ලංකා වානිජ මණ්ඩලය මගින් ලබන දෙසැම්බර් 02 සහ 03 වැනිදා කොළඹදී සංවිධානය කරනSri Lanka Economic and Investment Summit 2025 හි දෙවැනි දවසේ ප්‍රධානතම ඉසව්වක් ලෙස “Why Sri Lanka – Investor View” තේමාව යටතේ පෞද්ගලික අංශයේ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂිත සාකච්ඡා වටයක් පැවැත්වෙන බව පවසයි.
මෙම සාකච්ඡා වටයේදී උපායමාර්ගික ආයෝජනය, අපනයන පුළුල්කරණය ඇතුළු ප්‍රධාන උපායමාර්ගික කාරණා පිළිබඳව අවධානයට ලක් කරන බව පවසයි. ඒ හරහා දළ ජාතික නිෂ්පාදනය සහ ඒක පුද්ගල ආදායම ඉහළ නැංවීමට ලබාදිය හැකි දායකත්වය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානයට යොමු කෙරේ.මෙහිදී ප්‍රධාන දේශනය IFC South Asia හි කලාපීය අධ්‍යක්ෂ ඉමාද් ෆකොයුරි විසින් සිදු කිරීමට නියමිතව තිබේ. පසුව පැවැත්වෙන සාකච්ඡා වටයේදී ආයෝජන පරිසරය සහ තිරසාර දිගුකාලීන ප්‍රාග්ධනයක් ආකර්ෂණය සඳහා කළ යුතු කටයුතු මොනවාද යන්න පිළිබඳව සාකච්ඡා කෙරේ.
මේ සඳහා ආසිආටා ගෘප් බර්හාඩ්හි සමූහ ප්‍රධාන විධායක සහ කළමනාකාර අධ්‍යක්ෂ විවේක් සූද්, Variosystems (පෞද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තෙවාන් සතීස්වරන්, යුනිලිවර් ශ්‍රී ලංකාහි සභාපති/ප්‍රධාන විධායක අලි තාරික්, කොළඹ වරාය නගර පෞද්ගලික සමාගමේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ සම්බන්ධ වෙයි. මෙම සාකච්ඡාව මෙහෙයවීම 5-hour International Corporation (පෞද්) සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී කස්තුරි චෙල්ලරාජා විල්සන් විසින් සිදු කරයි.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආයෝජන සමුළුවේදී ‘‘ආයෝජක දැක්ම’’ විශේෂ සැසියක්