
අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හච්සන් ටෙලිකොමියුනිකේෂන් ලංකා හා එක්ව එහි පෙර ගෙවුම් හා පසු ගෙවුම් පාරිභෝගිකයන්ට ස්මාර්ට් ප්‍රොටෙක්ෂන් නමින් සුවිශේෂී ජීවිත රක්ෂණාවරණයක් ලබාදීම වෙනුවෙන් පසුගිය දා අත්වැල් බැඳ ගත්තේය.
ප්‍රතිලාභ රැසක් හිමි කර දෙන මෙම පැකේජයට, ජීවිත අහිමිවීමක දී හිමිවන ප්‍රතිලාභවලට අමතරව දෛනික රෝහල් ගාස්තු ආවරණය, ඩෙංගු මුදල් රක්ෂණාවරණය ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක් ඇතුළත් වන බවත් රුපියල් 4.50ක් වන අවම දෛනික වාරිකයක් යටතේ Hutch පාරිභෝගිකයන්ට එය ලබා ගත හැකි බවත් එම සමාගම් සඳහන් කරයි.
තමන්ගේ Hutch ජංගම දුරකථන අංකයෙන් 226 ඇමතීමෙන් Hutch පෙර ගෙවුම් හා පසු ගෙවුම් පාරිභෝගිකයන්ට අලියාන්ස්හි මෙම රක්ෂණාවරණය සමඟ ලියාපදිංචි වී පහසුවෙන් ඊට ඇතුළත් වීමට අවස්ථාව උදා වන බවද එම සමාගම් කියයි.
මේ පිළිබඳව අදහස් දැක් වූ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස්හි ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් මහතා සඳහන් කර සිටියේය “ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලෙස, අපගේ සියලු ක්‍රියාකාරකම්හි කේන්ද්‍රය වන්නේ නිරන්තරයෙන් වෙනස් වන නූතන පාරිභෝගික අවශ්‍යතාවන්ට අනුව ගැළපෙන නව්‍යකරණ සේවාවන් ලබා දීමයි. මෙම පැකේජය දියත් කිරීම තුළින් Hutch පාරිභෝගිකයන් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත බවට තහවුරු කරගත හැකි වනු ඇති අතර එසේ හෙයින් මානසික නිදහස ද අත්විඳිය හැකිය. ඔවුන්ගේ මෙන්ම පවුලේ සාමාජිකයන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මෙම සුවිශේෂී අවස්ථාව ප්‍රයෝජනයට ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා”
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලියාන්ස්-Hutch එකතුවෙන් ජීවිත රක්ෂණාවරණයක්