IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ආනයන අපනයන බලපත අන්තර්ජාලයෙන්

( තිළිණි ද සිල්වා )

දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු වල දී ලිපි ලේඛන අතර ප්‍රමුඛ වන ආනයන අපනයන බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේ පහසුකම සැලසේ.
 
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා ඇත.
 
www.imexport.gov.lk සහ www.gov.lkයන වෙබ් අඩවි වලට  පිවිසීමෙන් මෙම පහසුකම ලබා ගත හැකිවේ.

මේ අනුව ආනයන අපනයන බලපත්‍රය ලබා ගැනීම සඳහා වන අයදුම්පත ඉහත වෙබ් අඩවි වෙත ප්‍රවේශ වී අයදුම්කරු  සම්පුර්ණ කිරීමෙන් පසු ඒ ඔස්සේම ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව වෙත යොමු කිරිමේ පහසුකම මෙම පද්ධතිය මගින් ලැබේ.
 
තවද මෙම ආනයන අපනයන බලපත්‍රය නිකුත් කිරීම සඳහා සෙසු ආයතන 23ක් මගින් අවශ්‍යය කෙරෙන නිර්දේශ සහ අනුමත කිරීම් සඳහා අයදුම්පත මෙම පද්ධතිය මගින් ස්වයංක්‍රීයව යොමු වන බවද ‍එමගින් බලපත්‍ර අයදුම්කරුවන්ට ඉතා කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් ලබා ගැනිමට හැකිවන බවද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.



අදහස් (4)

ආනයන අපනයන බලපත අන්තර්ජාලයෙන්

Gayan Dedigama Tuesday, 30 January 2018 05:36 AM

මේ වැඩේ නම් නියමයි. ඒත් වෙබ් පිටුව ක්‍රියාත්මක නැහැනේ.

:       0       38

රජින්ද Tuesday, 30 January 2018 04:05 PM

මේ ආයතන ගැන සහ ඒවායේ ව්‍යුහය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් ඇයි මේ හැම ආයතනයක්ම ආනයනකරුවන්ගෙන් මේ තරම් මුදල් ගරන්න ඔවුන්ගේ ක්‍රියාපටිපාටිය හදන්නේ. දැන් බලන්න මේ රටට ගුණාත්මක දෙයක් වුනත් ආනයනය කරනකොට රේගුවට බදු ගෙවන්න ඕන. වරාය ගාස්තු ගෙවන්න ඕන, ප්‍රමිති ආයතනයට ගෙවන්න ඕන, ඒ මදිවාට මේ මුළු භාණ්ඩ ගෙවන්න ආනයනකරුට යන මුළු වියදමෙන් ඒ මනුස්සය 0.4%කුත් තව බද්දකුත් මේ ආනයන-අපනයන පාලන දෙපාර්තමේන්තුවට ගෙවන්න ඕන. පොඩ්ඩක් කල්පනා කලොත් ගුණාත්මක වටිනාකමක් ඇති හොඳ දෙයක් අපේ මිනිස්සුන්ට අඩු මිලකට දෙන්න ආනයනකරුට අවශ්‍ය උනත් දැරිය නොහැකි බරක් රජය විසින් බදු සහ වෙනත් ගෙවීම් විදිහට ගන්නවානම් මේ ආයතන වලින් කිසිදූ ප්‍රයෝජනයක් ලැබේදැයි සිතිය යුතුව ඇත.

:       47       32

himalThursday, 01 February 2018 03:50 AM

ආනයනය කියන්නේ රටේ විදේශ විනිමය පිටට යන දෙයක්. ඒ වගේම ආයාත කරන දෙයින් රටේ දේශීය නිෂ්පාදනයට බලපෑමක් වෙනවා. ඒ නිසා බදු අය කරන එක වැරදියි කියන්න බෑ. ඔය කියන ගුණාත්මක දෙය ගුණාත්මකයි කියලා ලංකාවේ තහවුරු කර ගන්න නම් යම් ප්‍රමිතියක් යටතේ පරීක්ෂා කරන්න ඕන. ඒක හරි දෙයක්.

:       1       14

බැංකොක් අහමඩ් Wednesday, 31 January 2018 12:30 AM

එතකොට ගුවන් මගින් "පොට්ටනි" වශයෙන් ගෙන ඒවාට මොන ආනයන බලපත්‍රද තියෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 647 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17685 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 732 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site