ඇස් සහ පටක දන්දීම සඳහා අන්තර් ජාලය ඔස්සේ ලියාපදංචිය ලබා දීම ශ්‍රී ලංකාවේ පළමු වතාවට ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය, මිනිස් පටක බැංකුව සහ eChannelling සමාජ සත්කාර ව්‍යාපෘතිය මගින් එය ක්‍රියාත්මක කෙරේ.
ශරීර කොටස් දන්දීම යනු ශ්‍රී ලාංකීය ජන සමාජයේ සුලබව අසන්නට ලැබෙන දෙයක් වුවද බොහෝවිට සිහියට නැගෙනුයේ ඇස් සහ ලේ දන්දීමයි. නමුත් අක්ෂිදාන සංගමය යටතේ ක්‍රියාත්මකවන මිනිස් පටක බැංකුවේ ආරම්භයත් සමඟ අස්ථි, හෘද කපාට වැනි ශරීර කොටස් දන්දීම සඳහාද අවස්ථාව ලැබී තිබේ.
මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ අන්තර්ජාලය හරහාද මුළු ශරීරයම දන්දීම සඳහා ලියාපදිංචි වීමට අවස්ථාවක් ලැබීමයි. මේ සඳහා මොබිටෙල් ආයතනය යටතේ ක්‍රියාත්මකවන ශ්‍රී ලංකාවේ විශාලතම වෛද්‍යවරුන් චැනල් කිරීමේ ජාලය වන ඊචැනලින් (eChannelling) සේවය ඔස්සේ තාක්ෂණික දායකත්වය ලබාදී තිබේ. මේ අනුව www.echannelling.com වෙබ් අඩවිය වෙත පිවිසෙන ඕනෑම අයෙකුට ඇස් සහ පටක දන්දීම සඳහා ලියාපදිංචි වියහැකිය.
මිනිස් පටක බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු හේමක ද මෙල් මහතා මේ ගැන අදහස් දක්වමින් කීවේ කෙනකු මියයෑමෙන් පසු ලබා ගන්නා ඇස් සහ පටක අසරණ රෝගීන්ට නොමිලයේ ලබා දීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බවයි.
“1960 දී ආරම්භවූ ශ්‍රි ලංකා අක්ෂිදාන සංගමය තම සේවාවන් තවත් පුළුල් කරමින් 1996 වසරෙදී මිනිස් පටක බැංකුව ආරම්භ කරන ලදී. ඇස් හා පටක දන්දීම සඳහා දායකයින් ලියාපදිංචිකරගැනීම බොහෝ දුරට කරනු ලැබුවේ ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මකවූ වැඩසටහන් වලදී මුද්‍රිත පෝරමයක් පිරවීම වැනි සාම්ප්‍රදායික ක්‍රමවේදයන් ඔස්සේය. නමුත් eChannelling ආයතනය මගින් ක්‍රියාත්මක කෙරෙන මෙම අන්තර්ජාල සේවාව ඔස්සේ දායකයින් ලියාපදිංචි කරගැනීමේ වැඩසටහන ඉතා සාර්ථක ලෙස ඇස් සහ ශරීර කොටස් දන්දීමට කැමති බොහෝ පිරිස් අතර ප්‍රචලිත වෙමින් පවතිනවා.‘‘
‘‘ කෙනෙකු මියයාමෙන් පසු ලබාගන්නා ඇස් හා ශරීර කොටස් නවීන තාක්ෂණය භාවිතයෙන් විශේෂ ක්‍රමවේදයන්ට අනුව සුරක්ෂිතව තැන්පත්කර අස්ථි පිළිකා, හදිසි අනතුරු ආදිය නිසා අසරණ වන බොහෝ රෝගීන් සඳහා නොමිලේ ලබාදීම අප ආයතනය මගින් සිදුවෙනවා. මෙම උතුම් සමාජ සත්කාරයට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සලසා දීම පිළිබඳව eChannelling සේවාවට අපගේ කෘතඥතාව හිමිවෙනවා.” යැයි ද හේමක ද මෙල් මහතා සඳහන් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතා හොඳ දෙයක්.. ලොකු පින්කමක්.. මට මා මිය ගිය පසු මගේ ඇස් සහ පටක දන් දිමට ඕන.. මටත් අයදුම්පතක් එවන්න පුළුවන්ද? නො.965/ඒ, කොඩිතුවක්කු නිවස, 100 1/2 කනුව, ඇඹිලිපිටිය.
