ඉදිරියේදී ආනයනය කරනු ලබන සහල් කිලෝ ග‍්‍රෑමයක් රුපියල් 76 කට වඩා වැඩි මිලකට අලෙවි කළ නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.
තමන් කළ පෞද්ගලික ඉල්ලීමක් අනුව ත්‍යාගයක් ලෙස සහල් මෙට්ටි‍්‍රක් ටොන් දස දහසක් ඉදිරි සති කිහිපය තුළ ශී‍්‍ර ලංකාවට ලබාදීමට ඉන්දුනිසියා රජය කැමැත්ත පළ කර තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.
පෞද්ගලික වෙළෙඳුන්ට සහ සහල් මෝල් හිමියන්ට අවශ්‍ය පරිදි සහල් මිල ඉහළ නංවා සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත් කළ නොහැකි බව ජනාධිපතිවරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෑග්ගත් විකුනන්නද හදන්නේ. (ර)
දැනට ඇවිල්ලා තියෙන හාල් තොග මිල 86යි. මේවා හොයලා බලන්නේ නැද්ද? (නි)
පහුගිය කාලේ වී අතිරික්තයක් තියනවා කියලා මත්තලත් වී ගබඩා කළා නේද? මේ පාලකයෝ මේ රටේ ගොවියාවත් විනාශ කළා. අපේ රටේ මෝඩයින්ට මොවුන්ගේ අතේ පිරිත් නූල් බැඳලා තියනවා නම්, ඒ ඇතිනේ ඡන්දය දෙන්න (නි)
දැන් කන්නම ලැබෙයි මේ ගානට (නි)
තවම නම් අපි දැක්කෙ නැහැ (නි)
අනේ මේවා ගැන කතාකරන්න නාස්තිකරන කාලයත් අපරාදේ! (නි)
බලමු මේ ගානට හම්බවෙයිද කියලා (නි)
ලැජ්ජා නැද්ද දන්නෙ නැහැ මේ කෘෂිකාර්මික රටට සහල් පිටින් ගෙන්වන්න? (නි)
තෑග්ගත් විකුණන්කන ජරා සත්තු (ම)
අපිට නම් තවම මේ ගාණට කන්න ලැබුනේ නැහැ (නි)
තෑග්ගත් විකුණන් කන ජරා සත්තු (බ)
සරත් පොන්සේකා මහත්තයාට බලය දෙමු. (අ)
සරත් පොන්සේකා මහත්තයාට බලය දෙමු, (බ)
බත් කන එක නවතමු. කොස්කොල කන එක දියවැඩියාවට සහ කොලෙස්ටරෝල් වලට ගුණදායක කෑමක් කියලා ආයුර්වේදයේත් සඳහන් වෙනවා. (නි)
දැන් හාල් ගන්න සතොසේ පෝලිම ලු අපිට පෝලිමේ ඉදල හාල් ගන්න පෝලිම් වල ඉන්න වෙලා (ම)
පසුගිය රජය විසින් භාරදුන් මහා බැංකුව සතු සංචිත වන ඇමරිකානු ඩොලර් 8.5 මේ වනවිට ඩොලර් බිලියන 4 කටත් වඩා අඩුවූයේ රජය ගත් කෙටිකාලීන වැරදි තීරණය නිසා. හැම ප්‍රශ්නයකටම හේතුව මෝඩ තීරණ. හාල් ගැනත් කියන්න තියෙන්නේ ඔච්චරයි. (නි)
