IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


අමාත්‍යාංශයෙන් විශේෂ විමර්ශන ඒකකයක්

( තිළිණි ද සිල්වා )

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයට අයත් ආයතනවලට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය සඳහා විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පියවර ගෙන ඇත.

ඒ සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරියට අද (11) උපදෙස් දුන්නේය.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය යටතට ආයතන 8 ක් ඇතුළත් වන අතර ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, සිවිල් ගුවන් සේවා අධිකාරිය, සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, සංචාරක හෝටල් කළමනාකරණ පුහුණු ආයතනය හා ශ්‍රීලංකා සම්මේලන කාර්යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය එම ආයතන වේ.  

මෙම ආයතනවලට අයත් කාර්යවලදී හා මෙම ආයතනවලට සම්බන්ධ කටයුතු වලදී මහජනතාව පීඩාවට පත්වීම් සම්බන්ධයෙන් තමන්ට විවිධ පැමිණිලි ලැබී ඇති හෙයින් මෙම පියවර ගත් බවද අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා කීය.

එමෙන්ම මෙම ආයතනවල අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ද තමන්ට විවිධ පැමිණිලි ලැබී ඇතැයි පෙන්වා දෙන ඇමැතිවරයා මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණ පවත්වා ඒ පිළිබඳ කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.



අදහස් (0)

අමාත්‍යාංශයෙන් විශේෂ විමර්ශන ඒකකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 35 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site