IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආයෝජන නැඹුරුව සලකා කොටස් මිල ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 ඉක්මවා ගිය අතර මිල දී ගැනීමේ ස්ථාවර ස්වභාවයක් නිරීක්ෂණය කළ හැකි විය. ලංකා දුම්කොල සමාගම ප්‍රතිලාභ ප්‍රකාශයට පත්කරන ලද අතර කොටසකට රු. තිස් දෙකක් ගෙවන්නට යෝජිතය. මෙදින ගනුදෙනුවල දී කොටසක මිල රු. තිහ ඉක්මවා ඉහළ ගියේය. ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කොටසක් සඳහා ද  පහක ප්‍රතිලාභ ප්‍රකාශයට පත් කළ අතර එහි දී ද එම සමාගමේ කොටස් මිල දී ගැනීමට යුහුසුළු වූ ස්වභාවයක් දැකගත හැකි විය.
මහජන චීන සමූහාණ්ඩුවේ වෙළෙඳ අමාත්‍යවරයා කොළඹට පැමිණීමට නියමිත අතර ඔහු සමග මෙරටට එන සමාගම් හැත්තෑ හතක ප්‍රධානීන් ගේ ආයෝජන සමුළුවක් මෙම මස අවසානයේ දී පැවැත්වීමට වාණිජ මණ්ඩලය කටයුතු යොදා තිබේ. මෙම ව්‍යවසායකත්වය මගින් රටට ඇති කරන අවස්ථා කෙරෙහි අවධානය යොමු කරන මෙරට ගනුදෙනුකරුවන් මිල දී ගැනීම් කෙරෙහි නැඹුරුවන බව පෙනේ. 
දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,314.79 ක් වු අතර එය දර්ශක 185.55 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,795.63 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 61.60 ක වර්ධනයක් සේ  දැක්විය හැකිය. මෙදින ගනුදෙනු 23,330 ක් වාර්තා වූ අතර සමාගම් 169 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 57 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 4,556.82 කි. දිනයේ පවත්වාගෙන ගිය ස්ථාවරත්වය ආරම්භයේ සිට වර්ධනයක් පෙන්නුම් කළ අතර මිල දී ගැනීම් ඉහළ ගියේය. 
ලංකා රියැලටි ඉන්වෙස්ට්මන් රු. මිලියන 467 ක, ලංකා ඔරෙක්ස් ලීසිං  රු. මිලියන 280 ක, කොමර්ෂල් බැංකුව රු. මිලියන 248 ක, ජෝන් කීල්ස් රු. මිලියන 174 ක, සම්පත්රු. මිලියන රු. 169 ක, එල්. බී. ෆිනෑන්ස් රු මිලියන 138 ක, වැලිබල් වන් රු. මිලියන 125 ක සහ යුනයිටඩ් මෝටර්ස්  රු. මිලියන 111 ක වශයෙන් කොටස් වැඩිම ප්‍රමාණයකින් හුවමාරු වූ අවස්ථා වශයෙන් දැක්වේ.
නිරීක්ෂක



අදහස් (0)

ආයෝජන නැඹුරුව සලකා කොටස් මිල ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site