සුනාමි කාලෙත් යුද්ධය තිබුන කාලෙත් නැති හාල් අහේනියක් ලංකාවට ඇතිවෙලා තියෙන්නේ කොහොමද කියලා රටට කියන්න. නියඟය මීට පෙරත් ඇවිල්ලා තියෙනවා. මාධ්‍ය මඟින් ඒ සෑම වතාවකම ජනතාව ලවා උදව් අරගෙන සහන දුන්නා. නමුත් ලංකාවේ රතුහාල් කිලෝ එක රුපියල් සීයට ගියේ නැහැ. ගොවි ජනතාව වී නිෂ්පාදනයෙන් ඈත්වීමට පොහොර සහනාධාරය කපාහැර එයට සුළු මුදලක් දීම වගේම සමහර පළාත්වලට වී වගාව සදහා ජලය නොදීමද වගේ කරුණු තියෙනවා. අඩු ගණනේ වැඩිකළ බදු ප්‍රමාණයද ටික කලකට අඩු කරන්න. (නි)
ත්‍යාගයක් ලෙස ලැබුන හාල්ද රු 76ට විකුණන්නේ? (නි)
මේක නම් හරියට දන්සැලකට කියලා බඩු එකතු කරලා එ්වා විකුණාගත්තා වගේ වැඩක්. ත්‍යාගයක් විදියට ලැබුනා නම් එ්ක ත්‍යාගයක්ම වියයුතුයි නේද? (නි)
ඇල වේලි පිළිසකර කරන්නට කෘෂිකර්ම අමාත්‍යංශය ගොඩනැගිල්ලට ගෙවන කුලිය යොදවන්න. ඒවිට සහල් රුපියල් 76ක් වෙන එකක් නැහැ.(හේ)
ඇයි තමන් කළ පෞද්ගලික ඉල්ලීමක් අනුව ත්‍යාගයක් ලෙස සහල් ඉල්ලන්නේ? මෙය ලංකාව බාල්දු කිරීමක් ලෙසයි මම නම් දකින්නේ (නි)
ජනාධිපතිතුමනි, ඔබතුමාගේ තීරණ ක්‍රියාත්මක වෙයිද කියලා සැකයක් මහජනතාව ඉදිරියේ තියනවා. මොකද අර ලොතරැයිය, එහෙම නැත්නම් ඉඩම් ගොඩකිරීම වගේ ඒවා සිදුවෙනවනේ. මෙම සහල් සුදුසු අයට පමණක් බෙදාහැරීමට නිසි ක්‍රමවේදයක් මුලින්ම සැකසුවොත් යහපති. (නි)
ඉතාම හොඳ තීරණයක් (නි)
වර්තමාන රජය විසින් කෘෂිකර්මාන්තයට තැනක් නොදීපු හින්දා තමයි මේ කල උදාවුණේ. ලෝකේ හොඳම වාරි තාක්ෂණය තියෙන රට. ගංගා ඇළ දොළ තියෙන රට. අවිධිමත් කළමනාකරණය නිසා කෘෂිකර්මාන්තය කඩාවැටි තිබේ. මෙවැනි අසාර්ථක දැක්මක් තුළින් රටේ ආහාර ප්‍රශ්නයට විසඳුම් දියහැකිද ? (නි)
බලමුකෝ ඔය කියන දේවල් වෙයිද කියලා (නි)
නියමයිනේ! කට්ටියට ගොවිතැන අත්හැරලා නිකම්ම කකා බිබී ඉන්න පුුලුවන් (නි)
ඇමතිතුමා නම් කිවුවේ රුපියල් තිහට. දැන් මොකද මේ 76 වෙලා? (නි)
පෞද්ගලික වෙළෙඳුන්ට සහ සහල්මෝල් හිමියන්ට අවශ්‍ය පරිදි සහල් මිල ඉහළ නංවා සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත් කළ නොහැකි බව ජනාධිපතිවරයා කියයි. ඒ වුණාට එ්ක කෙරෙනවනේ. අනේ! දැන් ලෝකේ රටවල් වලින් ඉල්ලලා රටවැසියාගේ කුසගින්න නිවන්නද හදන්නේ. (නි)
ගෝඨාභය මහතාට බලය දෙමු (නි)
මේක හිඟාකනවා වගෙයිනේ. ඔබතුමන්ලාගේ වැරදි වලට අැයි අපිව ලෝකෙට බාල්දු කරන්නේ. (නි)
නියමයි එහෙනම්. අනේ වාසනාවන්! (නි)
තෑගි ලෙස අරගෙන 76 ට විකුණනවා. කාටද ඒ සල්ලි. කලවමට කන්න පුලුවන්නම් කොස් කොළ ටිකකුත් එවන්න කියන්න. (නි)
බලමු මේ ගානට ගන්න පුලුවන් වෙයිද කියලා (නි)