ඇමරිකා එක්සත් ජනපදයේ එදිනෙදා භාණ්ඩ හා සේවා සම්බන්ධ පාරිභෝගික විශ්වාසය දහ තුන් වසරකට මෙපිට ඉතිහාසයේ අඩුම අගයකට පත්ව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. එරට බදු සංශෝධන හේතු කොට ගෙන මෙම තත්වය ඇති වී තිබේ. කෙසේ වෙතත් එරට ප්‍රධාන කොටස් වෙළෙඳ පොළ තුනම පසුගිය දින ගණනාව තිස්සේ වර්ධනයක පවතී.
ඇමරිකාවේ අලුත් බදු යොජනා සංශෝධනය සම්බන්ධ සාකච්ඡා ඇරඹීම මෙයට හේතු වී ඇති බව දැක්වේ. මේ අතර බොරතෙල් මිල අඩුවෙමින් පවතින අතර පසුගිය දිනවල ඉහළ ගිය රත්රන් මිලගණන් නැවත පහත වැටෙමින් පවතින බව ද ජාත්‍යන්තර වෙළෙඳ පොළ තත්ව නිරීක්ෂණය කරන පසු දැක්වේ.
මේ අතර (අප්‍රි 30) කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ආරම්භයේ සිට දර්ශක පිරිහීමක් වාර්තා කළේය. කොටස් විකිණීමට දක්වන ලද ප්‍රවණතාව කැපී පෙනිණ. පසුගිය සති ගණනාව තුළ වෙළෙඳ පොළ උච්ඡාවචනය වූ නමුත් අඩුම තරමින් ඉකුත් මාර්තු 11 වැනිදා වන විට සියලු කොටස් මිල පහත වැටී තිබුණ ඒකක 16,000 කරා හෝ ළඟාවීමට මෙතෙක් අසමත්ව තිබේ.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,799.94 ක් වූ අතර, එය දර්ශක 27.60 ක පසුබැසීමකි. ගනුදෙනු ආම්භයේ දී තවත් වර්ධනය වන ලකුණු තිබුණ නමුත් ආයෝජකයන්ගේ විකිණීම් සඳහා වූ නැඹුරුව ඉදිරියේ අඩු ඉල්ලුමක් ඇති විය. කෙසේ වෙතත් විදේශ මිල දී ගැනීම් පවා සීමා සහිත තත්වයක පැවැතිණ. විකිණීම් ඉහළ ගියේය. විදේශ ගනුදෙනුකරුවන් රු. මිලියන 153.3 ක කොටස් මිල දී ගන්නාවිට විකිණීම් රු. මිලියන 243.9 ගනුදෙනු අවසන් වන විට එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,643.66 ක් වශයෙන් අවසන් වූ අතර, එය දර්ශක 27.60 ක පිරිහීමක් සේ දැක්විය හැකිය.
මෙදින ගනුදෙනු 14,133 ක් වාර්තා වූ අතර සමාගම් 99 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 115 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 2,377.60 ක් වශයෙන් විය.
මධ්‍ය හා දීර්ඝ කාලීන ආයෝජන වශයෙන් කොටස් මිල දී ගැනීමට පසුබිමක් තිබේ.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
541
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
273
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අද ගනුදෙනුවලදී තෝරාගත් කොටස්වල වර්ධනයක අපේක්ෂාවක්