දයාරත්න ඇඹෝගම
අමු මිරිස් කිලෝව රුපියල් දහසකටත් රතු ලූනු කිලෝව රැපියල් පන්සියටත් බී ලූනු කිලෝව රැපියල් දෙසීයටත් අද (05) අනුරාධපුර සති පොළේදි අළෙවි විය.
ලීස් කැරට් බිට් වැනි එළවලු වල මිලද කිලෝව රැපියල් දෙසිය හතලිහ බැගින් මිල ඉහළ ගොස් තිබුණි.
කුඩා පොල් ගෙඩියක්ද අද (05) දින අනුරාධපුර සති පොළේ අළෙවි කරන ලද්දේ රැපියල් අනුවක් වැනි ඉහළ මිලකටය.
වෙනත් දිනවල සතියකටම සරිලන සේ එළවළු පොල් මිලදි ගන්නා පාරිභෝගිකයන් අද, දින දෙක තුනකට සරිලන පරිදි එළවළු රැගෙන සති පොලෙන් බැහැරව යන අයුරැ දක්නට ලැබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"""කොහොමද වෙනස... අතිවිශිෂ්ටයි සර්... .. """"" මිනිසුන්ට දෙන්නෙන් මෙවැනි වෙනසක් ලබාදුන් යහපාලන රජයට මාගේ ප්‍රණාමය.....ඉදිරි පළාත් පාලන මැතිවරණයේදීත් යහපාලන ආණ්ඩුවටම ඡන්දෙ දෙනවා ..යහපාලන ආණ්ඩුවට ජයවෙවා...!!!!..
අමු මිරිස් කියන්නෙ තමන්ගෙ වත්තෙ, මල් පෝච්චියක වවාගන්න පුලුවන් දේවල්. මේවට ආණ්ඩුවට බනින්නෙ කම්මෑලියො.ගොවියට මිරිස් වගාවක් දාගන්න බැරිනම්, ඒ ගැන ආණ්ඩුවට කියල මොකටද? අපේ රටේ හැමෝම ආණ්ඩුවෙන් උදව් බලාපොරොත්තු වෙනවා හරිම වැඩි
ඇයි ඉතින් තෙල් අඩුකලේ. බොන එකනේ තියෙන්නේ දැන්.
සමහරු කතාකරන්නේ අපේ ප්‍රධාන ආහාරය බත් නොවෙයි අමුමිරිස් පොල් වැනි දේවල් කියා හිතාගෙන. කිව්වට අමනාප වෙන්නෙපා. දැන් සති දෙකකට පමණ පෙර මම විද්‍යුත් මධ්‍යයේන් දැක්ක ලොකු ලුණු ගොවියෝ තම අස්වැන්න විකුණගන්න බැරුව මැසිවිලි නගනවා. මෙතන තියෙන්නේ අතරමැදියන්ගේ ගසා කෑම හා නිසිලෙස භාණ්ඩ ප්‍රවාහනය නොවීමයි.
එ්කනේ කෘෂිකර්ම ඇමතිවරයා බිල්ඩිමට ගෙවන්නේ දැන් ගොඩක් කල් ඉඳන්. එයා වගකීම් ඉටු කරනවා හොඳට.
එංගලන්තයෙන් එවන්න පුළුවන් Rs 200.00 කට.
මෙහෙන් අල සහ ලොකු ලුණු 5 පහේ කිලෝවේ බැගයක් රුපියල් 250 කට . මේවා සිතල රටවල් එත් මෙයාල වවනවා රස්නිය තියන මාස 3ත ත් එත් බඩු අදුඉ මුලින්ම මිනිස්සු කල ඉන්න ඕනව රටේ ජනාධිපති හිතන්නේ. තවද ජනාධිපති යන්නේ ටවුන් එකේ පඉන් ඇවිදගෙන. එකට අප්පේ අපේ මන්ත්‍රි තුමන්ලා ...