IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


අමානා බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන සමග එක් වෙයි

අමානා බැංකුව පසුගියදා නුවරඑළිය සහ හම්බන්තොට යන ප්‍රදේශවලදී පැවැත්වුණු  ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන් සඳහා සහභාගී විය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමග අත්වැල් බැඳගෙන සංවිධානය කරන ලද මෙම වැඩසටහන් මාලාවේ තේමාව වූයේ “ඩිජිටල් ගනුදෙනු තුළින් අනාගතය හැඩගන්වමු” යන්නයි. මේ යටතේ නුවරඑළිය ප්‍රදේශයේදී පැවති වැඩසටහන ග්‍රෙගරි වැව ආශ්‍රිතවද, හම්බන්තොට ප්‍රදේශයේදී පැවති වැඩසටහන මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදීද පැවැත්විණි. 

මෙම වැඩසටහන්වලට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රමුඛව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර, රජයේ නිලධාරීන්, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ පොදු මහජනතාව ඇතුළු පිරිසක්ද මෙම වැඩසටන්වලට එක්ව සිටියහ. 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සැලසුම් කර ඇති මෙම වැඩසටහන් මාලාව දිවයින පුරා ඩිජිටල් බැංකුකරණ සහ ගෙවීම් ක්‍රම භාවිතය වේගවත් කරවීම මූලික අරමුණින් පැවැත්වී ඇත. මෙය ඩිජිටල්කරණයෙන් තිරසාර හා අන්තර්කරණය වූ ආර්ථික වර්ධනයක් ඇති කිරීම සම්බන්ධයෙන් රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව අනුගමනය කරන පුළුල් ක්‍රමෝපායට සමගාමී ප්‍රයත්නයකි.

මෙම වැඩසටහනේදී අමානා බැංකුව විසින් සිය මාර්ගගත බැංකුකරණ යෙදුම, වීඩියෝ ඔස්සේ ගනුදෙනුකරුවන්ගේ තොරතුරු තහවුරු කරගනිමින් දුරස්ථව ගිණුම් විවෘත කිරීමේ ක්‍රමවේදය සහ WhatsApp බැංකුකරණ සේවා ඇතුළු සේවා රැසක් පිළිබඳ පාරිභෝගිකයන් දැනුවත් කරන ලදි. එමෙන්ම මෙහිදී අමානා බැංකුවේ ඩිජිටල් සේවා සඳහා ලියාපදිංචි වීමටද ගනුදෙනුකරුවන්ට අවස්ථාව හිමි විය. ඊට අමතරව බැංකුව විසින් මෙහිදී  LankaQR  සේවාව ප්‍රවර්ධනය කිරීමටද කටයුතු කරන ලදි.  LankaQR  භාවිතා කරන ගනුදෙනුකරුවන්ට මුදල් භාවිතයෙන් තොරව, තම ජංගම දුරකථන හරහා වඩාත් පහසුවෙන් මෙන්ම සුරක්ෂිත, ඉක්මන් හා සහනදායී ලෙස එදිනෙදා ගනුදෙනු සිදුකිරීමට අවස්ථාව හිමි වේ. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමානා බැංකුවේ සහකාර උප සභාපති (තැන්පතු සහ ඩිජිටල් නවෝත්පාදන) අර්ශාඩ් ජමාල්ඩීන් මහතා මෙසේ පැවසුවේය. ශ්‍රී ලංකා මහ බැංකුව සංවිධානය කළ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනට දායක වීමට හැකි වීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටට පත් වනවා. මෙය වඩාත් පහසුවෙන් භාවිත කළ හැකි ඩිජිටල් බැංකුකරණ සහ ගෙවීම් විසඳුම් හඳුන්වා දීම සඳහා අමානා බැංකුව දරන උත්සාහය සමග බෙහෙවින් සමපාත වන වැඩසටහනක්. එමෙන්ම එය ප්‍රජාව සවිබල ගන්වමින් ඩිජිටල් වශයෙන් අන්තර්කරණය වූ ශ්‍රී ලංකාවක් බිහිකිරීම සම්බන්ධයෙන් අමානා බැංකුව සතු දැක්ම  මැනැවින් නිරූපණය කළ අවස්ථාවක්  ලෙසද හැඳින්විය හැකියි. 

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDBසමූහය යනු AAA ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත. 



අදහස් (0)

අමානා බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන සමග එක් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 283 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 811 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1224 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site