රංජන් කස්තුරි
ආනයනික රත්තරන් සඳහා සියයට 15ක තීරුබද්දක් පැනවූ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙරටට ආනයනය කරන රත්තරන්වලින් වැඩි ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස වෙනත් රටවලට යැවෙන බවට කරුණු ආනාවරණය වීම මත එය නතර කිරීමේ පියවරක් ලෙස එම තීරුබද්ද පැනවූ බවද මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
මේ අතර කොළඹ හෙට්ටිවීදිය රත්තරන් භාණ්ඩ අලෙවිසැල් හිමිකරුවන් සඳහන් කළේ නව තීරුබද්දත් සමඟ රත්තරං පවුමක මිල රුපියල් 64000 පමණ දක්වා ඉහළ නගින බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනවශ්‍ය පුද්ගලයින් ගන්න නිසා කාර් මිල වැඩිකළා. මත්පැන් බීම අඩුකරන්න මත්පැන්වල මිල වැඩිකර රෑ 10 වනතුරු වයින් ස්ටෝස් අරින්න කීව්වා.. දැන් නීති විරෝධී රත්තරන් නවත්වන්න බදු ගැහැව්වා. දැන් අර කොටළුවෝ 62 හුරේ දානවා ඇති. මහදැනමුත්තාගේ මොලේගැන පැහැදිලා. බදු ගැහිල්ල නොවෙයි ප්‍රශ්නය එ්කට දෙන හේතුයි හිතාගන්න බැරි. හලෝ මේවා කියවන අපි අර 62 කට්ටිය නොවේ.
ආණ්ඩුවට බදු ගහන්න තව මොනවද ඉතුරුවෙලා තියෙන්නේ?
නීති විරෝධී ක්‍රියාවන් නැවත්වීමට පියවර නොගෙන මෙවන් බදු පැනවීම නිසා ජනතාව මත තවත් බරක් පැටවේ. තවද මෙහි සබැ අරමුණ නීති විරෝධී ක්‍රියා නතර කිරීම නොව රජයේ අදායම වැඩි කර ගැනීම විය හැකිය.