IMG-LOGO

Uber සමාගමෙන් 2024 වසරේදී රු.බි. 160 ක ආර්ථික ක්‍රියාකාරකම්

Uber සහ Uber Eats මගින් ජනනය වූ පාරිභෝගික අතිරික්තය රු. බිලියන 338 ඉක්මවයි 
රියැදුරන් සහ ඩිලිවරි සේවා හවුල්කරුවන්, ඔවුන්ට තිබූ ඊළඟ ජීවනෝපායමය විකල්පයට සාපේක්ෂව සියයට 24 ක් වැඩි ආදායමක් Uber උපයා ඇත. 
ප්‍රාදේශීය අවන්හල් සහ අලෙවිසැල් වෙනුවෙන් ලබාදුන් අතිරේක වටිනාකම් දායකත්වය රු. බිලියන 3.6 ක් 


ප්‍රධාන කළමනාකාරිණී (ගමනාගමන) කෞශල්‍ය ගුණරත්න සහ  ප්‍රධාන කළමනාකරු (ප්‍රවාහන) වරුන් විජයවර්ධන

nUber සමාගමේ 2024 වසරේ ශ්‍රී ලංකා ආර්ථික බලපෑම් වාර්තාවේ (2024 Sri Lanka Economic Impact Report)) සඳහන් ප්‍රධාන කරුණු රැසක් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදී. මෙම වාර්තාවට අනුව Uber සහ Uber Eats විසින් පසුගිය වසරක කාලය තුළ ආර්ථික ක්‍රියාකාරකම් ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දක්වන ලද දායකත්වය රු. බිලියන 160 කට අධිකය. මෙම වාර්තාව පිළියෙළ කරන ලද්දේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති පර් යේෂණ සමාගමක් වන Public First විසිනි.
පසුගිය වසර කිහිපය තුළ ජනතාව ගමන් බිමන්වල යෙදෙන ආකාරය මෙන්ම ආහාරපාන හා එදිනෙදා භාණ්ඩ ඇණවුම් කරන ආකාරය පූර්ණ වෙනසකට ලක්කිරීමට Uber සමත් වී ඇත. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මිදෙමින් සිටින මෙවන් යුගයක ගමනාගමන හා ප්‍රවාහන සේවා සුරක්ෂිත හා ලාබදායී කිරීමෙන්  රටට ආර්ථික වර්ධනය ළඟා කරගැනීමට අත්වැලක් වීමට Uber සමාගමට හැකි වී තිබේ. 
වාර්තාවේ සඳහන් කරුණු අතරින් ප්‍රධාන කරුණු කිහිපයක් පහත දක්වා ඇත. 
Uber මගින් ලබාදෙන සේවා හුදෙක් එම සේවාව සමග එක් වී සිටින ප්‍රවාහන සේවා සපයන්නන්ට සහ ආපනශාලාවලට පමණක් නොව සමස්තයක් ලෙස රටේ තවත් කාණ්ඩ රැසකට ප්‍රතිලාභ අත්කර දෙයි. පසුගිය වසර තුළ Uber සහ Uber Eats සේවා මගින් ජනනය වූ පාරිභෝගික අතිරික්තය රු. බිලියන 338 ක් විය. මෙම සමීක්ෂණයට අදාළ වර්ෂය තුළ අමතර වටිනාකම් වශයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක සේවා කර්මාන්තයට Uber ලබාදුන් දායකත්වය රු. බිලියන 16 කි. ලාංකික රියදුරන් සහ බෙදාහැරීමේ හවුල්කරුවන් පසුගිය වසරක කාලය තුළ තම රථවාහන නඩත්තු කිරීම සඳහා දේශීය ව්‍යාපාරවලට රුපියල් මිලියන 660 කට වැඩි මුදලක් ගෙවා ඇත.
