IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


අවම ප්‍රාග්ධන අවශ්‍යතාව සැපිරිමට කාර්ගිල්ස් බැංකුවට තවත් වසර හතරක්

භානුක අමරසිංහ


මහ බැංකුවේ ලියාපදිංචි බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන කාර්ගිල්ස් බැංකුව වෙත රුපියල් බිලියන 20ක අවම ප්‍රාග්ධන අවශ්‍යතාව සැපිරීම සඳහා 2029 වසරේ අවසානය තෙක් කල් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. 
එම බැංකුව විසින් මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා වෙත කළ ඉල්ලිමකට අනුව මෙම කල් ලබාදීම සිදු කර තිබේ. කෙසේ වෙතත් එම බැංකුව 2025 මාර්තු 31 වැනිදායින් අවසන් වූ කාර්තුව සඳහා නිකුත් කළ මූල්‍ය ප්‍රකාශනය තුළ එම අවශ්‍යතාව 2025 වසරේ අවසන් වනවිට සැපිරිය යුතුව ඇතැයි සඳහන්ව තිබුණි.
ඒ අනුව මෙම අවම ප්‍රාග්ධන අවශ්‍යතාව සැපිරීම සදහා කාර්ගිල්ස් බැංකුව වෙත තවත් වසර හතරක කාලයක් හිමිව තිබේ. අද වනවිට බැංකුව සතු ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් බිලියන 11.89 කි. මහ බැංකුව නිකුත් කර ඇති උපදෙස් අනුව බලපත්‍රලාභී වාණිජ බැංකුවක අවම ප්‍රාග්ධන අවශ්‍යතාව රුපියල් බිලියන 20ක් ලෙසත්, බලපත්‍රලාභී විශේෂිත බැංකුවක එය රුපියල් බිලියන 7.5ක් ලෙසත් පවතී.
මේ අතර, කාර්ගිල්ස් බැංකුවට මෙම වසර අවසන් වීමට පෙරාතුව කොටස් ප්‍රාග්ධන යටතේ ආසන්න වශයෙන් රුපියල් බිලියන 2.5ක් රැස් කරගන්නා ලෙසත් මහ බැංකුව උපදෙස් ලබා දී තිබේ. මේ හරහා බැංකුවේ ප්‍රධානම කොටස් හිමිකරුවන් සතු කොටස් ප්‍රතිශතය සියයට 50ක් දක්වා අඩු කළ හැකි බවත් මහ බැංකුව පවසයි. එසේම මෙම ප්‍රධාන කොටස්හිමිකරුවන් සතුව ඇති උපරිම කොටස් හිමිකාරීත්වයේ ප්‍රතිශතය 2029 අවසන් වන විට සියයට 15ක් බවට පත්විය යුතු බවත් මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.



අදහස් (0)

අවම ප්‍රාග්ධන අවශ්‍යතාව සැපිරිමට කාර්ගිල්ස් බැංකුවට තවත් වසර හතරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 628 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17609 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site