IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අගෝස්තු සංචාරක ඉලක්කය මග හැරෙයි

  • වාර්ෂික පදනමින් වර්ධනයක් පෙන්නයි
  • අගෝස්තු ඉලක්කය වුණේ සංචාරකයන් 249,019ක්
  • එම මාසයේදී පැමිණ ඇත්තේ සංචාරකයන් 198,235ක්
  • මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා සංචාරකයන් 1,566,523ක් මෙරටට පැමිණිලා
  • සංචාරක ඉලක්කය සපුරා ගැනීම සඳහා මීළඟ මාස 4 දී සාමාන්‍යයෙන් මසකට සංචාරකයන් 358,369ක් මෙරටට පැමිණිය යුතුයි
  • ​වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්

විමුක්ති එස්. රුද්‍රිගු
පසුගිය අගෝස්තු මාසයේදී සංචාරකයන් 198,235 ක් මෙරටට පැමිණ ඇති බවත් එය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 20.4 ක වර්ධනයක් බවත් සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.
ඒ අනුව මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා සංචාරකයන් 1,566,523 ක් මෙරටට පැමිණ ඇත. ශ්‍රී ලංකාව මෙම වසරේදී සංචාරකයන් ලක්ෂ 30 ක් මෙරටට ගෙන්වා ගැනීමට ඉලක්ක කර ඇති අතර එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉදිරි මාස 4 දී තවත් සංචාරකයන් 1,433,477 ක් මෙරටට පැමිණිය යුතුව ඇත. සංචාරක ඉලක්කය සපුරා ගැනීම සඳහා මීළඟ මාස 4 දී සාමාන්‍යයෙන් මසකට සංචාරකයන් 358,369 ක් මෙරටට පැමිණිය යුතුය.
සංචාරක ක්ෂේත්‍රයට ඉතාමත් හොඳ වසරක් වූ 2018 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේ සංචාරකයන් 253,169 ක් වන අතර වත්මන් ප්‍රවණතාව අනුව මෙම වසරේ සංචාරක ඉලක්කය සපුරා ගැනීම අපහසු කාර්යයක් වනු ඇතැයි විශ්ලේෂකයෝ ප්‍රකාශ කළහ.
පසුගිය අගෝස්තු මාසයේදී මෙරටට සංචාරකයන් 249,019 ක් ගෙන්වා ගැනීමට ඉලක්ක කර තිබිණි. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා සංචාරකයන් 50,784 ක් හිඟ විය. සංචාරක ක්ෂේත්‍රයට වඩාත් හොඳ වසරක් ලෙස සැලකුණු 2018 වසරේ අගෝස්තු මාසයේදී සංචාරකයන් 200,359 ක් මෙරටට පැමිණ තිබූ තිබූ අතර එම කඩඉම පසුකිරීමට සංචාරකයන් 2,124 හිඟ වූවේය.
කෙසේ නමුත් මෙම වසරේ පළමු මාස 8 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව පසුගිය වසරේ පළමු මාස 8 ට සාපේක්ෂව සියයට 13 ක වර්ධනයකි.
පසුගිය අගෝස්තු මාසයේදී මෙන්ම මෙම වසරේ පළමු මාස 8 තුළදීද මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ තිබුණේ ඉන්දියාවෙන් වන අතර පසුගිය අගෝස්තු මාසයේදී 46,473 ක සහ පළමු මාස 8 දී 325,595 ක සංචාරකයන් පිරිසක් ඉන්දියාවෙන් මෙරටට පැමිණ තිබිණි. පසුගිය අගෝස්තු මාසයේදී දෙවැනි ස්ථානයට වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ තිබුණේ එක්සත් රාජධානියෙන් වන අතර තෙවැනි ස්ථානයට මෙරටට සංචාරකයන් වැඩිම පිරිසක් මෙරටට පැමිණ තිබුණේ ජර්මනියෙනි.
මෙම වසරේ දෙවැනි ස්ථානයට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර තෙවැනි ස්ථානයට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි.

 



අදහස් (0)

අගෝස්තු සංචාරක ඉලක්කය මග හැරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site