IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


campbell Avenue හි මහල් නිවාස ව්‍යාපෘතිය නිම කිරීමට Westbury ඉදිරිපත් වෙයි

මීට ටික කලකට පෙර කොළඹ නගරයේ හදවත වැනි ස්ථානයක අරඹා අත් හැර දමා කිසිවකුගේ අවධානය යොමු වී නොතිබුණු  මහල් නිවාස ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට Westbury Residenciesසමාගමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ මුහේස් ඇතුළු කණ්ඩායම ඉදිරිපත්ව සිටී.

ඔවුන් එම අභියෝගය භාර ගත්තේ එම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට ඇති හැකියාව පිළිබඳව විශේෂඥයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවා සැක පළ කළ පසුබිමකය. මුහේස් මහතාගේ අධීක්ෂණයෙන් සහ නායකත්වයෙන් ඇරැඹුණු එම ක්‍රියාවලියත් සමගම Campbell Avenueහි පිහිටි මහල් නිවාස ව්‍යාපෘතියට නව ජීවයක් ලැබෙන්නට විය.

ඉතා තීක්ෂණ ලෙස ඊට අදාළ සැළසුම් සැකසූ එම කණ්ඩායම පළමුවෙන්ම ව්‍යාපෘතිය හා බැඳුණු ඉතිහාසය පිළිබඳව පුළුල් අධ්‍යයනයක නිරත වූහ. ඒ හරහා එහි වැඩි දියුණු කළ යුතු අංශ මොනවාදැයි මැනවින් හඳුනා ගත්හ. පුළුල් වෙළෙඳපොළ සහ ශක්‍යතා අධ්‍යයන සමඟ මෙම ව්‍යාපෘතිය සාර්ථක කිරීමට ඔවුන්ට හැකි විය.

භෞතික වශයෙන් එය යළි නඟා සිටුවීමට අමතරව ඊට අදාළ පාර්ශ්ව තුළ ව්‍යාපෘතිය පිළිබඳව යළි විශ්වාසය ගොඩනැඟීම වැදගත් බව වටහා ගත් Westbury කණ්ඩායම ඒ සඳහා අවශ්‍ය උපායමාර්ගික ක්‍රියාමාර්ගද නොපමාව ගත්තේය‍. ව්‍යාපෘතියට අදාළ සෑම අදියරකදීම විනිවිදභාවයට මුල් තැන දෙමින් වෘත්තිකයන් සහ ව්‍යවසායකයන් ඇතුළු අදාළ පාර්ශ්ව සමඟ විවෘතව සන්නිවේදනය කළ ඔවුහු මූල්‍ය දුෂ්කරතා වැනි අභියෝග ජය ගැනීමට නිර්මාණාත්මක සහ නව්‍ය විසඳුම් ක්‍රියාත්මක කළහ.

Westbury Residenciesඅභියෝග රැසකට සාර්ථකව මුහුණ දෙමින් ඉතා කෙටි කාලයකින් මෙම ව්‍යාපෘතියට නව ජීවයක් දුන් අතර ඒ හරහා ඔවුන්ගේ විශිෂ්ටත්වය වඩාත් තහවුරු විය. Westbury Residencies - Colombo 10 යනුවෙන් නම් කර ඇති මෙම ව්‍යාපෘතිය යහපත් දැක්මක් උදෙසා නොසැළෙන කැපවීමෙන් යුතුව කටයුතු කිරීමෙන් සාර්ථකත්වය ළඟා කර ගත හැකි බවට කදිම සාක්ෂියකි.

-595



අදහස් (0)

campbell Avenue හි මහල් නිවාස ව්‍යාපෘතිය නිම කිරීමට Westbury ඉදිරිපත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site