වර්තමානයේ ශ්‍රි ලංකාව තුළ ආයෝජකයින්ට හිතකර පරිසරයක් ගොඩනැගී ඇති බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ජිනීවා හිදී ජර්මානු නියෝජිතයින් පිරිසක් අමතමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව කීවේය.
ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ නව පාලනය මගින් හිතකර තත්ත්වයක් උදා කර ඇති බවයි.මේ වන විටත් ශ්‍රී ලංකාව ජර්මානු සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගැනීමට සමත්ව ඇති බව එහිදී අමාත්‍යවරයා කීවේය
එසේම ලංකාව තුළ වර්තමානයේ අධිකරණයේ ස්වාධීනත්වය ගොඩනගා ඇති බැවින් ආයෝජකයින්ට බියෙන් සැකෙන් තොරව ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ හැකියාව ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
ජර්මනිය සමඟ පවතින ද්වීපාර්ශවික ගනුදෙනු තවත් ශක්තිමත් කර ගැනීමට ශ්‍රීලංකාව අපේක්ෂාවෙන් සිටින බව මංගල සමරවීර අමාත්‍යවරයා කීයේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ආයෝජකයන්ට ලංකාව හිතකර බව ඇමති මංගල කියයි
පලනිප්පන් යෝගනාදන් Wednesday, 03 June 2015 02:18 PM
මොවුන් අපිට හැමදාම කියනවා අපිත් අහනවා, වෙනසක් පේන තෙක් මානයක නැහැ. (ර)
ජයවීර Saturday, 06 June 2015 05:07 PM
මම ඉන්නෙත් ජර්මනියේ. බටහිර යුරෝපයට අයත් රටවලට දැන් ලංකාව අමතකවෙලා ඉවරයි. නමුත් මාලදිවයිනට එන බටහිර යුරෝපයේ සංචාරකයෝ වැහිවැහැලා. (නි)
සුනිල් පෙරේරා Monday, 25 May 2015 01:23 AM
1815 සිට ආයෝජනය කළ විදේශීය සංකල්ප නිසා මේ රන් විජිතය තවත් සතර අපායකට පාර කපන ඒ මඟ යන දේශපාලුවන් වනසා විනාශ කර දමන යුගය අවසානයේ,මේ සුන්දර රට නැතිවී යන දිනය වැඩි ඈතක නොවේ ....!!! (නි)
විමුක්ති Tuesday, 26 May 2015 08:10 AM
අනේ මේ සුනිල් ඕවා අභයාරාමයට ගිහින් කියන්න (බ)