භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හෝටල් සමාගමක් වන අනිලානා හොටේල්ස් ඇන්ඞ් ප්‍රොපර්ටීස් පීඑල්සී සමාගමෙහි නව සභාපතිවරිය ලෙස එලීන් ටාන් හුයිෂිආන් පත් කර ඇතැයි එම සමාගම පවසයි.
පසුගිය දෙසැම්බර් 19 වැනිදා රැස්වුණු එම සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී ගනු ලැබූ තීරණයකට අනුව මෙම නව පත් කිරිම සිදු කර තිබේ. ඒ අනුව 2025 ජනවාරි 01 වැනිදා සිට බලාත්මක වන පරිදි ඇය නව සභාපතිවරිය ලෙස පත් කර ඇත. එම සමාගමෙහි සභාපතිවරිය ලෙස කටයුතු කළ සොනාල් පාන්ඬේ පසුගිය වසරේ අගෝස්තු 22 වැනිදා එම ධුරයෙන ඉල්ලා අස්වීමෙන් අනතුරුව හිස් වූ ධුරය සඳහා මෙම නව පත් කිරිම සිදු කර තිබේ.
මෙම පත් කිරිම සිදු කරන අවස්ථාව වනවිට ඇය සමාගමෙහි විධායක නොවන ස්වාධීන නොවන අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd