( තිළිණි ද සිල්වා )
දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු වල දී ලිපි ලේඛන අතර ප්‍රමුඛ වන ආනයන අපනයන බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේ පහසුකම සැලසේ.
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා ඇත.
www.imexport.gov.lk සහ www.gov.lkයන වෙබ් අඩවි වලට පිවිසීමෙන් මෙම පහසුකම ලබා ගත හැකිවේ.
මේ අනුව ආනයන අපනයන බලපත්‍රය ලබා ගැනීම සඳහා වන අයදුම්පත ඉහත වෙබ් අඩවි වෙත ප්‍රවේශ වී අයදුම්කරු සම්පුර්ණ කිරීමෙන් පසු ඒ ඔස්සේම ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව වෙත යොමු කිරිමේ පහසුකම මෙම පද්ධතිය මගින් ලැබේ.
තවද මෙම ආනයන අපනයන බලපත්‍රය නිකුත් කිරීම සඳහා සෙසු ආයතන 23ක් මගින් අවශ්‍යය කෙරෙන නිර්දේශ සහ අනුමත කිරීම් සඳහා අයදුම්පත මෙම පද්ධතිය මගින් ස්වයංක්‍රීයව යොමු වන බවද එමගින් බලපත්‍ර අයදුම්කරුවන්ට ඉතා කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් ලබා ගැනිමට හැකිවන බවද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩේ නම් නියමයි. ඒත් වෙබ් පිටුව ක්‍රියාත්මක නැහැනේ.
මේ ආයතන ගැන සහ ඒවායේ ව්‍යුහය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් ඇයි මේ හැම ආයතනයක්ම ආනයනකරුවන්ගෙන් මේ තරම් මුදල් ගරන්න ඔවුන්ගේ ක්‍රියාපටිපාටිය හදන්නේ. දැන් බලන්න මේ රටට ගුණාත්මක දෙයක් වුනත් ආනයනය කරනකොට රේගුවට බදු ගෙවන්න ඕන. වරාය ගාස්තු ගෙවන්න ඕන, ප්‍රමිති ආයතනයට ගෙවන්න ඕන, ඒ මදිවාට මේ මුළු භාණ්ඩ ගෙවන්න ආනයනකරුට යන මුළු වියදමෙන් ඒ මනුස්සය 0.4%කුත් තව බද්දකුත් මේ ආනයන-අපනයන පාලන දෙපාර්තමේන්තුවට ගෙවන්න ඕන. පොඩ්ඩක් කල්පනා කලොත් ගුණාත්මක වටිනාකමක් ඇති හොඳ දෙයක් අපේ මිනිස්සුන්ට අඩු මිලකට දෙන්න ආනයනකරුට අවශ්‍ය උනත් දැරිය නොහැකි බරක් රජය විසින් බදු සහ වෙනත් ගෙවීම් විදිහට ගන්නවානම් මේ ආයතන වලින් කිසිදූ ප්‍රයෝජනයක් ලැබේදැයි සිතිය යුතුව ඇත.
එතකොට ගුවන් මගින් "පොට්ටනි" වශයෙන් ගෙන ඒවාට මොන ආනයන බලපත්‍රද තියෙන්නේ?