
යොහාන් භාසුර
දේශීය අපනයනකරුවන් සහ දේශීය කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනකරුවන්ට අවශ්‍ය සේවා සම්බන්ධයෙන් කාර්යක්ෂම ආකාරයෙන් පහසුකම් සැලසීම සහතිකිරීමට රජය “ජාතික තනි කවුළුව” පහසුකමේ වැදගත්කම හඳුනාගත් බවත් අවශ්‍ය සේවා මාර්ගගතව සැපයීමට ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබ ඇති බවත් නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.
අපනයනකරුවන් සහ ආනයනකරුවන් සඳහා අවශ්‍ය සේවා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මාර්ගගත ආකාරයෙන් ලබාදෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
විවිධ මට්ටම්වල කාර්ය සාධනය සමගින් තවත් ආයතන කීපයක් සේවා සැපයීම සඳහා මාර්ගාත ක්‍රමවේදය ඔස්සේ පහසුකම් සැලසීම දැනටමත් ආරම්භ කර ඇති බවත් මෙම ජාතික තනි කවුළුව ව්‍යාපෘතිය සමග දැනට සම්බන්ධ වී සිටින වාණිජ මණ්ඩල පහක් පහ, එනම් ලංකා වාණිජ මණ්ඩලය, ජාතික වාණිජ මණ්ඩලය, අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය, වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය සහ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය මෙම පහසුකම් සැලසීම අගය කරන බවත් ඒ මහතා කීය.
තෝරාගත් රජයේ ආයතන කීපයක් සිය සේවා ඩිජිටල් ආකාරවලින් සැපයීම ඔස්සේ රාජ්‍ය ආයතනවලට අපනයන හෝ ආනයනකරුවන් පැමිණීමකින් තොරව අනුකූලතාව සහ අනෙකුත් අවශ්‍යතා සපුරාලීමේ අවස්ථාව අපනයනකරුවන් සහ ආනයනකරුවන් වෙත දීම මෙහි අරමුණ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආනයන අපනයන අනුමැති කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට “ජාතික තනි කවුළුවක්”