IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අලු‍තින් ලියාපදිංචි කළ වාහන 120,000 කට අංක තහඩු නිකුත්කර නෑ

  • යතුරු පැදි 127,745 කට අංක තහඩු නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නොහැකි වෙලා
  • මෝටර් රථ 26,894 කට, ත්‍රීරෝද රථ 5,809 කට, ද්විත්වකාර්ය වාහන 1,868 කට

විමුක්ති එස්. රුද්‍රිගු

පසුගිය මාස හයක කාලය තුළ අංක තහඩු මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් අලු‍තින් ලියාපදිංචි කරන ලද වාහන 120,000 කට අධික සංඛ්‍යාවකට අංක තහඩු නිකුත් කිරීමට නොහැකි වී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රකාශ කළේය.

අලු‍තින් ලියාපදිංචි කළ වාහන අතරින් අංක තහඩු නිකුත් කිරීමට නොහැකි වී ඇති වැඩිම වාහන සංඛ්‍යාව අයිති වන්නේ යතුරුපැදි කාණ්ඩයට බවත් යතුරු පැදි 127,745 කට අංක තහඩු නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නොහැකි වී තිබෙන බවත් එම දෙපාර්තමේන්තුව පැවැසුවේය.

ඊට අමතරව මෝටර් රථ 26,894 කට, ත්‍රීරෝද රථ 5,809 කට, ද්විත්වකාර්ය වාහන 1,868 කට සහ තවත් ගොඩබිම් වාහන 2,122 කට අංක තහඩු නිකුත් කිරීමට නොහැකි වී තිබෙන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

මෝටර් රථ දෙපාර්තමේන්තුව අංක තහඩු නිකුත් කිරීම නතර කිරීමත් සමග පෞද්ගලික ව්‍යාපාර අංක තහඩු මුද්‍රණය කිරීමට ගන්නා ගාස්තුව ඉහළ දමා ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවැසුවේය.



අදහස් (0)

අලු‍තින් ලියාපදිංචි කළ වාහන 120,000 කට අංක තහඩු නිකුත්කර නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 715 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site