සිසු සිසුවියන් ලක්ෂ 5 කට සහ ගුරුවරුන් 150,000 ප්‍රතිලාභ
විමුක්ති එස් රුද්‍රිගු
මෙරට අධ්‍යාපනය නවීකරණයේ කිරීමේ ව්‍යාපෘතිය යටතේ පසුගියදා අනුමැතිය ලබාදුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක අමතර සහායෙන් මෙරට පාසල් සිසු සිසුවියන් ලක්ෂ 5 කට සහ ගුරුවරුන් 150,000 ප්‍රතිලාභ අත්වනු ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කළේය.
ලබාදුන් අමතර ඇමෙරිකානු මිලියන 50ක මූල්‍ය සහායෙන් මෙරට අත්‍යවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට රැගෙන යාමට හැකියාව ලැබෙනු ඇති බවත්, ඉගැන්වීමේ ගුණාත්මකභාවය ඉහළ යනු ඇති බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය. එසේම වතුකරයේ ප්‍රජාව සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට සහාය වන පාසල් ඇතුළුව ඌන සේවා ලාභී පාසල් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් පාසල් පහසුකම් වැඩිදියුණු කිරීම සහ සිසුන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම. පළාත් නවයේ පාසල් සියල්ලටම මෙම ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ අත්වනු ඇතැයි ලෝක බැංකුව පැවැසුවේය.
වැඩි දියුණුවූ ඉගැන්වීමේ පරිසරයක් තුළ මෙරට සෑම ශිෂ්‍යයකුටම ආරක්ෂිතව අධ්‍යාපනය ලැබිය හැකිවීමත්, තම ශිෂ්‍යයන්ට ඉදිරියට පැමිණීම සඳහා අවශ්‍ය සියලුම මෙවලම් ගුරුවරුන්ට තිබෙන බව සහතික කිරීමත් මෙම ව්‍යාපෘතියේ අරමුණ බව මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂක ඩේවිඩ් සිස්ලන් ප්‍රකාශ කළේය.
සිසුන්ට සහ ගුරුවරුන්ට ඔවුන්ගේ පූර්ණ හැකියාව කරා ළඟා වීමට සහායවීම සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන ලෝක බැංකුව ඉතා සතුටට පත්වෙන බව සිස්ලන් පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1074
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධ්‍යාපනය නවීකරණයට ලෝක බැංකුවෙන් ඩො.මි.50 ක්