මහනුවරල - තෙල්දෙනිය - උඩිස්පත්තුව ප්‍රදේශයේ ඉතා රමණීය පරිසරයක ඉදිකෙරෙන මෙරට ප්‍රථම තරු 7 හෝටල් සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සියයට 80 ක් පමණ අවසන් කර තිබේ.
අවියානා හෝටල් සමූහය මෙම වසරේදී (2025) විවෘත කිරීමට අපේක්ෂා කෙරෙන අතර මෙම හෝටල් සමූහය හරහා මෙරට ආර්ථිකයට වසරකට රුපියල් බිලියන භාගයක ආදායමක් උපයාදීමට සැලසුම්කර ඇති බව එහි සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ඔහු මෙසේද පැවසීය.
තරු 5 හොඳම හෝටලයක එක රෑ කෑම වේලක් වෙනුවෙන් එක පුද්ගලයකුට අඩුම තරමින් රුපියල් 15,000ක් වත් වියදම් වෙනවා.’ ඇත්තටම ඒ කෑම වේලේ වියදම බැලුවොත් රුපියල් 5000ක් විතර වේවි.’ සාමාන්‍ය කඩයක වතුර බෝතලයක් රුපියල් 60යි.’ එහෙත් මෙය තරු හෝටලයක රුපියල් 500ක් වත් වේවි. එකම වතුර මෙහි තියෙන්නේ ස්ටෑන්ඩඩ් එක, ඒ වගේම Brand Name එකත් මේකෙදි බලපානවා.
මෙම අවියානා හෝටල් සමූහයෙන් සෘජු හා වක්‍ර රැකියා දහස් ගණනක් බිහි වෙනවා, රටේ ආර්ථිකයට සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් දායකවීමට නම් අවියානා වැනි තවත් හෝටල් ඉදිවිය යුතුයි. අවියානා හෝටලයෙන් එක් වසරක අපේක්ෂිත ආදායම දැනට ඇමරිකන් ඩොලර් මිලියන 500 ලෙස ගණන් බලා තිබෙනවා. අවියානාහි සාඩම්බර කොටස්කරුවකු විමටත් ශ්‍රී ලංකික ව්‍යවසායකයන් සහ පුරවැසියන්ට අවස්ථාව උදාවී තිබෙනවා.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අවියානා හෝටල් සමූහයේ ඉදිකිරීම් සියයට 80ක් අවසන්