IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අර්ථසාධක අරමුදල කළමනාකරණයට නව පියවර

  • මෙහෙයුම් කාර්යක්ෂමතාව නැංවීමට පියවර
  • ආයෝජන විවිධාංගීකරණයටත් අවධානය
  • ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ පලදායිතාව නැංවීමට පියවර

විමුක්ති එස් රුද්‍රිගු


රුපියල් ට්‍රිලියන 4 ඉක්මවූ මෙරට විශාලතම විශ්‍රාමික අරමුදල වන සේවක අර්ථ සාධක අරමුදල විධිමත්ව කළමනාකරණය කිරීම සඳහා මෙම වසරේදීත් ඉන් ඉදිරියටත් පියවර රැසක් ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (08) ප්‍රකාශ කළේය.

මහ බැංකුවේ 2025 වසර සහ ඉන් ඔබ්බට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ න්‍යාය පත්‍රය පිළිබඳ මූල්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා මහ බැංකු පරිශ්‍රයේදී පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනේදී මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේය. 

2025 වසර සහ ඉන් ඔබ්බට කොටස් තුනක් යටතේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, ඒ යටතේ මිල ස්ථායිතාව සඳහා සහාය වන ප්‍රතිපත්ති, මූල්‍ය පද්ධති ස්ථායිතාව අරමුණු කරගත් ප්‍රතිපත්ති සහ මහ බැංකුවේ අනෙකුත් ප්‍රතිපත්ති, කාර්යයන් වන බවත් ආචාර්ය වීරසිංහ මහතා පැවැසීය.

මෙම වසරේදී සේවක අර්ථ සාධක අරමුදලේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා වාර්තා ඩිජිටල්කරණය සහ සාමාජිකදායක මුදල් මාර්ගගතව ගෙවීමට ඉඩ ලබාදීම ඇතුළුව විසඳුම් කීපයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය. එසේම අර්ථ සාධක අරමුදලේ පවතින පද්ධති සහ ක්‍රියාවලිය නැවත වැඩි දියුණු කර සකස් කිරීම සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් නවීකරණය කිරීමටද අපේක්ෂා කරන බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව අර්ථ සාධක අරමුදල විසින් සිදු කරනු ලබන ආයෝජන විවිධාංගීකරණය කිරීමේ මාර්ගද පිරික්සමින් සිටින බව ආචාර්ය වීරසිංහ මහතා පැවැසීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉලක්කකරණ රාමුවට අනුකූලව මෙම වසරේ මැද, අවසන් භාගය වනවිට උද්ධමනය සියයට 5 ක ඉලක්කය වටා ස්ථායීව පවත්වා ගැනීමට මහ බැංකුව කටයුතු කරනු ඇතැයි ආචාර්ය වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. මහ බැංකුවේ වත්මන් පුරෝකථන අනුව සැපයුම් අංශයේ එක්වරක් පමණක් මිලෙහි ඇතිවූ වෙනස්කම්වල බලපෑම හේතුවෙන් සිදුවූ උද්ධමනය පහළ යෑමේ තත්වය මෙම වසරේ මුල් භාගයේදී පවතිනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.

එසේම මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා මෙම වසරේදී තවත් පියවර කීපයක් සැලසුම් කර තිබෙන බවද ආචාර්ය වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. අපේක්ෂිත ලෙස විදෙස් සංචිත ගොඩනංවා ගැනීමත් සමග මෙම වසරේදී දේශීය මුදල් වෙළඳපොළ ද්‍රවශීලිතාව ක්‍රමයෙන් ඉහළ යනු ඇති බවත් එහිදී සුදුසු මුදල් ප්‍රතිපත්ති මෙහෙයුම් හරහා ද්‍රවශීලතාව කළමනාකරණය කිරීමට මහ බැංකුව සූදානම් බවත් ඔහු පැවැසුවේය.

මුදල් ප්‍රතිපත්තිය සඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සහ වෙනස් වන දේශීය හා ගෝලීය ප්‍රවණතාවලට අනුකූලවීමේ අරමුණින් මෙම වසරේදී වෙළෙඳපොළ කටයුතු සඳහා වඩාත් වෙළෙඳපොළ හිතකාමී ක්‍රමවේදයකට යොමුවීමට මහ බැංකුව සැලසුම් කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේය. එසේම මෙම වසරේදී වෙන්දේසි සඳහා කාල සටහනක් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බවද මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.

ශ්‍රී ලංකාව 2023 වසරේදී සහ පසුගිය වසරේදී ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කිරීමට සමත් වුවත් ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ යෑමත් සමග මෙම වසරේදී විදේශීය ජංගම ගිණුමේ හිඟයක් වාර්තා කිරීමට ඉඩ ඇතැයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. කෙසේ නමුත් මැදි කාලීනව විදේශීය ජංගම ගිණුම තිරසාර මට්ටමින් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාවට අවශ්‍ය වන බවද ඔහු පැවැසුවේය.

මූල්‍ය පද්ධති ස්ථායිතාව සහ බැංකු අංශයේ මෙහෙයුම් ශක්තිමත්භාවය සුරක්ෂිත කිරීමේ අරමුණ ඇතිව, කෙටි කාලයේ සිට මැදි කාලය දක්වා විහිදී යන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මාලාවක් ක්‍රියාත්මක කිරීමට මහ බැංකුව අපේක්ෂා කරන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. එහිදී සියලු‍ බැංකු සඳහා වන අවම ප්‍රාග්ධන අවශ්‍යතා සමග මෙරට බැංකු අනුකූල වන බවට ඉදිරියේදී අර්ධ වාර්ෂිකව අධීක්ෂණය කෙරෙනු ඇතැයි ඔහු පැවැසුවේය. එසේම ඉදිරියේදී මෙරට බලපත්‍රලාභී බැංකු සඳහා වෙළෙඳපොළ මත පදනම්වූ ඒකාබද්ධ කිරීමේ රාමුවක් ස්ථාපිත කිරීමට නියමිත බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

අර්ථසාධක අරමුදල කළමනාකරණයට නව පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site