IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අඛණ්ඩව 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුව HNB

ජපානයේ ටෝකියෝ නුවරදී පසුගියදා පැවති  ‘’TAB Global Excellence in Retail Financial Services Awards 2025’’  සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව සම්මානයට පාත්‍ර විය. මෙම සම්මානය HNB විසින් දිනාගනු ලැබුවේ අඛණ්ඩව 15 වැනි වරට වීම විශේෂත්වයකි. මේ තුළින් මනාව පැහැදිලි වන්නේ නව්‍යකරණ සේවා, මූල්‍ය ඇතුළත් කිරීම් හා පාරිභෝගික කේන්ද්‍රීය බැංකුකරණය වෙනුවෙන් HNB විසින් දක්වන සුවිශේෂී කැපවීමයි. 

මෙම සුවිශේෂී ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා මෙසේ සඳහන් කළේය. “සියවසකට වැඩි කාලයක් තිස්සේ සියලු‍ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රගතියේ සහකරු ලෙස අවශ්‍ය සහයෝගය ලබා දීමට අපි නිරන්තරයෙන් කටයුතු කරමින් සිටිනවා. ආරම්භයේ සිටම නවීන තාක්ෂණය හා හොඳම ගෝලීය භාවිතයන් තුළින් වඩාත් පාරිභෝගික කේන්ද්‍රීය ව්‍යාපාරික ආකෘතියක් බවට පත් කරමින් දිනෙන් දින ඉදිරියට යාමට අපට හැකි වී තිබෙනවා. වසර 15ක් පුරා අඛණ්ඩව පාරිභෝගික බැංකු ක්ෂේත්‍රයේ හොඳම බැංකුව ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වූ අප, ඉදිරියේදීත් එම තත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරනවා.

පාරිභෝගික බැංකුකරණ නවෝත්පාදනවලින් පාරිභෝගික පහසුව හා මූල්‍ය සේවා නැවත නැවතත් අරුත් ගැන්වීමට කටයුතු කර ඇති HNB පසුගියදා සිය ඩිජිටල්කරණ සේවාවල සුවිශේෂී ඉදිරි පියවරක් තබමින් ප්‍රධාන භාෂා ත්‍රිත්වයෙන්ම සන්නිවේදනය කිරීමේ හැකියාව උදාකර දෙන ත්‍රෛභාෂා ජංගම දුරකතන බැංකු යෙදවුමක් හඳුන්වා දුන්නේය.

මෙම සේවාවලින් වඩාත් පහසුවෙන් පාරිභෝගිකයාට ප්‍රවේශ වීමේ හැකියාව මෙන්ම ඒ ඒ පුද්ගලයාට ගැළපෙන අත්දැකීම්, ඩිජිටල් ගනුදෙනු විධිමත් කිරීම හා ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම ඉහළ නැංවීමටද හේතු වේ. මෙම ඩිජිටල් විසඳුම්වලින් අවධාරණය කරනු ලබන්නේ පාරිභෝගික අවශ්‍යතා පිළිබඳ ගැඹුරු අවබෝධයක් සමඟින් අති නවීන තාක්ෂණය ඒකාබද්ධ කිරීම සඳහා වන HNB හි කැපවීමයි.

ඊට අමතරව HNB හි පාරිභෝගික බැංකුකරණ මෙහෙයුම් පරිවර්තනයට ලක් කිරීම සඳහා වන උපාය මාර්ගික අවධානය හේතුවෙන් නිෂ්පාදන, සේවා පිරිනැමීම් සහ පාරිභෝගික කටයුතු ඉහළ නැංවීම සඳහා වැඩසටහන් රැසක් නිර්මාණය කිරීමටද බැංකුව කටයුතු කර ඇත. එසේම සිසුන් අතර ඉතුරුම් පුරුද්ද වර්ධනය කිරීම අරමුණු කරගත් ඉතුරුම් යෝජනා වැනි විශේෂිත පාරිභෝගික සේවාවල සිට අවම කාලයකදී සේවාව සලසා ගත හැකි ඩිජිටල් ක්‍රියාවලි දක්වා සෑම ක්ෂේත්‍රයකම නව්‍යකරණය වෙනුවෙන් කැපවී සිටින HNB පාරිභෝගික බැංකුකරණයේ සිය නායකත්වය මනාව ප්‍රදර්ශනය කිරීමට සමත්ව ඇත.

සෑමවිටම පාරිභෝගිකයා වෙනුවෙන් සේවා සැපයීම සඳහා සිය ඩිජිටල් හැකියාව අඛණ්ඩව වැඩිදියුණු කිරීමට කටයුතු කර ඇති HNB ශ්‍රී ලංකාවේ මූල්‍ය සවිබල ගැන්වීම් හා ආර්ථික ප්‍රගතිය උදෙසා විශ්වසනීය සහකරුවකු ලෙස කීර්තියක් අත්කරගෙන සිටියි.

පාරිභෝගික පහසුව ඉහළ නැංවීම සඳහා වන HNB හි කැපවීම 2024 LankaPay Technnovation  සම්මාන උලෙළේදී බහුවිධ ඇගයීම් සමඟින් පිළිගැනීමට ලක් වූයේ ‘විශිෂ්ට පාරිභෝගික පහසුව සඳහා වන වසරේ බැංකුව’ සම්මානය තමන් සතු කර ගනිමිනි. මෙම පිළිගැනීමෙන් ගෞරවයට ලක් වූයේ ඩිජිටල් ගෙවීම් විසඳුම් ප්‍රවර්ධනය වෙනුවෙන් ප්‍රමුඛත්වය ගනිමින් පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා වන බැංකුවේ කැපවීමයි. 



අදහස් (0)

අඛණ්ඩව 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුව HNB

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site