IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අපනයනකරුවන් සවිබල ගැන්වීමට CSE සහ NCE හවුල්කාරිත්වයක

ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට ප්‍රාග්ධන වෙළෙඳපොළ අවස්ථා සඳහා වැඩි ප්‍රවේශයක් ලබාදීම සහ ඔවුන්ගේ ව්‍යාපාර සඳහා අවස්ථාව පුළුල් කිරීමෙන් සහාය වීමට කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය (NCE) හා උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණි.
ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ මහලේකම් / ප්‍රධාන විධායක නිලධාරී ෂිහාම් මරිකාර් මහතා සහ CSE හි නම් කරන ලද ප්‍රධාන විධායක නිලධාරී වින්ධ්‍යා ජයසේකර මහත්මිය විසින් මෙම හවුල්කාරිත්ව ගිවිසුමට අත්සන් තබන ලදී. මෙම අත්සන් කිරීමේ උත්සවයට ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ සාමාජික සේවා/මෙහෙයුම් සහකාර අධ්‍යක්ෂ දිලිනි ගම්ලත්ගේ CSE හි වාණිජ අංශයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති පුන්‍යාමාලි සපරමාදු CSE හි වාණිජ කළමනාකාර හිමාෂි වික්‍රමසිංහ CSE හි නීති, බලාත්මක කිරීමේ සහ අනුකූලතා ජ්‍යෙෂ්ඨ උපසභාපති ශිවන්දිනී ලියනගේ සහ CSE හි බලාත්මක කිරීමේ සහ අනුකූලතා කළමනාකරු කණිෂ්ක ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.
CSE සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වයත් සමග, පළපුරුදු අපනයනකරුවන්ට සහ ව්‍යවසායකයන්ට යන දෙඅංශයෙන්ම NCE  සාමාජිකයන්ට ඔවුන්ගේ ව්‍යාපාර පුළුල් කිරීමට සහාය වීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රාග්ධන වෙළෙඳපොළ දැනුම සහ සේවා ලබා ගැනීමට ඉඩ සලසයි.
මෙම සහයෝගීතාව අපනයනකරුවන්ට ඔවුන්ගේ වෙළෙඳපොළ පැවැත්ම සහ වර්ධන විභවය වැඩි දියුණු කළ හැකි මෙවලම් සහ සම්පත් සැපයීමට උත්සාහ කරයි. මීට අමතරව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා ප්‍රාග්ධනය රැස්කිරීමට සහාය වීම අරමුණු කරගත් බලගැන්වීම් මණ්ඩලය හරහා, විශේෂයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම සලකා බැලීමට අපනයන අංශයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා වේදිකාවක් ස්ථාපිත කරයි.
මෙම හවුල්කාරිත්වය හරහා, CSE ස්ථාපිත අපනයනකරුවන්ගේ ජාලයකට ඍජු ප්‍රවේශයක් ලබා ගත හැකි වනු ඇත, එමෙන්ම ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ ප්‍රධාන සම්පත්දායකයන් අතර ප්‍රාග්ධන වෙළෙඳපොළ අධ්‍යාපනය, දැනුවත්භාවය ගොඩනැගීම සහ උපායමාර්ගික මූල්‍යකරණ විසඳුම් ලබා ගැනීමේ ප්‍රවේශය වැඩි දියුණු කරය.
මෙම සහයෝගීතාව හරහා, ඒකාබද්ධ සංසද, දැනුම බෙදා ගැනීමේ සැසි සහ ජාලකරණ සිදුවීම් සඳහා අවස්ථා නිර්මාණය කෙරෙනු ඇති අතර, අපනයනකරුවන්ට ප්‍රාග්ධනය උත්පාදනය කිරීමේ විකල්ප ක්‍රම පිළිබඳව මගපෙන්වීමක් ලබා දෙන අතර ලැයිස්තුගත කිරීම හරහා ආයතනික යහපාලනයේ සහ විනිවිදභාවයේ වාසි අවධාරණය කරනු ඇත.
මෙම සහයෝගීතාව CSE සහ NCE හි ඒකාබද්ධ උත්සාහයට විශ්වසනීයත්වයක් ලබා දෙන අතර, අනාගත කොටස්කරුවන්ට විශ්වසනීයත්වය පෙන්නුම් කරයි. එය ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තයේ වර්ධනය, උපායමාර්ගික අපේක්ෂා සහ කල්පවතින දියුණුව ප්‍රවර්ධනය කිරීම සඳහා සැලකිය යුතු ප්‍රතිලාභ ලබා දෙයි.

 



අදහස් (0)

අපනයනකරුවන් සවිබල ගැන්වීමට CSE සහ NCE හවුල්කාරිත්වයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 99 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2027 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site