IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


‘ආර්ථික වර්ධන වේගය සියයට 3.1 ක් බලාපොරොත්තු වෙනවා’

(හර්ෂණ තුෂාර සිල්වා)

මේ වසරේ මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 3.1ක් වනු ඇතැයි  බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (23) පැවසීය.

මෙම වසරේ දෙවැනි කාර්තුවේදී මෙරට ආර්ථිකය 2.1 කින් වැඩිවී ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා කීවේය.

ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ අද (23) පැවැති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපතිවරයා එම කරුණු සඳහන් කළේය. මෙහිදි මේ වසරේ පස්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ද ඉදිරිපත් කළේය. 

දැනුම් දී තිබෙන අදාළ කාලරාමුව තුළ අපේක්ෂිත පරිදි ණය පොළී අනුපාතිකවල පහළ යෑම සිදු නොවුණහොත් මූල්‍ය ආයතනවල වෙළෙඳපොළ ණය පොළී අනුපාතික සඳහා සුදුසු සීමා පැනවීමට කටයුතු කරන බව ද මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙහිදි කීවේය.

 
ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳපොළ වෙළෙඳපොළ ණය පොළී අනුපාතිකවල ප්‍රවණතා අඛණ්ඩව අධීක්ෂණය කරන බවත් ණය පොළී අනුපාතිකවල පහළ යෑමක් සිදු නොවුණහොත් සුදුසු සීමා පැනවීමට මුදල් මණ්ඩලය නිර්දේශ කරනු ඇති බවත් හෙතෙම කීවේය. අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා බව ද මහ බැංකු අධිපතිවරයා කීය. 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල නොවූ බවත් එහෙත් සති කිහිපයකදී යම් පසු බැසීමක් වූ බවත් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කීවේය. 

තැන්පතු අනුපාත සහ බැංකු මත දැනටමත් අදාළ සීමා පනවා ඇතැයි ද ඔහු පැවැසීය. 
මේ අතර මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් ප්‍රතිපත්ති පොළී අනුපාතික අඩු කරන බව මහ බැංකුව නිවේදනය කළේය.



අදහස් (14)

‘ආර්ථික වර්ධන වේගය සියයට 3.1 ක් බලාපොරොත්තු වෙනවා’

විජිත් Friday, 23 August 2019 01:46 PM

ආසියාවේ අඩුම ආර්ථික වර්ධන වේගය කියන ටයිටල් එක ගන්න නම් ඇෆ්ඝනිස්ථානයේ රෙකෝඩ් එක කඩන්න ඕනෑ. තවත් කාපල්ලා රට... පව්නොදී පලයල්ලා යන තැනක... මේ කිව්වේ ඔක්කොම දේශපාලුවන්ටයි. අපි අලුත්ම කණ්ඩායමක් අරන් රට නගන හැටි පෙන්වමු. මේ අපිට ලැබෙන අවසන් අවස්ථාවයි.

:       80       325

Bamnuarachchi Friday, 23 August 2019 04:02 PM

3.1% බලාපොරොත්තු වෙනවා ෂුවර් නැහැ. මහින්දගේ කාලේ යුද්ධයකුත් කරලා සංවර්ධනයත් කරලා ආර්ථික වර්ධනය 7.5 යි... ඔන්න වෙනස.

:       468       568

himalSunday, 25 August 2019 07:54 AM

ඒක එහෙම නම් ඒ කාලේ ඒ රජයේ ඇමතිවරුම මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන වල නිරවද්‍යබව ගැන සැකකරේ ඇයි? ඒ කාලේ ඉලක්කම් ලෙස ඔය කියනා අගයන් එන්න එක හේතුවක් වුනේ ගිනි පොළියට ණය අරගෙන ඒ ණයවලින් චීනෙන් කම්කරුවො ගෙනැල්ලා හම්බන්තොට වරාය, ක්‍රීඩා පිටිය, මත්තල ගුවන් තො‍ටුපළ වගේ සුදු අලි හදපු නිසා. ඒකෙන් ඉලක්කමක් ලෙස ඊනියා ආර්ථික වර්ධනයක් පෙන්නුවට ඒකෙන් සැබෑ යහපතක් වෙන්නෙ නෑ.ඔබ එල්ලෙන්නේ හදන්නෙ කේන්සියානු ආර්ථික විද්‍යා පිළිවෙතේ නම් ඔබට වැරදිලා. මොකද අද දවසේ ආර්ථික මූලෝපාය වෙන්නේ ආර්ථික ස්ථාවරත්වය, ඒකට සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ උච්චාවචනය සීමා කරන්න වෙනවා.

:       45       202

BamunuarachchiTuesday, 27 August 2019 05:44 AM

2010-වර්දනය 8% 2011- වර්දනය 8.4% 2013-වර්දනය 9.1% 2014-වර්දනය 5.0%. තවත් කතාකොරනවා ලජ්ජා නැතිව.