හදවත මොළය ඇස්.අක්ෂි පටක වකුගඩු... මුලු ශරීරයම...
මියගිය පසු ශරීරාංග දන් දීමට කැමති. අයදුම්පතක් මටත් එවන්න. මේ පින්කමට මාත් කැමතී
මමත් කැමැතියි අකෂි පටක දන් දෙන්න
Siyaluma pataka dandeemata kemathi
මට මගේ මුලු ශරීරයම දන් දෙන්න ඕන
මියගිය පසු මගේ ශරීරයේ කොටස් දන් දෙන්න මාත් කැමැතියි. මටත් අයැදුම්පතක් එවන්න පුළුවන්ද? ඔයාලටත් ගොඩක් පින්... මේ වගේ පින්කමක් කරනවට...
මට ඇස් දන්දෙන්න ඕනෑ. මම එ් දේ කරන්නේ කොහොමද කියා දැනගන්න ඕනෑ. අංකයක් එවන්න..
මෙය ඉතාමත් උතුමි පුණ්‍ය ක්‍රියාවක්, වගේම යහපත් කාර්යයක්.
මාත් කැමතී ඇස් දන් දෙන්න. මටත් අයදුම්පත්‍රයක් එවන්න පුලුවන්ද... ලොකු පින් වැඩක් බුදු සරණයි.
කොහොමද ලියාපදිංචි වන්න ඕන.
මේ මහා පින්කමේ දායකයෙක් වෙන්න මාත් කැමති මටත් අයදුම් පත්‍රයක් ඔනේ.
මටත් ඕනෑ පටක දන් දෙන්න. මටත් අයදුම් පත්‍රයක් එවන්න...
අද දිනයේ මා 25 වන ජන්ම දිනය සමරන මොහොතේ... මා කෙදිනක හෝ මියගිය පසු තවත් අයකු ජීවත් කරවීමට අවශ්‍යයි. ශරීරයේ සෑම කොටසක්ම දන්දීමට කැමතියි.
මම කැමති ජිවත් වෙලා ඉද්දි මගේ එක ඇසක් දන්දෙන්න තරුණ ජිවිතයකට .
කොහොමද අපි එකෙන් ඒක කරන්නේ.
මටත් ඔනේ මුලු සිරුර ම දන් දෙන්න ..
මම කැමතියි මගේ ඇස් දෙක, මගේ වකුගඩු, රුධිරය දන් දෙන්න... කොහොමද කරන්න ඕනේ? මට කියන්න කිසිවෙකු නෑ.... මම කැමතියි මගේ ඇස් දෙකෙන් කවුරු හරි ආලෝකයක් ලබනවට...
මම කැමතියි මගේ මුලු ශරීරයම දන් දෙන්න.. මට එවන්න ලිපියක්.. මම කරන්නේ මැරුණාට පසුව නොවේ ජීවත් වෙලා ඉද්දි.. මම කැමතියි... ජීවිතයේ තවත් දුක් විඳින්න මට ශක්තියක් නෑ.. මට මේක සතුටක්...
මම කැමතියි මගේ මුලු ශරීරයම දන්දෙන්න... මම දෙන්නේ ජීවත් වෙලා ඉද්දී... මම තවදුරටත් ජීවත් වෙලා හිටියොත් තවත් අසරණ වෙනවා.. මම දෙවියන්ගෙන් අහන්නේ ඇයි ඔබ මාව මේ ලෝකෙට එව්වේ කියලා.. මම මගේ කියන කිසිවෙකු නෑ... මම තනි වූ කෙනෙක්.. මම තවත් ජීවත් වෙලා හිටියොත් පැමිණෙන දේවල්වලට මට මුහුණ දෙන්න ශක්තියක් නෑ... මට ලිපියක් එවන්න.
