භානුක අමරසිංහ
මේ වසරේ අගෝස්තු මාසයේදී ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඒකක 61.1ක් දක්වා ඉහළ ගිය බව මහ බැංකුව පවසයි. ජූලි මාසයේදී එම දර්ශකය ඒකක 60.0 ක් විය. විශේෂයෙන්ම තාවකාලිකව අත්හිටුවන ලද ඇතැම් ඉදිකිරීම් ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමත් සමගින්ම, ව්‍යාපෘති ලබාගැනීමේ හැකියාව තවදුරටත් වර්ධනයවීම හේතුවෙන් ඉදිකිරීම් අංශයේ විශ්වාසය ඉහළ ගොස් තිබෙන බව මහ බැංකුව සඳහන් කරයි.
ඒ අනුව නව ඇනවුම් ලබාදීමේ දර්ශකය ජූලි මාසයේදී පැවැති 58.6 සිට අගෝස්තු මාසයේදී 59.7 ක වැඩි වේගයකින් ඉහළයෑමක් වාර්තා කර ඇත. එසේම සේවා නියුක්තිය ජුලි මාසයේ පැවැති ඒකක 50.0 සිට අගෝස්තු මාසයේදී ඒකක 52.8ක් දක්වා කඩඉම් මට්ටමේ සිට ඉහළ යෑමක් සිදුව තිබේ.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අගෝස්තුවේදී ඉදිකිරීම් කටයුතු තවදුරටත් ඉහළට