(තිළිණි ද සිල්වා)
නව සංචාරක පුහුණු පාසල් 04 ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
දිස්ත්‍රික් මට්ටමින් සංචාරක පුහුණු පාසල් ස්ථාපිත කිරීමේ රජයේ තීරණය අනුව මෙම මෙම සංචාරක හෝටල් පාසල් මේ වසරේදී පිහිටුවීමට අපේක්ෂා කරන බවද සංචාරක අමාත්‍යවරයා කීය.
සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
කොළඹ ප්‍රධාන සංචාරක හෝටල් පාසලට අමතරව මහනුවර, කුරුණෑගල, අනුරාධපුරය, බණ්ඩාරවෙල, කොග්ගල, රත්නපුරය, පාසිකුඩා හා යාපනේ ප්‍රදේශ ආශ්‍රිතව හෝටල් පාසල් ක්‍රියාත්මක වුවද මෙරට සියලූම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි හෝටල් පාසල් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම සංචාරක හෝටල් වල සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයට අදාල විවිධ පාඨමාලා ක්‍රියාත්මක වීමේදී මෙම පාඨමාලා උපාධි පාඨමාලා දක්වා ඉහළ නැංවීමේ අවශ්‍යතාවයද ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමග දැනටමත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවද ඇමතිවරයා කීවේය.
දැනට ඇති පාඨමාලා වලට අමතරව සාමාන්‍යපෙළ සුදුසුකම් රහිත එහෙත් මෙම ක්ෂේත්‍රයේ රැකියා කරන හා එම ක්ෂේත්‍රයට උනන්දුවක් ඇති තරුණ තරුණියන් වෙනුවෙන් ආරම්භක ඩිප්ලෝමා පාඨමාලාවක් හදුන්වා දීමට කටයුතු කරන ලෙසද ඇමතිවරයා මෙහිදී බලධාරීන්ට උපදෙස් දුන්නේය.
සංචාරක අමාත්‍යංශය යටතේ ඇති සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය හෙවත් හෝටල් පාසල හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයට අදාල වෘත්තිකයන් බිහි කරන මෙරට එකම හා ප්‍රධානතම ආයතනය වේ.
සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, අතිරේක ලේකම්වරුන් වන වරුණ සමරදිවාකර, දීපා සන්නසූරිය , සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් නදීකා වටලියැද්ද යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අලුතින් සංචාරක පුහුණු පාසල් 4ක්
vikum Tuesday, 09 February 2021 12:44 PM
ගුවන් තොටුපොල අරින්න අපිට ලංකාවට එන්න, අපිට බයිලා වැඩක් නැහැ...
puppaWednesday, 10 February 2021 01:24 AM
ඡන්දයක් ළඟ එනවා නම් හිතලා බලන්නම්. ගිය සැරේ ආවා වගේ...
puppa Wednesday, 10 February 2021 01:23 AM
රණතුංග බරටම පත්තරෙන් වැඩ වගේ..