IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අඹේවෙල ගොවිපොළට අලු‍ත් අවුරුදු සමයේ ලක්ෂයකට අධික සංචාරක පිරිසක්

සීතල කඳුකරයේ මනරම් පරිසරයක පිහිටා ඇති අඹේවෙල ගොවිපොළ මේ වන විට මෙරට කිරි කර්මාන්තයේ මෙන්ම සංචාරක කර්මාන්තයේද තෝතැන්නක් බවට පත් වී තිබේ. මේ සුවදායක පරිසරයේ සුන්දරත්වය මෙන්ම දේශීය කිරි නිෂ්පාදන ක්‍රියාවලියේ විශිෂ්ටත්වය සියැසින් දැකබලා ගැනීම සඳහා වසරක් පාසා දහස් සංඛ්‍යාත සංචාරකයෝ මෙහි පැමිණෙති. 
1943 වසරේදී ආරම්භ වූ අඹේවෙල ගොවිපොළ 2001 වසරේදී පෞද්ගලීකරණය කරන ලදී. එතැන් පටන් පුළුල් ලෙස නවීකරණයට ලක් වූ එම ගොවිපොළ මේ වන විට ශ්‍රී ලංකාව සහ දකුණු ආසියාවේ වඩාත්ම උසස් තාක්ෂණයෙන් යුත් කිරි නිෂ්පාදන ක්‍රියාවලියක් සිදු වන ගොවිපොළක් ලෙස සැලකේ. අඹේවෙල සහ පට්ටිපොළ අක්කර 1,185 ක භූමි ප්‍රමාණයක් ආවරණය කරන අඹේවෙල ගොවිපොළ මුහුදු මට්ටමේ සිට අඩි 6000 ක උසකින් පිහිටා ඇත. මෙම සුවිශේෂී පිහිටීම නිසා අඹේවෙල ගොවිපොළ එහි වෙසෙන සතුන්ගේ නිරෝගී පැවැත්මට උපකාරී වන පෝෂ්‍යදායී තණබිම්වලින් සහ හිතකර පරිසරයකින් යුක්තය. 
මේ වන විට අඹේවෙල ගොවිපොළෙහි Friesian සහ Ayrshire වර්ගවලට අයත් එළදෙනුන් ඇතුළුව එළදෙනුන් 4,000 කට අධික සංඛ්‍යාවක් සිටිති. එම ගොවිපොළ තුළ සත්ව සුබසාධනය සහ කිරි කළමනාකරණය සම්බන්ධයෙන් ලොව පිළිගත් විශිෂ්ටතම ක්‍රමවේද භාවිත වේ. මධ්‍යම දත්ත ගබඩා පද්ධතියක් හරහා එළදෙනුන්ගේ සෞඛ්‍යය නිතිපතා නිරීක්ෂණය කරනු ලබන අතර, සුළු රෝගී තත්වයට පවා ඉක්මන් ප්‍රතිකාර ලබාදෙනු ලැබේ. මෙය උසස් ප්‍රමිතියෙන් යුතු ගොවිපොළ ක්‍රමවේද සඳහා අඹේවෙල ගොවිපොළ දක්වන උනන්දුවට හා කැපවීමට මනා සාක්ෂියකි. 
එළදෙනුන්ට අමතරව එළුවන්, ගවයන්, හාවුන් සහ කළුකුම් පක්ෂීන් ඇතුළු තවත් සතුන් වර්ග කිහිපයක්ම අඹේවෙල ගොවිපොළේ ජීවත් වෙති. මෙය අඹේවෙල ගොවිපොළ දැකගැනීමට පැමිණෙන දරුවන් ඇතුළු කොයිකාටත් සතුට සහ දැනුම ගෙනෙන සාධකයකි. අඹේවෙල ගොවිපොළ තුළ නිපදවනු ලබන එළු කිරි සහ එම කිරිවලින් නිපදවන චීස් මේ වන විට අඹේවෙල නිෂ්පාදන අතර විශාල ජනප්‍රියත්වයක් දිනා ඇත. 
අඹේවෙල ගොවිපොළ දැකගැනීමට පැමිණෙන්නන්ට එහි කිරි නිෂ්පාදන ක්‍රියාවලිය දැකගැනීමටද අවස්ථාව හිමි වේ. එම ක්‍රියාවලිය සාමාන්‍යයෙන් මහජනතාවට දැකගැනීමට ලැබෙනුයේ කලාතුරකිනි. අඹේවෙල නිෂ්පාදන ක්‍රියාවලිය තුළදී උසස් තාක්ෂණය, අතිනවීන යන්ත්‍රෝපකරණ සහ ඉහළම ප්‍රමිතීන් භාවිතා කරනු ලබයි. 
අඹේවෙල ගොවිපොළ සතු ජනප්‍රියත්වය ක්‍රමයෙන් ඉහළ යමින් පැවතීම සම්බන්ධයෙන් එහි ජ්‍යෙෂ්ඨ නියෝජිත‍යකු වන බණ්ඩාර මහතා මෙසේ පැවසීය. 
