
විමුක්ති එස්. රුද්‍රිගු
පසුගිය ජූලි මාසයට සාපේක්ෂව පසුගිය අගෝස්තු මාසයේදී අඩු වේගයකින් වුවද මෙරට නිෂ්පාදන කටයුතුවල වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පසුගිය අගෝස්තු මාසයේදී දර්ශකාංක 55.2 ක අගයක් වාර්තා කර තිබෙන බවද මහ බැංකුව පැවැසුවේය. පසුගිය අගෝස්තු මාසයේදී සියලුම උප දර්ශක කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයක පැවතුණ බවද මහ බැංකුව ප්‍රකාශ කළේය.
පසුගිය අගෝස්තු මාසයේදී නව ඇණවුම් දර්ශකාංක 56.5 ක් ලෙස සටහන් වූ අතර එය අඩු වේගයකින් ඉහළ යමක් විය. එසේම නිෂ්පාදන සහ සේවා නියුක්තිය දර්ශකාංක 54 ක් ලෙස සටහන් වූ අතර එය ද අඩු වේගයකින් ඉහළ යාමක් වූවේය. එහිදී තොග මිලදී ගැනුම් දර්ශකාංක 53.5 ක අගයක් ගත් අතර එය ද අඩු වේගයකින් ඉහළ යාමක් විය.
කෙසේ නමුත් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය පසුගිය අගෝස්තු මාසයේදී දර්ශකාංක 57.1 ක් ලෙස සටහන් වන අතර එය වැඩි වේගයකින් ඉහළ යාමකි.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
595
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අගෝස්තුවේදී නිෂ්පාදන කටයුතුවල මන්දගාමී වර්ධනයක්