IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අපද්‍රව්‍යවලින් වටිනාකම් නිර්මාණය කිරීමේ වැඩසටහනක්

ප්ලාස්ටික් දූෂණය පිටුදැකීමේ සහයෝගීතා ආරම්භයක් 
පරිසරයට හා මානව පැවැත්මට වටිනාකමක්


සංවෘත ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අපද්‍රව්‍යවලින් වටිනාකමක් නිර්මාණය කිරීමේ වැඩසටහන රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ GLZ කොකා - කෝලා, නෙස්ලේ, යුනිලිවර් සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ දායකත්වයෙන් ක්‍රියාත්මක විය.

වර්තමානයේ ප්ලාස්ටික් හේතුවෙන් සිදුවන පරිසරය දූෂණය වීමේ ගැටලුව විසඳීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහනක් ලෙස  ‘Waste to Value’ වැඩසටහන මෙහිදී ආරම්භ විය. ඒ සඳහා ජර්මානු සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ)  ආයතනය එක් වූ අතර ශ්‍රී ලංකාවේ  ශීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික නිෂ්පාදන ^(FMCG)  සමාගම් 3ක් වන කොකා - කෝලා, නෙස්ලේ, යුනිලිවර් සමඟ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය එක් විය. 

ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම, වර්ග කිරීම, ප්‍රතිචක්‍රීකරණය කිරීම හා ඒ සඳහා වන යටිතල පහසුකම් ශක්තිමත් කිරීම අරමුණු කොටගත් මෙම රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වයේ තවත් අරමුණක් වූයේ වගකීමෙන් යුතුව අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් පරිසරයට හා මානව පැවත්මට වටිනාකමක් එක් කිරීමත් ඒ තුළින් සංවෘත ආර්ථිකයක් නිර්මාණය කිරීමේ අවස්ථාව උදා කර දීමත්ය.

මෙහි එක් පියවරක් ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සමඟ එක්ව ප්ලාස්ටික් අපද්‍රව්‍යවල තත්වය අවබෝධ කර ගැනීම සඳහා බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන 49ක් පිළිබඳ මූලික සමීක්ෂණයක් සිදු කරන ලදී. පරිපූර්ණ සමාලෝචනයකින් අනතුරුව ගම්පහ, කැස්බෑව, හෝමාගම හා දෙහිවල යන ප්‍රදේශ ආවරණය වන පරිදි ප්‍රධාන පළාත් පාලන ආයතන 4ක් ව්‍යාපෘතිය සඳහා තෝරා ගන්නා ලදී.
ඉන් පසුව ඉදිරි වසර 10 සඳහා එම ප්‍රදේශවල කසළ කළමනාකරණය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට සවිස්තරාත්මක කසළ කළමනාකරණ සැලැස්මක් ඉදිරිපත් කිරීමට මෙම සහයෝගීතාවෙන්  කටයුතු කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රතිසාධන පහසුකම්ද ඇතුළත් වූ අතර ඒ අනුව ගම්පහ, කැස්බෑව සහ හෝමාගම යන පළාත් පාලන ආයතන වෙනුවෙන් නව ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රතිසාධන පහසුකම් ස්ථාපිත කරන ලදී. එසේම කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය  ඇතුන්‍ පළාත් පාලන ආයතන කිහිපයක ප්‍රයෝජනය සඳහා වැල්ලම්පිටියේ පොදු ප්‍රතිසාධන පහසුකමක් ඉදිකිරීමටද මෙම සහයෝගීතාවෙන් සිදු විය.

ඊට සමගාමීව අදාළ පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩලය වෙනුවෙන් තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් පිළිබඳ දැනුම ඉහළ නැංවීමට කටයුතු කරනු ලැබුවේ දැනුවත් කිරීමේ වැඩසටහන් හා බාහිර පුහුණු සැසි සංවිධානය කරමිනි. තවද ස්ථාපිත කරන ලද ප්‍රතිසාධන යන්ත්‍රවලට අවශ්‍ය පහසුකම් මනාව පවත්වාගෙන යාම සඳහා පළාත් පාලන ආයතනවලට සහාය වීමට නව උපකරණ ලබා දීමද විශේෂත්වයකි. මෙම රාජ්‍ය -පෞද්ගලික හවුල්කාරීත්වය අවසන් වූයේ නව පහසුකම් අදාළ පළාත් පාලන ආයතන වෙත විධිමත් අයුරින් පැවරීමත් සමඟිනි.

මේ සම්බන්ධයෙන් GIZ, කොකා -කෝලා, නෙස්ලේ හා යුනිලිවර්  සමූහ ප්‍රකාශනයක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ “ ශ්‍රී ලංකාවේ සංවෘත ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා වන අපගේ ප්‍රයත්නයට සහාය දැක්වීමේ ප්‍රමුඛ පියවරක් ලෙස  ‘Waste to Value’  ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා. මේ රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ අපද්‍රව්‍ය අගය දාමයේ සෑම පාර්ශවකරුවකු සමඟම කටයුතු කරමින් තිරසාර ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක් ගොඩනැගීමට අපි කටයුතු කළා. ද්‍රව්‍ය ප්‍රතිසාධන පහසුකම් ගොඩනැගීම පළාත් පාලන ආයතනයන්ට සහාය දැක්වීමේ ඉදිරි පියවරක් වන මෙය පිරිසිදු, හරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා සහාය වනවා” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පලාත් පාලන අමත්‍යාංශ ලේකම් ආලෝක බණ්ඩාර මහතා “රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ලෙස චක්‍ර ආර්ථිකය දියුණු කිරීම ඉහළ නැංවීම සඳහා සහාය දැක්වීම සම්බන්ධයෙන් ඉතා සතුටට පත් වන අතර ඒ වෙනුවෙන් GIZ සහ පෞද්ගලික ආයතනයන් වෙත මාගේ ස්තුතිය පුද කිරීමට කැමතියි. ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය පිටුදැකීමේ අපගේ ගමනේ තවත් සහයෝගීතා ආරම්භයක් ලෙස මෙම රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය සඳහන් කළ හැකියි. නව ප්‍රතිසාධන පහසුකම් ඉදිකිරීම තුළින් බස්නාහිර පළාතේ අපගේ මෙහෙයුම් පුළුල් කිරීමටත්, එම ප්‍රදේශයන්හි ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාවන් ඉහළ නැංවීමටත් අපට හැකිවී තිබෙනවා” යනුවෙන් පවසා සිටින ලදී.

 



අදහස් (0)

අපද්‍රව්‍යවලින් වටිනාකම් නිර්මාණය කිරීමේ වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site