මෙය ඉතාමත් හොද කාර්‍යයක්. මම කැමතියි මිය ගියාම මුලු ශරීරයම දන් දෙන්න.
ඇස් දන් දීමට කැමති... මගේ දැස් දෙකෙන් තව කෙනෙක් ලෝකය දකිනවා නම් මට එය මිල කර නොහැකි පිනක් වේවී...!!!
මගේ ඇස් දන්දීමට කැමැත්තෙමි.
මගේ ඇස් දෙක හා පටක දන්දීමට කැමතියි. එම පුණ්‍ය කර්මයට මහත් සහභාගි කරගන්න.
මගේ ඇස් පටක දන් දීමට කැමැතියි. මෙය මට මහත් සතුටක්. මේ පුණ්‍ය ක්‍රියාවට එකතු වීමට අවස්ථාව ලබාදෙන්න... බුදුසරණයි.
මට මගේ මුළු ශරිරය ලබා දීමට කැමතියි. මටත් අයදුම්පත්‍රයක් ලබා දෙන්න.
මෙය ඉතා හොඳ දෙයක්.. ලොකු පින්කමක්.. මට මා මිය ගිය පසු මගේ ඇස් සහ පටක දන් දිමට ඕන.. මටත් අයදුම්පතක් එවන්න පුළුවන්ද?
ලියාපදිංචි වන්නේ කෙසේද??
මගේ ඇස් දෙකෙන් තව කෙනෙක් මේ ලෝකේ දකිනවට කැමති
මම නම් ලියාපදිංචි වුණා. මගේ මුලු ශරීරරයම දන්දෙනවා. ඒ නිසා ඒ මාගේ මරණයේ මොහොත එනකම් මම සතුටින් බලගෙන ඉන්නවා. මටත් ජීවත් වුණා දැන් ඇති. මම මැරුණාම මගේ ඒ පරිත්‍යාගය අපතේ නොයවා... ඒ මගේ ඒ පරිත්‍යාගයට නිසි වටිනාකමක් ලැබෙන්න ඕනෑ. එතකොට තමයි මගෙ ශරීර කොටස් වලින් අසරණ රෝගීන් පනස් ගණනකට පිහිට වෙන්න පුලුවන් වෙන්නේ. ඒ සතුටම මට ඇති මගේ අන්තිම කැමැත්ත තමයි. මම මැරුණාට පස්සේ මගෙ මිනිය පැය භාගයකට වඩා කිසිම කෙනෙක්ට පෙන්නන්න එපා. සියලු සතුන් ලොව සුවපත් වේවා ! තෙරුවන් සරණයි !
මාගේ ශරීරයේ සියලු කොටස් දන්දීමට කැමැත්තෙන් සිටියි. මට විස්තර එවන්න පුලුවන්ද?
මම කැමතියි මගේ ඇස් දන්දෙන්න... මට විස්තර එවන්න පුළුවන්ද...?
මං කැමතියි මගේ ඇස් දෙක දන්දෙන්න...
මේක ඉතා හොඳ දෙයක්... මම කැමතියි මගේ මුලු ශරීරයම දන්දෙන්න. ජීවත් වෙලා ඉන්න ඒක පුදුම දුකක්.. ජිවත් වෙලා ඉන්න අකමැති මම, ජීවත් වෙන්න අසාවෙන් බලන් ඉන්න කෙනෙකුට මට දෙන්න පුලුවන් හැම දෙයක්ම දෙන්න මම කැමතියි. තව ජීවත් වෙන එක දුකක් මෙය ඉතා හොඳ පින්කමක්... මටත් අයදුම්පත් එවන්න පුළුවන්ද?
