භානුක අමරසිංහ
අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරීමට යෝජනා කර ඇති රුපියල් බිලියන 1.5 ක් වටිනා ණයකර නිකුතුවට A- (EXP) ලෙස අපේක්ෂිත ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරිමක් ලබා දෙන බව ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි.
ජ්‍යෙෂ්ඨ ණයකරයක් ලෙස සිදු කරන මෙය වසර පහකින් කල් පිරෙන ලෙස නිකුත් කිරීම අබාන්ස් ෆිනෑන්ස්හි සැලසුම වී තිබේ. එසේම එය ඉදිරියේදි කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කරන බවත් සමාගම පවසයි.
මෙම නිකුතුව හරහා රැස් කරගන්නා මුදල් සමාගමේ ණය පොත තවදුරටත් පුළුල් කරගැනීම සඳහා යොදා ගන්නා බව අබාන්ස් ෆිනෑස්ස් සඳහන් කර තිබේ. අබාන්ස් ෆිනෑන්ස් සමාගම අබාන්ස් පීඑල්සී සමාගමේ පරිපාලිත සමාගමකි. අබාන්ස් ෆිනෑන්ස්හි කොටස් හිමිකාරීත්වයෙන් සියයට 50.2ක් අබාන්ස් සමාගමට හිමිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd