IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ආනයන තහනම ඉවත් කිරීම මෝටර් රථ කර්මාන්තයට කොළ එළියක්

 


  • ණයවර ලිපිවලට ජපාන බැංකු දක්වන ප්‍රතිචාරය පිළිබඳ දෙගිඩියාවක්
  • රජයේ බදු ආදායම් ඉහළ යන පියවරක්
  • ලක්ෂ 20ත් 30ත් අතර පිරිසකට රැකියා අවස්ථා

රට තුළ වසර පහක් පුරා පැවැති මෝටර් රථ ආනයන තහනම ලබන පෙබරවාරි මාසයේදී ලිහිල් කිරිමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තුවක පසුවන බව මෝටර් රථ කර්මාන්තකරුවෝ පවසති. 

මෙරට තුළ මෝටර් රථ අපනයනකරුවන් සහ ආනයනකරුවන් නියෝජනය කරමින් පසුගියදා පැවැත්වූ  ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී මෙම මෝටර් රථ කර්මාන්තකරුවන් මේ අදහස් දක්වා සිටියේය. විශේෂයෙන්ම මෙම තීරණය තුළ අභියෝග මෙන්ම අවස්ථාවද පවතින බව ඔවුහූ මෙහිදී පෙන්වා දී තිබේ.

ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය (SLBCJ), ජපානයේ ශ්‍රී ලංකා මෝටර් රථ සංගමය (SLAAJ), ගෝලීය ශ්‍රී ලංකා ව්‍යාපාර කවුන්සිලය (GFSLBC), ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIAL) සහ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIAL) එක්ව මෙම මාධ්‍ය හමුව පවත්වා ඇත.

ඒ අනුව රජය ගෙන ඇති මෙම තීරණයත් සමගින්ම රට තුළ බදු ආදායම කැපී පෙනෙන ලෙස ඉහළ යාම මෙන්ම රැකියා අවස්ථා ඇති වීම සිදුවනු ඇතැයි ඔවුහු පවසති. කෙසේ වෙතත් රටේ විදේශ මුදල් සංචිතය ආරක්ෂා කරගනිමින් මෙම කටයුතු සිදුකළ යුතුව ඇතැයිද ඔවුන් අවධාරණය කර තිබේ.

මෙහිදී අදහස් දක්වා සිටි SLBCJ හි සභාපති ජගත් රාමනායක මහතා, මෙම මෝටර් රථ ආනයනය සඳහා අතිශය වැදගත් වන ණයවර ලිපි සම්බන්ධයෙන් ජපානයේ බැංකු දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් පවතින බව පවසා තිබේ.

“සාමාන්‍යයෙන් ණයවර ලිපියක් විවෘත කළා කියන්නේ, කිසිදු සීමාවකින් තොරව අවශ්‍ය භාණ්ඩ නැව්ගත කිරීමට පුළුවන් කියලයි. ඒ වුණත්, ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් පස්සේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති වූ තත්වයත් සමගින්ම, ණයවර ලිපියක් විවෘත කිරිම ගැන බැංකු කොහොම ප්‍රතිචාර දක්වාවිද කියන දේ ගැන තවම පැහැදිලි නැහැ. ලබන මාසයේ සිට ජපාන බැංකු වඩාත් යහපත් ප්‍රතිචාර දක්වාවි කියලා අපි විශ්වාස කරනවා.” යනුවෙන් ඔහු සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි රාමනායක මහතා, මෙලෙස ආනයන සීමා ලිහිල් කෙරුණද ආසන්න කාල සීමාව තුළදී මහා පරිමාණයෙන් මෝටර් රථ ආනයනය කිරීමක් දැකගත නොහැකි වනු ඇතැයිද පවසා සිටියේය.

VIAL හි සභාපති සම්පත් මෙරින්චිගේ මහතා අදහස් දක්වමින්, මෙම ආනයන සීමා ලිහිල් කිරිම හරහා රජයට කැපී පෙනෙන බදු ආදායමක් රැස් කරගැනීමට හැකියාව ලැබෙන බව පෙන්වා දුන්නේය. එසේම ආර්ථිකයේ සක්‍රියතාව සඳහාද එය වැදගත් බවත් ඔහු සඳහන් කළේය.

VIASL හි සභාපති ප්‍රසාද් මානගේ මහතා අදහස් දක්වමින්, මෙලෙස ආනයන සීමා ලිහිල් කිරිමත් සමගින්ම රට තුළ කැපී පෙනෙන ලෙස ඍජු මෙන්ම වක්‍ර රැකියා අවස්ථා බිහි වනු ඇතැයි පෙන්වා දුන්නේය. ඒ අනුව මේ හරහා උත්පාදනය වන රැකියා සංඛ්‍යාව ලක්ෂ 20ත් 30ත් අතර වනු ඇතැයිද ඔහුගේ අදහස විය.

කෙසේ වෙතත් මෙම ක්‍රමවේදය තුළ සිදු කරන අත්වැරදීමක් නැවතත් වෙළෙඳ පොළ වසා දැමීම සඳහා හේතුවක් වනු ඇතැයිද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. “අපි කිසිවකුටත් මේ ක්‍රමවේදය වරදිනවා දකින්න වුවමනාවක් නැහැ.” 

රට තුළ දරුණු අර්බුදයක් බවට පත් වෙමින් තිබූ විදේශ මුදල් සංචිතය ආරක්ෂා කරගැනීමේ අරමුණින් 2020 වසරේ මාර්තු මාසයේදී එවකට පැවැති රජය මගින් මෙම මෝටර් රථ ආනයන තහනම ක්‍රියාත්මක කළේය.

මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුමේ ප්‍රධානී පීටර් බෘවර්, වාහන ආනයනය හරහා මෙරට බදු ආදායම ඉහළ යනු ඇති බවත්, එහිදී විදේශ මුදල් සංචිතය ආරක්ෂා කරගනිමින් එය සිදු කිරිම වැදගත් බවත් පෙන්වා දී තිබුණි.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අලු‍ත්ම වාර්තා අනුව 2024 නොවැම්බර් මාසය අවසන් වන විට මෙරට විදේශ සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.5ක් දක්වා වර්ධනය වී ඇතැයි සඳහන් කර තිබේ. 2023 දෙසැම්බර් මාසයේදී එය ඩොලර් බිලියන 4.4ක් ලෙස පැවතුණි.



අදහස් (0)

ආනයන තහනම ඉවත් කිරීම මෝටර් රථ කර්මාන්තයට කොළ එළියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 289 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 93 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 783 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site