මෙය ඉතා හොඳ දෙයක්... මම කැමති මගේ මුලු ශරීරයම දන්දෙන්න. ජීවත් වෙලා ඉන්න ඒක පුදුම දුකක්. ජීවත් වෙලා ඉන්න අකමැති මම ජීවත්වෙන්න අසාවෙන් බලාගෙන ඉන්න කෙනෙකුට මට දෙන්න පුලුවන් හැම දෙයක්ම දෙන්න කැමතියි. තව ජීවත් වෙන එක දුකක්. මෙය ඉතා හොඳ පින්කමක්... මටත් අයදුම්පත් එවන්න පුලුවන්ද?
අක්ෂි සහ පටක දන් දීමේ ඔන්ලයින් රෙජිස්ටර් කඳවුරක් ක්‍රියාත්මක කළහොත් අක්ෂිදාන සංගමය දැනුවත් කළ යුතුද?
මටත් අක්ශි හා පටක දන්දෙන්න ඕනෑ...
මටත් අවශ්‍යයි..!!!
මටත් මගේ ශරීරයේ කොටස් දන් දෙන්න අවශ්‍යයි. කොහොමද මම ඒකට සම්බන්ධ වෙන්නේ
ඉතාම පිංසිද්ද වෙන වැඩක්. මටත් ලියාපදිංචිවෙන්න ඕනි
මම කැමැතියි මගේ මුලු ශරීරයම දන් දෙන්න. මටත් අයදුම්පතක් අවශ්‍යයි.
අක්ෂි දන් දීම...
ඉතාමත් වටිනාකමක් අැති වැඩසටහනක්. මමත් කැමතියි ලියාපදිංචි වෙන්න.. අයදුම්පත් ගන්න පුළුවන් කොහොමද...?
මම කැමතියි මගේ ඇස් දෙක දන්දෙන්න...
මේ උතුම් පරිත්‍යාග වැඩසටහන හඳුන්වාදුන් උතුම් කාරුණික මිනිස්සුන්ට මෙන්ම, තම ශරීර අවයව සතුටු සිතින් පරිත්‍යාග කරන්නට උත්සුක වූ පරිත්‍යාගශීලි හදවත් දරන්නන් සියලු දෙනාටම පලමුවෙන්ම බොහෝ ස්තූති. මෙවැනි හරවත් දෙයක් දකින්නට ලැබීම මහත් වාසනාවක්. බොහෝ කාලයක් පුරාවට මා බලාපොරොත්තු වූවා මෙවැන්නක්. තමන්ගේ ශරීර අවයව තුලින් තවත් කෙනෙක්ට අලුත් ජීවිතයක් ලැබෙනවා.. බොහෝ පිං කටයුත්තක්.... මාගේ අක්ශි සහ පටක කොටස් හෝ නොඑසේ නම් මුලු ශරීරයම පරිත්‍යාග කිරීමට බොහෝ සතුටින් එකඟ වෙමි. මාහටද අයදුම්පතක් යොමු කල හැකි වේ නම් බොහෝ ස්තූතියි.
මමත් අක්ෂි හා පටක දන්දීමට කැමැතියි.
මම කැමැතියි... ඒත් කරන්නේ කොහොමද?
කොහොමද ලියාපදිංචි වෙන්නේ?
කොහොමද ලියාපදිංචි වෙන්නේ..?
මරණින් මතු ඇස් සහ සියළු අවයව දන්දීමට නැමැත්තෙන් සිටිමි.
මරණින් පසු මා කැමැතියි මුලු ශරිරයම දන්දෙන්න...
මාත් කැමති මියගිය පසු අවයව දන් දෙන්න.
