ බැංකුව සෘජුවම ආර්ථික වර්ධනය මෙහෙයවීම නොකරනවා විය හැකි වන අතර ප්‍රශ්න කිරීමකින් තොරව ඊට පහසුකම් සැලසීමට සහ සහයෝගය දීමට බැඳී සිටී.
වර්ධනයේ තීරණාත්මක කාර්යභාරයක් පවතී:-
විශේෂයෙන් දළ දේශීය නිෂ්පාදන අනුපාතය වර්ධනය කිරීම ප්‍රතිපත්තිමය අරමුණක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ඉලක්ක කර නොගන්නා නමුත් ආර්ථික වර්ධනය එහි කාර්යභාරයේ මූලික කටයුත්තකි.
මිල ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ මූල්‍ය ක්‍රමයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුව, ව්‍යාපාර ආයෝජනය, බැංකු ණය දීම, ව්‍යවසාය ව්‍යාප්තිය ආදියට සහ විශ්වාසයෙන් යුතුව පරිභෝජකයන්ට වියදම් කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරනු ලබන්නේය. මෙම කාර්යභාරය, සෘජුව කරන්නේද, අනියම්ව සෘජු නොවන ආකාරයෙන් සිදු කරන්නේ ද යන්න වැඩිපුරම පද භාවිතාව පිළිබඳ ප්‍රශ්නයකි.
බැංකුව ආණ්ඩුවේ පුළුල් යාන්ත්‍රණයෙන්, හුදෙකලා වූවක් නොවේ.
සමාප්තිය:-
මහා බැංකු අධිපතිවරයා නිවැරදිව ප්‍රකාශ කළ පරිදි, නෛතික වශයෙන් නිර්වචනය කළ මහ බැංකුවේ අරමුණු වන්නේ, දේශීය මිල ස්ථාවරභාවය පවත්වා ගැනීම සහ මූල්‍ය ක්‍රමයේ ස්ථාවරත්වය පවත්වා ගන්නා අතරතුර, වර්ධනය පිණිස අවශ්‍ය වන්නා වූ ස්ථාවර සාර්ව අර්ථික පරිසරයේ නිර්මාණය කිරීමයි. එම මූලධර්මය ඒ හා සමානවම, නිශ්චිත ව්‍යවස්ථාමය පැවරුම් තුළ මෙහෙයුම් සිදු කෙරෙන අනෙකුත් රාජ්‍ය ආයතනවලටද අදාළය.
වර්ධනයේ අර්ථලාභීන් ලෙස මහජනතාවට ඇති සැබෑ ගැටලුව වන්නේ එක් ආයතනයක් තනිවම, වර්ධනයට, ඵලදායීතාවට හෝ සෘජු විදේශ ආයෝජනවලට වග කිව යුත්තේ ද යන්න නොවේ. වැදගත් ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව ඇතුළු සියලුම ආයතන, ආයතනවලට අයත් පනත් යටතේ පැවරූ කාර්යභාරය, ඵලදායී ලෙස ඉටු ඉටු කරන්නේද යන්නය. එවිට රජයට සාර්ථක ලෙස, වර්ධනය, ඵලදායිතාව, ආයෝජන සහ ජාතික මට්ටමේ සංවර්ධනය ප්‍රවර්ධනය කළ හැකිය.
2026 ජූලි17 Daily FT හි පළවූ
Driving economic growth is not the Central Bank’s mandate: Whose mandate is it ?
ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd