( හර්ෂණ තුෂාර සිල්වා)
දේශපාලන ස්ථාවරත්වය නොමැතිව රටකට ඉදිරියට යා නොහැකි යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (20) ප්‍රකාශ කළේය.
දේශපාලනය ස්ථාවරත්වය නොමැතිව ඉදිරියට ගිය කිසිදු රටක් ගැන තමන් නොදන්නා බව කී මහ බැංකු අධිපතිවරයා දේශපාලන ස්ථාවරත්වය ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේදී ඉතා වැදගත් බව ද පැවැසීය.
‘ශ්‍රී ලංකා ජාතික මූල්‍ය අන්තර්ගත උපායමාර්ගයේ’ සංවර්ධන ක්‍රියාවලිය දියත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේ ආරම්භක සැසියේ පිළිගැනීමේ කතාව කරමින් මහ බැංකු අධිපතිවරයා එම කරුණු කීවේය.
ශ්‍රී ලංකාවට යම්කිසි ප්‍රගතියක් පෙන්වා ඇතැයි කී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ ද කීය.
“ආර්ථික සංවර්ධනයට දේශපාලන ස්ථාවරත්වය ඉතා වැදගත්. දේශපාලනය ස්ථාවරය නොමැතිව සංවර්ධනය ළඟා කරගත් කිසිදු රටක් ගැන මම දන්නේ නැහැ. ඉදිරියට යන්න නම් දේශපාලන ස්ථාවරත්වය ඉතා වැදගත්. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට දේශපාලන ස්ථාවරත්වය ඉතා වැදගත්. අපි නිවැරැදි මාර්ගයේ ගමන් කරන බව පෙනෙන්ට තිබෙනවා. අපිට යම්කිසි ප්‍රගතියක් දකින්න පුළුවන්. ප්‍රගතිය ප්‍රමාණවත් නැහැ. තවත් කළ යුතු දේවල් තිබෙනවා. වඩාත් වැදගත් කරුණු ප්‍රගතිය අත්පත් කරගෙන තිබෙන මාර්ගයේ ගමන් කිරීමයි. මාර්ගයෙන් පිට පැනීමට ඉඩ නොතැබිය යුතුයි. මේ අවස්ථාවේදී දේශපාලන ස්ථාවරත්වය ශ්‍රී ලංකාවට ඉතාම වැදගත්”.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථික වර්ධනය 3.5%
දේශපාලනය ස්ථාවරත්වය රැකගැනීමට මිනිස්සුන්ගේ මානසික තත්වය තේරුම් ගෙන ඊට අනුව රටේ නීති වෙනස් විය යුතුය . මන් හිතන්නේ අවස්ථානුකුල තීරණ ගැනීමේ වේගය අපේ රටේ මිනිසුන්ගේ ඉහලය.
අපි වහ වහා දේශපාලනය ස්ථාවර කිරීමට පෙළ ගැසෙමු . අසාර්ථක දේශපාලනඥයින් ඉවත් කරමු.