කොළඹ කොටස් වෙළෙදපොළ ගනුදෙන අද දිනයේ දී තවත් වටයකින් ඉදිරියට ගමන් කරනු ඇතැයි සැලකේ. පසුගිය සතියේ පිරිහීම ඉකුත් සිකුරාදා (ජුනි 20) ගනුදෙනුවල දී අවසන් වූ අතර සමාගම් ගණනාවක කොටස් සඳහා අධි ඉල්ලුමක් තිබුණි. ආයෝජන අවස්ථා කිහිපයක් ඉදිරි දිනවල දී දෙස් විදෙස් ආයෝජකයන්ට ලැබේ. විදුල්ලංකා රුපියල් මිලියන පහක ණයකරයක් නිකුත් කොට ඇත. සිංගර් ෆිනෑන්ස් කොටස් දහසයක් හිමි පුද්ගලයකුට එක කොටසක් බැගින් අලුත් කොටස් මිල දී ගත හැකි අතර එහි වටිනාකම රුපියල් 26.50 ක් වේ. දැනට වෙළෙදපොළ විකිණුම් මිල රුපියල් 33.50 කි. සියපත ෆිනෑන්ස් ද රුපියල් මිලියන පහක ණයකරයක් ලැයිස්තු ගතකර තිබේ. බේරුවල රිසෝට් සහ මාරවිල රිසෝට් කොටසකට ශත එකක් බැගින් සිගිරිය විලේජ් කොටසකට රුපියල් තුනක් ප්‍රතිලාභ ප්‍රකාශයට පත්කරයි. බගවන්තලාව වැවිලි සමාගමේ කොටසකට රුපියල් දෙකක ප්‍රතිලාභ ලැබේ.
ඉකුත් ජුනි 20 ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,087.95ක් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 269.74 ක පිබිදීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,099.28 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 80.13 වර්ධනයක් සේ වාර්තා වේ. විදේශීය ගනුදෙනු සක්‍රීයව තිබුණ නමුත් විකිණීමේ ප්‍රවණතාවක් විය. මිල දී ගැනීම් රුපියල් මිලියන 123.2 ක් වූ අතර විකිණීම් රුපියල් මිලියන 162.5කි. ගනුදෙනුවල දී රුපියල් මිලියන 2.3ක මුදලක් රටින් බැහැරට ගොස් තිබේ.
මෙදින වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 19,959 කි. සමාගම් 226 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 28 කි. දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,502.80ක් විය. කොටස් මිලියන 98.8 ක් හුවමාරු වූ බව දැක්වේ.
පෑන්ඒෂියන් පවර් රුපියල් මිලියන 124ක්, හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 121ක්, සම්පත් රුපියල් මිලියන 101ක්, ඊස්ට් වෙස්ට් රුපියල් මිලියන 75ක් ස්විස්ටෙක් රුපියල් මිලියන 70ක්, ජෝන් කීල්ස් රුපියල් මිලියන 69ක්, වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
541
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
273
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත් ආයෝජන අවස්ථා ඇති අලුත් සතියක ආරම්භය