(හර්ෂණ තුෂාර සිල්වා)
ඇඩ්වොකාටා ආයතතනය සංවිධානය කරන ‘ආර්ථික නිදහස’ සමුළුව අද (11) පස්වරුවේ කොළඹ නිපෝන් හෝටලයේදී ආරම්භ වීමට නියමිතය.
ලෝක ආර්ථික නිදහස පිළිබඳව වාර්තාව එළි දැක්වීමට සමගාමීව මෙම සමුළුව සංවිධානය කර තිබේ. එම වාර්තාව ප්‍රකාශයට පත් කරන කැනඩාවේ ෆ්‍රේසර් ආයතනය සහ නිදහස් වෙළෙඳපොළ පිළිබඳ ජාත්‍යන්තර චින්තන මණ්ඩල ජාලයක් වන ඇට්ලස් ජාලය සමඟ සහයෝගීත්වයෙන් ඇඞ්වොකාටා ආයතතනය ‘ආර්ථික නිදහස’ සමුළුව සංවිධානය කර තිබේ.
ප්‍රධාන සැසිවාර තුනකින් සමන්විත සමුළුවේ ප්‍රධාන සැසිවාරය වනුයේ විවෘත ආර්ථික ක්‍රමය ශ්‍රී ලාංකිකයන්ට යහපත උදා කිරීමට සමත් වීද යන්නයි. ඉන් අනතුරුව දෙවැනි ප්‍රධාන සැසිවාරය හෙට(12) සෞභාග්‍ය සඳහා ප්‍රතිපත්ති රාමුවක් ලෙස ආර්ථික නිදහස යන මැයෙන් සැසිවාරයක් පැවැත්වේ.
සමුළුවේ එම සැසිවාර දෙක ඉංග්‍රිසි බසින් පැවැත්වෙන අතර සිංහල බසින් ආර්ථික නිදහස සහ අපි යන මැයෙන් අනිද්දා 13 තෙවැනි ප්‍රධාන සැසිවාරය පැවැත්වේ. මහාචාර්ය රොහාන් සමරජීව මහතා එහි ප්‍රධාන දේශනය පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
420
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
449
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආර්ථික නිදහස සමුළුව අද අරැඹෙයි