IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


Vegolicious අධි ප්‍රෝටීන් නූඞ්ල්ස් හා කුකීස් වෙළෙඳපොළට හඳුන්වා දෙයි

ශාක පදනම් කර ගත් මෙරට පළමු ප්‍රෝටීන් ආහාර නිෂ්පාදකයා වන Vegolicious අධි ප්‍රෝටීන් බහු ධාන්‍ය නූඩ්ල්ස් සහ අධි ප්‍රෝටීන් බහු ධාන්‍ය කුකීස් නමින් සිය නවතම නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දෙයි. පෝෂණය, රසය සහ තිරසාරත්වය ප්‍රමුඛ කර සලකන එම සමාගම සමබල පෝෂණයක් ගෙනෙන රසයෙන් සහ ගුණයෙන් සපිරි විකල්ප ආහාර නිපදවයි.
 බහු ධාන්‍ය නූඩ්ල්ස් සාමාන්‍ය නූඩ්ල්ස් වෙනුවට පරිභෝජනය කළ හැකි ප්‍රෝටීන් සහ තන්තු බහුල ආදේශකයකි. පුළුල් අධ්‍යයන හරහා තෝරා ගත් මාෂ බෝග, රනිල බෝග, ධාන්‍ය වර්ග යොදා පිළියෙළ කර ඇති මෙම නූඩ්ල්ස් ග්‍රෑම් 100ක ප්‍රෝටීන් ග්‍රෑම් 17.8ක් සහ තන්තු ග්‍රෑම් 5ක් අඩංගු වේ. මෙම නූඩ්ල්ස් පරිභෝජනයෙන් අත්‍යවශ්‍ය පෝෂණ අවශ්‍යතා සපුරා ගත හැකිය. ක්‍රියාශීලී ජීවන රටාවක් සහිත සෞඛ්‍යවත් ආහාර වේලක් අවශ්‍ය ඕනෑම අයෙකුට මෙම නූඩ්ල්ස් ඉතා සුදුසු වේ.
බහු ධාන්‍ය චොක්ලට් චිප් කුකීස් කොකෝවා, චොක්ලට් චිප්ස් සහ ප්‍රෝටීන් අතිරේක යොදා ගෙන නිපදවා තිබේ. ඉදුණු කෙසෙල්, ඕට්ස්, පැළෑටි පදනම් කර ගත් ප්‍රෝටීන් යොදා සකසා ඇති බහු ධාන්‍ය බනානා ඕට්ස් කුකීස් සීනි රහිත සහ පෝෂණීය අතිරේක ආහාරයකි. ස්වාභාවික පැණි රසයෙන් යුතු අතිරේක ආහාර ප්‍රිය කරන අයට බහු ධාන්‍ය රට ඉඳි කුකීස් හඳුන්වා දී ඇත. තන්තු, පොටෑසියම්, මැග්නීසියම්, ප්‍රති ඔක්සිකාරකවලින් අනූන මෙම නිෂ්පාදන සෞඛ්‍යමය වාසි රැසක් ගෙන දෙයි. සිය නිෂ්පාදන පෙළ නිරන්තරයෙන් පුළුල් කරන Vegolicious  සමාගම ඉදිරියේදී Vegolicious පැස්ටා, Vegolicious  පපඩම්, Vegolicious  බහු ධාන්‍ය කජු සහ රටකජු කුකීස් වැනි නිෂ්පාදන රැසක් හඳුන්වා දීමට නියමිතය. දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිති අනුගමනය කරමින් නිෂ්පාදනවල තත්වය සහ සුරක්ෂිත බව සහතික කරන එම සමාගමේ දැක්ම රසයට හානියක් නොවන පරිදි නිෂ්පාදනය කළ සෞඛ්‍යවත් ආහාර වෙළෙඳපොළට නිකුත් කිරීමයි. අත්දැකීම් බහුල ආහාර විද්‍යාඥයන් සහ පර්යේෂකයන් මෙම ආහාර නිපදවා ඇත. 



අදහස් (0)

Vegolicious අධි ප්‍රෝටීන් නූඞ්ල්ස් හා කුකීස් වෙළෙඳපොළට හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site