වර්තමානයේ ශ්‍රි ලංකාව තුළ ආයෝජකයින්ට හිතකර පරිසරයක් ගොඩනැගී ඇති බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ජිනීවා හිදී ජර්මානු නියෝජිතයින් පිරිසක් අමතමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව කීවේය.
ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ නව පාලනය මගින් හිතකර තත්ත්වයක් උදා කර ඇති බවයි.මේ වන විටත් ශ්‍රී ලංකාව ජර්මානු සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගැනීමට සමත්ව ඇති බව එහිදී අමාත්‍යවරයා කීවේය
එසේම ලංකාව තුළ වර්තමානයේ අධිකරණයේ ස්වාධීනත්වය ගොඩනගා ඇති බැවින් ආයෝජකයින්ට බියෙන් සැකෙන් තොරව ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ හැකියාව ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
ජර්මනිය සමඟ පවතින ද්වීපාර්ශවික ගනුදෙනු තවත් ශක්තිමත් කර ගැනීමට ශ්‍රීලංකාව අපේක්ෂාවෙන් සිටින බව මංගල සමරවීර අමාත්‍යවරයා කීයේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් අපිට හැමදාම කියනවා අපිත් අහනවා, වෙනසක් පේන තෙක් මානයක නැහැ. (ර)
මම ඉන්නෙත් ජර්මනියේ. බටහිර යුරෝපයට අයත් රටවලට දැන් ලංකාව අමතකවෙලා ඉවරයි. නමුත් මාලදිවයිනට එන බටහිර යුරෝපයේ සංචාරකයෝ වැහිවැහැලා. (නි)
1815 සිට ආයෝජනය කළ විදේශීය සංකල්ප නිසා මේ රන් විජිතය තවත් සතර අපායකට පාර කපන ඒ මඟ යන දේශපාලුවන් වනසා විනාශ කර දමන යුගය අවසානයේ,මේ සුන්දර රට නැතිවී යන දිනය වැඩි ඈතක නොවේ ....!!! (නි)
අනේ මේ සුනිල් ඕවා අභයාරාමයට ගිහින් කියන්න (බ)