IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ආරක්ෂක උපදේශක නියෝජිත පිරිසක් හම්බන්තොට වරායේ සංචාරයක

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ක්‍රියාකාරීත්වය දැක බලා ගැනීම සඳහා, ආරක්ෂක  උපදේශක නියෝජිත පිරිසක් පසුගියදා වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. නොයෙකුත් රටවල් ගණනාවක් නියෝජනය කළ ආරක්ෂක නිලධාරී කණ්ඩායමෙන් සමහරෙක්, කලාපයේ ක්‍රියාත්මක වන සිය නාවික යාත්‍රා, සේවා සහ අනෙකුත් පහසුකම් ලබා ගැනීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) වෙත  යොමු කිරීම පිළිබඳ උනන්දු වූ බව හම්බන්තොට වරාය සමාගම සඳහන් කරයි.

සංචාරයට සහභාගී වූ ආරක්ෂක උපදේශක නිලධාරීහු ඇමරිකා එක්සත් ජනපදය, මාලදිවයින, ප්‍රංශය, ජර්මනිය, කෙන්යාව, කොරියානු ජනරජය, මෙක්සිකෝව, නෙදර්ලන්තය, පෝලන්තය සහ ස්විට්සර්ලන්තය යන රටවල් නියෝජනය කළහ.

හම්බන්තොට ඉන්ටර්නැෂනල් පොර්ට් සර්විසස් සමාගමේ (HIPS) සාමාන්‍යාධිකාරී කපිතාන් මියුරු ගුණසේකර, HIPS ආරක්ෂක විශේෂඥ ඩිලාන් සිල්වා, කාවන්තිස්ස නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරි, සහ ජාත්‍යන්තර නෞකා සහ වරාය ආරක්ෂක කාර්යාලය (ISPS) හා නාවික අංශ සඳහා පෙනීසිටින නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් නියෝජිත පිරිස පිළිගනු ලැබීය. ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව සිදු වූ සංචාරයට ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ පොලිසියේ නියෝජිතයෝද සහභාගි වූහ.

මෑතකදී ඉන්දියානු නාවික යාත්‍රා දෙකක්  සේවා සහ අනෙකුත් පහසුකම් සපයා ගැනීම සඳහා HIP වෙත පැමිණියේය. පසුගිය වසරවලදී ජපානය, ඉන්දුනීසියාව, රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල නාවික යාත්‍රා හම්බන්තොට වරායට පැමිණ ඇත. හම්බන්තොට වරාය  මීටර් 17ක ජල ගැඹුරකින් යුත් බහුකාර්ය වරායකි.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

ආරක්ෂක උපදේශක නියෝජිත පිරිසක් හම්බන්තොට වරායේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site