භානුක අමරසිංහ
හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ඉන්දියානු ජාතික අශීෂ් චන්ද්‍රා මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව ජූලි 01 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා විධායක අධ්‍යක්ෂවරයකු සහ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස පත් කෙරෙන බව සමාගම සඳහන් කරයි.
හේමාස් හෝල්ඩිංග්ස් ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළ කස්තුරි චෙල්ලරාජා එම ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව හිස් වූ ධුරය සඳහා මෙම නව පත් කිරීම සිදු කර තිබේ.
වසර 27 කට අධික කාලයක වෘත්තීමය අත්දැකීම් සහිත අශීෂ් චන්ද්‍රා මහතා එක්සත් රාජධානිය, ජර්මනිය, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල ජාතීන් 20කට අධික සංඛ්‍යාවක් සමගින් කටයුතු කර ඇතැයි පවසයි. මෙහිදී සමාගම් ඒකාබද්ද කිරීම සහ අත්පත් කරගැනීම සම්බන්ධයෙන් විශේෂඥතාවක් ඒ මහතා සතුව ඇතැයි සඳහන් වෙයි.
ඒ මහතා මීට පෙර එයාර් ටෙල් ශ්‍රී ලංකා සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
528
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අශීෂ් චන්ද්‍රා හේමාස් හෝල්ඩිංග්ස් ප්‍රධාන විධායක නිලධාරී ධුරයට