2015 වසරේදී ශ්‍රී ලංකාව තුළ තම ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව Uber මෙරට රියදුරන්ට සහ ඩිලිවරි සේවා හවුල්කරුවන්ට තම ආදායම වැඩි කරගැනීමට අවස්ථා උදා කර දෙමින්, අභියෝගකාරී අවස්ථාවලදී පවා මෙරට පවුල්වලට මූල්‍යමය රැකවරණයක් හිමි කර දී තිබේ. 2024 වසරේදී රියදුරන්ට සහ ඩිලිවරි සේවා හවුල්කරුවන්ට, ඔවුන්ට තිබූ ඊළඟ ජීවනෝපායමය විකල්පයට සාපේක්ෂව සියයට 24 ක් වැඩි ආදායමක් Uber හරහා ඉපයීමට හැකියාව ලැබිණි. Uber app හරහා ජීවනෝපාය මාර්ගවල නිරත වීමෙන් තම පවුල්වලට ආර්ථික අර්බුදයට මුහුණ දීම පහසු වූ බව සෑම රියදුරන් 10 දෙනකු අතරින් 7 දෙනෙක්ම පැවසූ. වෙනත් ක්‍රමයකින් ඔවුන්ට අත්කර ගැනීමට නොහැකි වීමට ඉඩ තිබූ ස්ථාවරත්වයක් අත්විඳීමට තමන්ට හැකි වූ බව සියයට 60 ක ප්‍රතිශතයක් පැවසූහ. 
Uber විසින් විවිධ මිල පරාස යටතේ ජනතාවට සුරක්ෂිත, විශ්වසනීය සහ සහනදායී ප්‍රවාහන විසඳුම් සපයන ලදි. 2024 වසරේදී තම සේවාව භාවිත කරන්නන් වෙනුවෙන් Uber ඉතිරි කර දුන් කාලය පැය මිලියන 1.2 කි. මගීන් අතරින් සියයට 79 ක් රැකියා ස්ථාන කරා ගමන් කිරීමට Uber සේවා භාවිත කර තිබූ අතර සියයට  65 ක් පැවසුවේ තමන් හදිසි අවස්ථාවලදී Uber app භාවිත කළ බවයි. Uber app තුළ තෝරාගැනීම් කිහිපයක් ඇති නිසා, අතේ ඇති මුදල අනුව ගමනාගමන විසඳුම් තෝරාගැනීමට හැකි වූ බව මගීන් අතරින් සියයට 67 ක් පැවසූහ. මෙම විසඳුම් අතරින් වැඩිම ජනප්‍රියත්වයක් පෙන්නුම් කර ඇත්තේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සේවාය. 
සරල පියවර කිහිපයකින් තමන්ට අවශ්‍ය භාණ්ඩ තමන් වෙතටම ගෙන්වා ගැනීමට අවස්ථාව සලසා දෙන Uber සහ Uber Eats, මෙරට ජනතාව සහ ඔවුන් ජීවත් වන ප්‍රදේශ අතර සම්බන්ධතාව තර කරමින් සිටී. Uber Eats ශ්‍රී ලංකාව පුරා ආපනශාලා සහ වෙෙළඳුන් වෙනුවෙන් ලබාදුන් අමතර වටිනාකම් දායකත්වය රු. බිලියන 3.6 කි. (ආපනශාලාවලට සහ වෙළඳුන්ට රුපියල් බිලියන 3.6 ක අමතර වටිනාකමක් ලබා දීමෙන් කුඩා ව්‍යාපාර වර්ධනයට දායක විය). තමන් Uber Eats සේවාව හරහා කුඩා පරිමාණ හෝ පවුලක හිමිකාරීත්වය යටතේ පවතින ආපනශාලා වෙතින් ආහාරපාන ඇණවුම් කළ බව සියයට 89 ක ප්‍රතිශතයක් පැවසූහ. පාරිභෝගිකයන් අතරින් සියයට 84 ක් තමන් සාමාන්‍යයෙන් නිවසේදී පිළියෙළ නොකරන ආහාරපාන ඇණවුම් කර තිබූ අතර, සියයට 81 ක් තම වියදම් සීමාවට ගැළපෙන එදිනෙදා භාණ්ඩ සහ වෙනත් භාණ්ඩ  Uber Eats හරහා ගෙන්වාගත් බව පැවසූහ. 

 



අදහස් (0)

Uber සමාගමෙන් 2024 වසරේදී රු.බි. 160 ක ආර්ථික ක්‍රියාකාරකම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 343 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 888 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site