මාත් කැමති මියගිය පසු අවයව දන් දෙන්න. මට විස්තර එවන්න
මම ගොඩක් කැමැති මගේ ශරීරයම දන්දෙන්න. ඒක ලොකු පින්කමක්.. මේ ජීවත්වන ගොඩක් අයට ශරීරයේ අඩුපාඩු තියෙනවා.. මේවගේ කෙනෙක්ට පිහිට වෙන්න පුළුවන්නම් ඒක තමයි නියම බෞද්ධයෙකුගේ මනුස්සකම...!!!
මාත් කැමතියි මං මියගියාට පස්සේ ඇස් දන් දෙන්න... මට විස්තර දෙන්නකෝ ලියාපදිංචි වෙන්න.
මේකට සම්බන්ද වෙන විදිහ ගැන කියන්නකො
ඇස් දන් දීම....
මාත් කැමතියි.
මන් ගොඩාක් කැමති. මගේ ආසාවක් මේක... තවත් ජිවිතයක් ජිවත් කරන්න කැමති..
මං මොනරාගලින්. ඇත්තටම මාත් අවයව දන් දෙන්න කැමැතියි. ඒකට කොහොමද සම්බන්ධ වෙන්නේ...? මරණින් පස්සේ සිරුරේ කොටස් දන් දෙන්න පොරොන්දු පත්‍රයක් ලබා ගන්නේ කෙසේද...?
මියගිය පසු අක්ෂි හා පටක දන්දීමට කැමතියි. ලියාපදිංචි වන ආකාරය සඳහන් කරන්න පුළුවන්ද? පොරොන්දු පත්‍රයක් ලබා ගන්නේ කොහොමද...?
මියගිය පසු අක්ෂි හා පටක දන්දීමට කැමතියි. ලියාපදිංචි වන ආකාරය සඳහන් කරන්න පුළුවන්ද? පොරොන්දු පත්‍රයක් ලබා ගන්නේ කොහොමද...?
අක්ෂි හා ශරීර කොටස් දන්දීමට කැමැත්තෙමි...
මෙම සද්කාර්යය පිළිබඳව ඔබට හෘදයාංගම ස්තූතිය පුදකරන අතරම මටද ඒ සඳහා දායකත්වය ලබාදීමට අවස්ථාවක් ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. පුද්ලයෙකුගේ නිරෝගී පැවැත්ම හෝ ජීවිතය ආරක්ෂා කරදීම උදෙසා මාගේ මරණයත් සමඟ සිරුරේ ගත හැකි සෑම කොටසක්ම පරිත්‍යාග කිරීමට කැමැත්තෙමි.
මගේ මරනයත් සමගම මගේ ශරිරයේ ගතහැකි සියලුම කොටසක්ම දන් දිමට කැමැත්තේමි.
මටත් මගේ ශරීරයේ සියලුම දේවල් දන්දෙන්න ඕනෑ...
මා මිගගිය පසුව මාගේ ශරීරයේ ඇති සියලු දේවල් දන් දීමට කැමතියී. මට අයදුම් පත්‍රයක් එවන්න පුලුවන් ද?
කොහොමද සම්බන්ධ වෙන්නේ .මටත් ඕනේ මේකට සම්බන්ධ වෙන්න
මන් කැමති ශරීරයේ ඇති සියලුම පටක ලබා දෙන්න
මන් කැමති ශරීරයේ ඇති සියලුම පටක ලබා දෙන්න
මගේ මරණයෙන් පසු ශරීරයේ සියලුම කොටස් දන්දීමට කැමැත්තෙමි. අයදුම් පතක් ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි...!!!
මම කැමතියි මේකේ ලියාපදිංචි වෙන්න. ඒ වගේම මගේ අක්ෂි, පටක දන් දීමටද කැමැත්තෙන් සිටිමි...
මා මියගිය පසු ලබාගත හැකි සියලු කොටස් දන් දීමට මා කැමැතියි. මට ඒකට උදව් කරන්න පුළුවන්ද?
මම මැරුණාම කැමැතියි මගේ අවයව දන් දෙන්න. මට ඒකට සහාය වෙන්න...!