“අඹේවෙල කිරි ගොවිපොළට දිනකට සැලකිය යුතු සංචාරකයන් පිරිසක් පැමිණෙනවා. මේ වසරේ එක්තරා දිනයක සංචාරකයන් 9,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වුණා. ඔවුන්ට උපරිම පහසුවක් සමගින් ප්‍රසන්න අත්දැකීමක් තිළිණ කිරීම සඳහා අප විශාල වශයෙන් ආයෝජන සිදු කර තිබෙනවා. මෙවර අලු‍ත් අවුරුදු පාසල් නිවාඩුව කෙටි වුවත් අවුරුදු කාලසීමාව තුළ සංචාරකයන් 100,000 කට අධික පිරිසක් ගොවිපොළ දැකබලා ගැනීමට පැමිණියා.”
අඹේවෙල ගොවිපොළේ අස්වැන්න එහි මෙහෙයුම් කාර්යක්ෂමතාවට සහ එහි උසස් තාක්ෂණයට සාක්ෂි දරයි. එහි එළදෙනකගෙන් දිනකට ලබාගන්නා කිරි ප්‍රමාණය සාමාන්‍යයෙන් ලීටර් 40 ක් පමණ වන අතර, එය ජාත්‍යන්තර සම්මතයට ආසන්න අගයකි. ඊට සාපේක්ෂව සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ කිරි එළදෙනකගෙන් දිනකට ලබාගත හැකි කිරි ප්‍රමාණය ලීටර් 5 ක් පමණි. 2024 වසරේදී සිය ඉතිහාසයේ ඉහළම වාර්ෂික කිරි අස්වැන්න වන කිරි ලීටර් 64,000 වාර්තා කිරීමට අඹේවෙල ගොවිපොළ සමත් විය. එය 2001 වසරේ වාර්තා වූ ලීටර් 3,000 ට සාපේක්ෂව දැවැන්ත ප්‍රගතියකි. වර්තමානය වන විට අඹේවෙල ගොවිපොළ වාර්ෂිකව කිරි ලීටර් මිලියන 20 කට අධික ප්‍රමාණයක් රටේ වාර්ෂික කිරි සැපයුමට එක්කරයි. 
“ආරම්භයේ පටන්ම අපගේ දැක්ම වුණේ ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය නගාසිටුවීමයි. තවමත් අපට දේශීය කිරි මගින් සපුරාලීමට හැකි වී තිබෙන්නේ රටේ කිරි ඉල්ලු‍මෙන් සියයට 35 ක් පමණක් වුවත් ඉදිරියේදී මෙය විශාල වශයෙන් වර්ධනය කරගැනීමට හැකි බව අප විශ්වාස කරනවා. අපගේ ඉලක්කය වන්නේ දේශීයව නිෂ්පාදනය කළ උසස් තත්වයෙන් යුත් නැවුම් කිරි නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමෙන් ආනයන මත රඳා පැවතීමේ අවශ්‍යතාව අවම කිරීමයි.” අඹේවෙල ගොවිපොළේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසීය. 
2009 වසරේ සිට සිය නිෂ්පාදන එකතුව තවදුරටත් පුළුල් කරමින් නැවුම් එළකිරිවලට අමතරව UHT මේද රහිත සහ රස කළ කිරි, මෝල්ට් රසැති පාන වර්ග, මුදවපු කිරි නිෂ්පාදන, ප්‍රීමියම් චීස් වර්ග සහ යෝගට් වර්ග එකතුවක් වෙළෙඳපොළට හඳුන්වා දීමට අඹේවෙල කටයුතු කළේය. මේ නිෂ්පාදන සඳහා කල්තබා ගැනීමේ ද්‍රව්‍ය හෝ වෙනත් කෘත්‍රිම ද්‍රව්‍ය එක්කරනු නොලැබේ.



අදහස් (0)

අඹේවෙල ගොවිපොළට අලු‍ත් අවුරුදු සමයේ ලක්ෂයකට අධික සංචාරක පිරිසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 688 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17828 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site