IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අප්ෆීල්ඩ් ලංකා සමගම ICU ඇඳන් 10ක් පරිත්‍යාග කරයි

මෙම අභියෝගාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ඇස්ට්‍රා සහ ෆ්ලෝරා නිෂ්පාදන සඳහා හිමිකම් කියන ලොව විශාලතම ශාකමය ආහාර නිෂ්පාදන ආයතනය වන අප්ෆීල්ඩ් ලංකා සමාගම, ශ්‍රී ලංකා හමුදා සේවා වනිතා ඒකකය හරහා ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට ඉලෙක්ට්‍රික් ICU ඇඳන් 10ක් පරිත්‍යාග කිරීමට පියවර ගත්තේය.

අප්ෆීල්ඩ් ලංකා ව්‍යාපාර ප්‍රධානී සහ පාරිභෝගික සංවර්ධන අධ්‍යක්ෂ අනුරුද්ධ අලුවිහාරේ මහතා විසින් මෙම පරිත්‍යාගය කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ (NOCPCO) ප්‍රධානී, ආරක්ෂක අංශ ප්‍රධානී සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට මෙම පරිත්‍යාගය බාර දෙන ලදී. මෙම අවස්ථාවට අප්ෆීල්ඩ් සමාගමේ නිලධාරීන් සහ NOCPCO හි නිලධාරීහු සහභාගී වූහ. මෙම පරිත්‍යාගය හරහා මෙරට ජාතික රෝහල් සහ නිරෝධායන මධ්‍යස්ථානවල පවත්නා ICU ඇඳන් සංඛ්‍යාව වැඩි කිරීමෙහිලා රජය දරන වෑයමට සහය වීම, අප්ෆීල්ඩ් ලංකා සමාගමේ අරමුණයි.

කොරෝනා රෝගය පැතිරීම ආරම්භ වුණ දින සිට අප්ෆීල්ඩ් ලංකා සමාගම මෙම තත්ත්වය පාලනය කිරීමට මෙන්ම වසංගතය නිසා පීඩාවට පත් ජනතාවට සහාය වීමට වැඩසටහන් රැසක් දියත් කරන ලදී.

පසුගිය වසරේ රට වසා තිබු කාලයේ කොරෝනා නිරෝධායන රෝගීන්ට මෙන්ම ශ්‍රී ලංකා හමුදාවට අවශ්‍ය පෝෂණය ලබාදීම සඳහා අප්ෆීල්ඩ් ලංකා සමාගම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව ඇස්ට්‍රා සහ ෆ්ලෝරා කිලෝග්‍රෑම් 5000කට වැඩි ගණනක් පරිත්‍යාග කරමින් හමුදාවට සහ රජය නිලධාරීන් සහාය දක්වන ලදී.

කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණ ඇතිව විශේෂයෙන් ශ්‍රී ලාංකික මව්වරුන්ට සහායවීම සඳහා ඇස්ට්‍රා, සමෘද්ධි ව්‍යාපෘතිය සමග එක්ව ඇස්ට්‍රා වනිතා දිරිය’ වැඩසටහන දියත් කරමින් කාන්තාවන්ට බේකරි ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා සහාය වන ලදී. මේ වනවිට මෙම වැඩසටහන හරහා බස්නාහිර පළාතේ කාන්තාවන් 750කට වැඩි සංඛ්‍යාවකට සහතිකපත් පිරිනැමූ අතර 2023 වර්ෂය අවසාන වනවිට ගෘහස්ථ බේකරි නිෂ්පාදකයන් 14,000ක් බිහි කිරීමට බලාපොරොත්තු වේ.



අදහස් (0)

අප්ෆීල්ඩ් ලංකා සමගම ICU ඇඳන් 10ක් පරිත්‍යාග කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site