මම මැරුණාම කැමැතියි මගේ අවයව දන් දෙන්න. මට ඒකට සහාය වෙන්න...
මම කැමති ලියාපදිංචි වෙන්න. කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ..? අයදුම්පතක් ලබාගන්නේ කොහේද?
මමත් කැමති දන් දීම සඳහා.
මුලු ශරීරයම දන්දීමට කැමැතියි...
මම කැමතියි මම මිය ගිය පසු මගේ මුලු ශරීරයම දන් දෙන්න
ගොඩක් කැමැත්තෙන් ඉන්නේ...
මම කැමැතියි මගේ ඇස් හා පටක තව කෙනෙක් වෙත දන්දෙන්න... එක හෝ ජීවිතයක් බේරාගන්න...
මා කැමතියි මගෙ ඇස් හා පටක දන් දීමට.
සියලුම පටක මරණින් පසු දන් දීමට මාත් කැමතියි.මේක කොහොමද කරන්න ඕනි කියලා දැනුවත් කරන්න.
මට ශරිරයේ සියලු අවයව දන්දෙන්න කැමැතියි...
මම මැරුණු පසු මගේ අවයව දන්දී තවත් අසරණ ජීවිතයක් ජීවත් කරවීමට කැමැත්තෙමි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා..!
මම දින කිපයක ඉඳන් අන්තර්ජාලය මගින් ලියාපදිංචි විමට උත්සාහ කළා. මේ වනවිටත් එය කරගැනීමට නොහැකිවුණා. කරුණාකර කරන්නේ කොහොමද කියලා දෙනවාද?
මම ගොඩක් උත්සාහ කරා අන්තර්ජාලය හරහා ලියාපදිංචි වෙන්න. ඒක බැරි වුණා. මමත් කැමතියි සියලු කොටස් දන්දෙන්න...!
මගෙ ඇස් හා සියලුම පටක දන් දිමට මා කැමැතියි අක්ෂි දාන සංගමය ට මා දං දිමට කැමති බව සදහම් කර ලිවුමක් දැම්ම තම මා හට පිලිතුරක් නොලැබුනි හැකි පමනින් මා හට පිලිතුරක් දෙන්න
ඉතා හොඳ වැඩක්.
මුළු සිරුරම දන්දීම මාගේ කැමැත්තයි.
මා කැමැත්තෙන් සිරුරේ සියලු කොටස් දන් දෙමි.
I like donate my eyes
බොහොම හොඳ වැඩක්. මමත් ලියාපදිංචි වුණා... ඇස් සහ පටක දන්දෙන්න.. එක ෆෝන් එකකින් එක්කෙනාටද ලියාපදිංචි වෙන්න පුළුවන් වෙන්නේ...?
මට දන්දෙන්න අවශ්‍යයි... ලඟම තැනක් හෝ...!
මම කැමතියි මේකේ ලියාපදිංචි වෙන්න. ඒ වගේම මගේ අක්ෂි, පටක දන් දීමටද කැමැත්තෙන් සිටිමි.
මා මියගිය පසු මගේ ඇස් හා පටක දන් දීමට කැමතියි. මට අයදුම්පතක් එවන්න.
මටත් අක්ශි හා පටක දන්දෙන්න ඕනෑ...
මමත් කැමතියි.
මරණින් පසුව අවයව දන්දීමට කැමැතියි.
හොඳයි...
මම කැමැතියි ඔක්කොම දන්දෙන්න...
මාත් සියලු අවයව දන්දෙන්න කැමතියි. මටත් අයදුම්පතක් එවන්න....
මා හට අයැදුම් කිරිමට අයැදුම් පතක් එවන්න. මාත් කැමැති මාගේ සිරුරෙ කොටස් දන්දීමට...
මියගිය පසු මගේ මූලු සිරුරම දන් දිමට කැමැත්තෙමි... ඒ සඳහා අන්තර්ජාලයෙන් අයැදුම්පත් යොමුකළා... ඵය නිවැරැදිද?