:       42       74

athuraTuesday, 27 August 2019 11:11 AM

බමුණා කිව්වා නම් බලන්න 2014 වුනේ ඇයි කියල.

:       64       20

wipulMonday, 02 September 2019 09:11 AM

කරුණාකර 2011, 2012, 2013, 2014 දත්ත කණ්ණාඩියක් දාලා හොඳට බලනවා නම් හොඳයි..

:       0       0

sirisenaMonday, 02 September 2019 12:08 PM

2013 වර්ධනය 3.4% /2014-5% 2015 -5% මෙය මහින්දගේ පාලන කාලය. මේ පල්ලම් බැස්ම ඩවුන් ටර්න් එකක් පටන්ගෙන තිබෙනවා. ඒ මොකද?

:       0       0

muditha Saturday, 24 August 2019 02:41 AM

පුළුවන් තරම් බැංකු හිර කරලා පුද්ගලික අංශෙට පහසුකම් දෙන්නේ නැතුව කොහොමද මහත්තයෝ රට වර්ධනය වෙන්නේ ?????

:       71       97

menna Saturday, 24 August 2019 01:23 PM

මේ අගය හොඳයි. ලංකාවේ භූමියට, ජනගහනයට ඔරොත්තු දෙන්නේ නැති වේගයක් තිබුණොත් මිනිසුන්ගේ අසහනය, ආතතිය අස්වාභාවිකව වර්ධනය වෙන එකයි වෙන්නේ... පරිසර හානිය, සමාජ ක්‍රියාකාරකම්වල අසමබරතාව වර්ධනය වෙන එකයි වෙන්නේ...

:       141       137

chandima Monday, 26 August 2019 07:46 PM

හරියටම ගණන් කියන්න එපා. අන්න අර 225 දෙන යන්න බැහැ කියනවලු ගාන අහල.

:       0       1

Harshana Tuesday, 27 August 2019 06:28 AM

7.5% ට තිබුන ආර්තික වර්ධනය 3% බස්සල, මහ බැංකුව හොරා කාල කාබාසිනියා කරල, ලාබ ගන්න තිබුන හම්බන්තොට වරාය ගලක් තියෙනව කියල පච කෙලල චීනෙට විකුනල තවත් එනව බයිල කියවන්න.

:       64       83

athuraTuesday, 27 August 2019 11:12 AM

7.5% ට තිබුන බොරු ගණන් හිලවු අනුව.

:       51       30

Kumar Los Angeles Wednesday, 28 August 2019 05:03 PM

සිරිකොතේ අය ඔයාව ඇන්දුවට 7.5% තිබුණේ නැහැ කියලා අපි නම් දන්නවා. රටේ ආර්ථික වර්ධන වේගය 7.5%ක් තිබුණා කියලා. ඕකතමයි වෙන්නේ පස්ස දොරෙන් හොරෙන් රිංගලා අනුන්ගේ ඉඳුල් කන්න යන සමනලුන්ට. මොලේ කළඳක් නැති නිසා සිරිකොතෙන් කියන ඕනෑම පචයක් විශ්වාස කරනවා.

:       103       29

vernonFriday, 30 August 2019 05:05 AM

ඔය සංඛ්‍යා ලේඛන කතාවේ එක පැත්තක් තමයි කාලයක් තිස්සේ උතුරු නැගෙනහිර දත්ත අත් හැරලා නැත්නම් උපකල්පනය කරලා තමයි ආර්ථික වර්ධනය ගණන් ගත්තේ. යුද්ධෙ ඉවර වුනාට පස්සේ ඒ දත්ත අලුතින් එකතු වෙන්න ගත්තා. එතකොට ආර්ථික වර්ධනයක් පෙන්නුවා, ඒත් ඒ ඉලක්කමින්. අනෙක් පැත්තට ඔය වරායේ ගල කතාව ඒ කාලෙම ආපු කතාවක්. ඒක ඒ කාලෙම හරි ගස්සන්න තිබ්බා. දැන් මෙතන කියන මහ බැංකු කතාවෙදි අදාළ සු‍රැකුම්පත් ආයතනය ලියාපදිංචි වෙලා බැඳුම්කර අරගෙන තිබෙනවා පහුගිය ආණ්ඩු කාලේ පුරාම. අනෙක් අතට ඒ පොළී අනුපාතයට බැඳුම්කර නිකුත් කරලා තිබෙනවා පහුගිය ආණ්ඩු කාලෙත්. එතකොට මොකක්ද මහ බැංකුවට වෙච්ච වංචාව? කවුද ඒක පටන් ගත්තේ?

:       59       36

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 60 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 50 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 23 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 57 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 15 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 16 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 715 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1396 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site