IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


අයවැයට ශ්‍රී ලංකා ඇඟලු‍ම් සන්නාම සංගමයේ ප්‍රසාදය

  • වැට් බදු සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ප්‍රධාන කර්මාන්ත ඉල්ලීම්වලට රජයේ ප්‍රතිචාරයට පැසසුම්

දේශීය ඇඟලු‍ම් පද්ධතිය ශක්තිමත් කිරීමට කර්මාන්තයේ ප්‍රධාන ඉල්ලීම් බහුතරයක් සපුරාලන අයවැය ප්‍රකාශය පිළිබඳව ශ්‍රී ලංකාවේ සියලු‍ම ප්‍රමුඛ ඇඟලු‍ම් සහ විලාසිතා සන්නාම නියෝජනය කරන ශ්‍රී ලංකා ඇඟලු‍ම් සන්නාම සංගමය (SLABA) ප්‍රසාදය පළකර සිටී. 
රජය දේශීය කර්මාන්තකරුවන්ගේ හඬට සවන් දෙයි - සාධාරණ තරගකාරිත්වය සහතික කිරීම සඳහා දේශීය නිෂ්පාදකයන් විසින් යෝජනා කරන ලද විශේෂ තීරණාත්මක පියවරක් වන ආනයනික රෙදිපිළි සඳහා වැට් බදු ක්‍රියාත්මක කිරීම සහ වැට් බදු සීමාව අඩු කිරීම දේශීය නිෂ්පාදකයන්ගේ සුරක්ෂිත බව සහ වටිනාකම් දාම ආරක්ෂා කිරීමට රජය කැපවන බව පැහැදිලිව පෙන්නුම් කරන අතර එම කර්මාන්ත ගැටලු‍ සඳහා මෙසේ ප්‍රතිචාර දැක්වීම පිළිබඳව ශ්‍රී ලංකා ඇඟලු‍ම් සන්නාම සංගමය සිය ප්‍රසාදය පළකර සිටියි. 
ශ්‍රී ලංකා ඇඟලු‍ම් සන්නාම සංගමයේ (SLABA) සභාපති ෆසාල් එම්. ෆවුස් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් පැවසූයේ, ආනයනික රෙදිපිළි සඳහා වැට් බදු සම්බන්ධයෙන් ඔවුන් කළ ඉල්ලීමට සවන් දී අදාළ තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීම ගැන ඔවුන් සතුටු වන බවයි. තවද මෙම පියවරෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ රැකියා සඳහා උරදෙන දේශීය නිෂ්පාදකයන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සමතුලිත භාවයක් ඇති කරන බවද ඔහු සඳහන් කරයි.
එමෙන්ම ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඇඟලු‍ම් සන්නාමවල සාමූහිකයක් ලෙස, ඇඟලු‍ම් අංශයේ තරගකාරිත්වය සහ ජාතික සංවර්ධනයට දායකත්වය ලබා දීමට ප්‍රතිපත්ති සම්පාදකයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා ඇඟලු‍ම් සන්නාම සංගමය කැපවී සිටින බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
දේශීය නිෂ්පාදන සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහාය වීම - ශ්‍රී ලංකා ඇඟලු‍ම් සන්නාම සංගමය රජයට ඉදිරිපත් කළ නිර්දේශ අතරින් සෙස් සහ තීරුබදු සංශෝධන සඳහා අයවැයෙන් ප්‍රතිපාදන ලබාදීම, කාර්මික සංවර්ධන කලාප සඳහා ආයෝජනය කිරීම සහ අනිවාර්ය විද්‍යුත් ඉන්වොයිස් ක්‍රමය හරහා ඩිජිටල් ලෙස බදු පරිපාලනය ක්‍රියාත්මක කිරීම සඳහා රජය ගත් තීරණය මගින් තිරසර කර්මාන්ත සංවර්ධනයක් උදෙසා මගපාදන බව ශ්‍රී ලංකා ඇඟලු‍ම් සන්නාම සංගමයේ විශ්වාසයයි. 



අදහස් (0)

අයවැයට ශ්‍රී ලංකා ඇඟලු‍ම් සන්නාම සංගමයේ ප්‍රසාදය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 849 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2489 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1790 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site