මේක ඇත්තටම ලොකු පින්කමක්... මට මේකට ලියාපදිංචි වෙන්න ඕනෑ. කොහොමද ලියාපදිංචි වෙන්නේ?
ඇත්තටම මේක ගොඩක් හොඳ පින්කමක්... මටත් මේකට ලියාපදිංචි වෙන්න ඕනෑ... කොහොමද ලියාපදිංචි වෙන්නේ..?
මමත් කැමැතියි මෙයට සම්බන්ධ වන්න.
මමත් කැමතියි මගේ මුලු සිරුරම දන් දෙන්න මියගිය පසු මටත් අයදුම්පතක් එවන්න...
මටත් මගේ ඇස් දෙක, හදවත, වකුගඩු වගේම තව දෙන්න පුළුවන් හැම ශරීර කොටසක්ම දං දෙන්න ඕනේ. අනේ මට ඒකට අයදුම් පත්‍රයක් ගන්න ඕනේ ලොකු උදව්වක්...!
මුළු සිරුරම දෙන්න කැමතියි. මේක ලොකු පිංකමක්. කරුණාකර මට විස්තර එවන්න...
මම කැමැතියි මගේ සිරුරේ දන් දෙන්න පුළුවන් හැම අවයවයම දන්දෙන්න. ජීවිතයක් බේරගන්න මේවගේ දෙයක් කරන්න ලැබෙන එක ලොකු පිනක්... මටත් අයදුම් පතක් එවන්න.
මාත් කැමැතිම ගේ මුලු ශරිරයම දන්දෙන්න... මටත් අයදුම්පත් එවන්න පුළුවන්ද?
මම කැමැතිම ගේ මුලු ශරිරියම දන් දෙන්න මටත් එවනවද අයදුම් පතක් එවනවද?
මටත් අයදුම් පතක් එවනවද?
මම කැමතිම මුලු ශරිරයම දන් දෙන්න... මටත් අයදුම් පතක් ගන්න ඕනෑ...
මම කැමති මගේ සිරැරම දන් දෙන්න...
මම කැමති මම මියගිය පසු මගේ සියලුම අවයව දන් දෙන්න... මටත් අයදුම්පතක් එවනවාද?
මම කැමති මගේ සිරුරම දන්දෙන්න...!
මාත් කැමැතියි. මම මීට කලින් රේජිස්ටර් වුණා... තාම ඒ පොරොන්දු පිටපත ආවේ නැහැ... දැන් අවුරුදු දෙකක් විතර වෙනවා.
මටත් පොරොන්දු පිටපතක් එවන්න...
මමත් කැමැතියි මගේ සියලුම අවයම දන්දෙන්න...!
මමත් කැමති අවයව දන්දෙන්න... මාවත් ලියාපදිංචි කරගන්න පුළුවන්ද?
මම කැමැති මගේ අවයව දන්දෙන්න. කොහොමද ලියාපදිංචි වෙන්නේ...?
රෙජිස්ටර් වෙන්නේ කොහොමද?
මමත් ගොඩක් කැමති මගේ ශරීරයේ අවයව දන් දෙන්න ඒක ලොකු පිනක් තව කෙනෙක් ජීවත් වෙනවනන් ඒ අවයව අරන් තව මොන සතුටක්ද
මම කැමැතියි මගේ ඇස් සහා ශරීර කොටස් දන්දීමට... මටත් අයැදුම්පතක් එවන්න...
මමත් කැමති මගේ ශරිරයේ අවයව දන් දෙන්න.මටත් අයදුම් පතක් එවන්න
මමත් කැමැතියි...!
ඔන්ලයින් රෙජිස්ටර් වුණාමත්, PDF එකක් විදිහට නේද පොරොන්දු පත්‍රය එන්නේ?
ගොඩක්ම ලොකු පිනක්, මාත් කැමැති මේ පින්කමට දායක වෙන්න, ශරීරයේ කොටස් සියල්ලම දන් දෙන්න...